The Leader News
BREAKING
ඇමෙරිකානු පශු සම්පතට තර්ජනයක් වූ මස් කන පරපෝෂිතයා●අලි-මිනිස් අර්බුදයට හමුදා රැකවල්: 'හස්ති සේනා' නීතිගත කිරීමේ සූදානමක්●ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල ඉහළ යෑමෙන් කර්මාන්තය අර්බුදයක●අයවැය, ආර්ථිකය සහ ගංවතුර ගැන විපක්ෂයෙන් අනතුරු ඇඟවීමක්●'ත්‍රස්තවාදය' යන උරචක්‍රමාලාව සහ දේශපාලනය | රංජිත් හේනායකආරච්චි●Nvidia ප්‍රධානියාගේ පෞද්ගලික පැටලැවිල්ලක් ලෝක AI බල අරගලයකට  ●සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට රජයෙන් වැදගත් සංශෝධන කිහිපයක්●කවාජාගේ හෙළිදරව්ව සත්‍යයක්: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණය වෝනර්ගෙන් විවේචනයට●ඉමාන් කලීෆ්: සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාව නැවතත් තරග බිමට!●නදී වාසලමුදලිආරච්චිගේ 'කුවණ්ණා' ජනවාරි 1 සිට තිරයට●
Top Ad
විදේශ

ඇමෙරිකානු පශු සම්පතට තර්ජනයක් වූ මස් කන පරපෝෂිතයා

Pasan

Pasan

November 9, 2026 • 9:42 PM

ඇමෙරිකානු පශු සම්පතට තර්ජනයක් වූ මස් කන පරපෝෂිතයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැනමා වනාන්තරයෙන් ඇරඹි ජීව විද්‍යාත්මක අනතුර ජීවී සතුන්ගේ සිරුරේ මස් කා දමන 'නව ලෝක Screwworm' හෙවත් මස් කන පරපෝෂිත පණුවන් නිසා උතුරු ඇමෙරිකානු කලාපයේ පශු සම්පත දැඩි අවදානමකට ලක්ව තිබේ.
  • පැනමාවේ ඝන වනාන්තර ප්‍රදේශය උතුරු ඇමෙරිකාව ආරක්ෂා කළ ස්වභාවික පවුරක් ලෙස වසර ගණනාවක් පැවතුණි.
  • මෙක්සිකෝව තුළ මේ වන විට සත්ව ආසාදන 51,000ක් සහ එක්සත් ජනපදයේ ආසාදන 120ක් වාර්තා වී හමාරය.
  • Screwworm කීටයන් පසුව මැස්සන් බවට පත් වේ 1960 දශකයේ සාර්ථකව මෙම උපද්‍රවය පාලනය කළ ආකාරයටම වත්මන් ව්‍යාප්තිය පාලනය කිරීමට නම් සතියකට වඳ මැස්සන් මිලියන 500ක් අවශ්‍ය බව විශේෂඥයන්ගේ නිගමනයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පැනමා වනාන්තරයෙන් ඇරඹි ජීව විද්‍යාත්මක අනතුර

ජීවී සතුන්ගේ සිරුරේ මස් කා දමන 'නව ලෝක Screwworm' හෙවත් මස් කන පරපෝෂිත පණුවන් නිසා උතුරු ඇමෙරිකානු කලාපයේ පශු සම්පත දැඩි අවදානමකට ලක්ව තිබේ.

සාමාන්‍ය මැස්සන් මළකුණු මත බිත්තර දැමුවද, මෙම මැස්සා ජීවී සතුන්ගේ සීරීම් හෝ කුඩා තුවාල මත බිත්තර දමයි. එම බිත්තරවලින් පිටවන කීටයන් සත්වයාගේ ජීවී මස් අනුභව කරමින් ශරීරය විනාශ කර දමන්නේ දින කිහිපයකිනි.

පැනමාවේ ඝන වනාන්තර ප්‍රදේශය උතුරු ඇමෙරිකාව ආරක්ෂා කළ ස්වභාවික පවුරක් ලෙස වසර ගණනාවක් පැවතුණි. 2023 මුල් භාගයේදී එම බාධකය බිඳවැටීමත් සමග, මෙක්සිකෝව හරහා එක්සත් ජනපදය දෙසට මෙම පරපෝෂිතයා පැතිර ගියේය. මෙක්සිකෝව තුළ මේ වන විට සත්ව ආසාදන 51,000ක් සහ එක්සත් ජනපදයේ ආසාදන 120ක් වාර්තා වී හමාරය.

වඳ මැස්සන්ගේ බිඳවැටුණු සැපයුම් ජාලය

මෙම පරපෝෂිත උවදුර මැඩපැවැත්විය හැකි එකම ක්‍රමය වන්නේ රසායනාගාරවල පිරිමි මැස්සන් කෘත්‍රිමව වඳභාවයට පත්කර (Sterile flies) ගුවනින් විශාල වශයෙන් පරිසරයට මුදාහැරීමයි. ස්වභාවික ගැහැනු මැස්සන් මෙම වඳ පිරිමි මැස්සන් සමග සංසර්ගයේ යෙදුණු විට බිත්තර මෝරන්නේ නැති අතර, ගහනය ක්‍රමයෙන් වඳ වී යයි.

A larvae

Screwworm කීටයන් පසුව මැස්සන් බවට පත් වේ

1960 දශකයේ සාර්ථකව මෙම උපද්‍රවය පාලනය කළ ආකාරයටම වත්මන් ව්‍යාප්තිය පාලනය කිරීමට නම් සතියකට වඳ මැස්සන් මිලියන 500ක් අවශ්‍ය බව විශේෂඥයන්ගේ නිගමනයයි.

පැනමාව සහ මෙක්සිකෝව එක්ව මේ වන විට සතියකට නිපදවන්නේ මැස්සන් මිලියන 150ක් පමණි. සතියකට අවශ්‍ය ප්‍රමාණයෙන් තුනෙන් එකක්වත් නොලැබීම හේතුවෙන් මෙක්සිකෝවේ ප්‍රාන්ත 27ක ගව පාලන කලාප ආක්‍රමණය කිරීමට මෙම පරපෝෂිතයාට ඉඩ ලැබිණි.

රාජ්‍යතාන්ත්‍රික පමාව සහ දේශසීමා ආර්ථික අර්බුදය

එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ පැවති මැතිවරණ, රාජ්‍ය බල හුවමාරු සහ අරමුදල් නිදහස් කිරීමේ නිලධාරිවාදී බාධා හේතුවෙන් වඳ මැස්සන් නිපදවන කර්මාන්තශාලා පුළුල් කිරීමේ කටයුතු සැලකිය යුතු ලෙස ප්‍රමාද විය. මෙක්සිකෝවේ ක්ලෝඩියා ෂෙයින්බෝම් පාලන තන්ත්‍රය යටතේ මෙටාපා මධ්‍යස්ථානය විවෘත කිරීමට පවා වසර එකහමාරකට වැඩි කාලයක් ගත විය.

ආසාදන පැතිරීම පාලනය කරනු පිණිස ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් මෙක්සිකෝවෙන් ගවයන් ගෙන්වීම මාස 15කට වැඩි කාලයක් නතර කර දැමීය. ඩොලර් බිලියන ගණනක දේශසීමා පශු වෙළෙඳාම මුළුමනින්ම අඩාල කිරීමට මෙම තීරණය හේතු විය.

මෑතකදී ඇතැම් දේශසීමා පිවිසුම් හරහා ගව ආනයනය යළි ආරම්භ කළද, ටෙක්සාස් ඇතුළු ඇමෙරිකානු ගොවිපළ තුළින් නව ආසාදන හමුවීම අවදානම පහව ගොස් නැති බව පෙන්නුම් කරයි.

ටෙක්සාස් බලාපොරොත්තුව සහ අනාගත අභියෝගය

වත්මන් තත්ත්වය හමුවේ එක්සත් ජනපදයට තමන්ගේම කියා වඳ මැස්සන් නිපදවන කිසිඳු මධ්‍යස්ථානයක් නොමැත. අවශ්‍ය මැස්සන් ප්‍රමාණය ලබාගැනීමට ඔවුන්ට තවමත් පැනමාව සහ මෙක්සිකෝව මත යැපීමට සිදුව ඇත.

ටෙක්සාස් ප්‍රාන්තයේ එඩින්බර්ග් හි ඩොලර් මිලියන 610ක වියදමින් නවීන නිෂ්පාදනාගාරයක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 250ක් වැය කිරීමට යෝජනා වී තිබේ. කෙසේ වෙතත්, එම මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු 2027 අප්‍රේල් දක්වා ආරම්භ කළ නොහැක.

ජීව විද්‍යාත්මක සැපයුම් ජාලයේ පවතින හිඟය හමුවේ, මෙම මස් කන පරපෝෂිතයා සම්පූර්ණයෙන්ම මර්දනය කර නැවත පැනමාව දක්වා පලවා හැරීමට තවත් දශකයක පමණ කාලයක් ගතවනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය:

Reuters පුවත් සේවය: How the US was left exposed to the flesh-eating screwworm, years into the outbreak

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...