BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

විලාසිතා ලොව රජු GIORGIO ARMANI අභාවය වෙනුවෙන් මිලාන් නගරයේ ශෝක දිනයක්

T

The Leader Desk

September 7, 2025 • 5:51 AM

විලාසිතා ලොව රජු GIORGIO ARMANI අභාවය වෙනුවෙන් මිලාන් නගරයේ ශෝක දිනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 20 වැනි සියවසේ අගභාගයේ විලාසිතා ලොව ප්‍රවීනයෙකු වූ එම විෂයයෙහි ප්‍රකට, කීර්තිමත් පුරෝගාමියකු වූ ජෝර්ජියෝ අර්මානි පසුගිය 4 වැනිදා මිලාන්හි දී මිය ගියේය.
  • ඔහුගේ අභාවය වෙනුවෙන් ඉතාලියේ මිලාන් මහ නගර සභාව එළැඹෙන සඳුදා නගර ශෝක දිනයක් බව ප්‍රකාශ කර ඇත.
  •   ඉතාලි විලාසිතාවල අපුර්වත්වය ලොවට ගෙන ගිය දැවැන්ත විලාසිතා නිර්මාණ ශිල්පියකු ලෙස ජෝර්ජියෝ අර්මානී ලොව සුපතලය.
  • අර්මානී සමාගම වසරකට පවුම් බිලියන 2 කට වඩා ආදායමක් උපයන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මිය යන විට ඔහු 91 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහුගේ අභාවය වෙනුවෙන් ඉතාලියේ මිලාන් මහ නගර සභාව එළැඹෙන සඳුදා නගර ශෝක දිනයක් බව ප්‍රකාශ කර ඇත.

 

armani6

ඉතාලි විලාසිතාවල අපුර්වත්වය ලොවට ගෙන ගිය දැවැන්ත විලාසිතා නිර්මාණ ශිල්පියකු ලෙස ජෝර්ජියෝ අර්මානී ලොව සුපතලය. අර්මානී සමාගම, කාන්තා සහ පිරිමි විලාසිතාවලට පමණක් සීමාවූවක් නොවේ. රූපලාවන්‍ය, සුවඳ විලවුන්, සංගීතය, ක්‍රීඩා උපකරණ සහ සුඛෝපභෝගී හෝටල් දක්වා ව්‍යාප්ත වී අවසන්ය. අර්මානී සමාගම වසරකට පවුම් බිලියන 2 කට වඩා ආදායමක් උපයන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ජෝර්ජියෝ අර්මානී උපන්නේ, 1934 ජූලි 11 වන දින ඉතාලියේ පියචෙන්සා නුවරදීය. මුලදී ඔහුට විලාසිතා ගැන කිසිදු ආකාරයක උනන්දුවක් තිබුණේ නැතැයි පැවැසෙයි. අර්මානි මුලින්ම වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා වෛද්‍ය විද්‍යාලයට ගියත්, පසුව ඔහු ඉතාලි හමුදාවට බැඳුනු බැවින් එය අතහැර දැමුවේය.

armani3
අර්මානී, විලාසිතා ක්ෂේත්‍රයට යොමු වූයේ හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පසුවය. මුලින්ම ඔහු ජනේල සැරසිලිකරුවෙකු ලෙසත්, පසුව ඔහු ව්‍යාපාරික නිනෝ සෙරුටි යටතේ පිරිමි ඇඳුම් නිර්මාණ ශිල්පියකු ලෙසත් කටයුතු කළේය. අර්මානී, ඔහුගේ අර්මානී සමාගම ආරම්භ කළේ 1975 වසරේදීය.

ජෝර්ජියෝ අර්මානි අවිවාහකය. ඔහුට දරුවන් නැත. ඔහුගේ ජීවන සහකරු වූයේ වාස්තු විද්‍යාඥයෙකු සහ නිර්මාණ ශිල්පියකු වූ සර්ජියෝ බෙලින්සාගි බව ලොවට රහසක් නොවෙයි. බෙලින්සාගි 1985 දී අභාවප්‍රාප්ත විය. බෙලින්සාගිගේ මරණය සම්බන්ධයෙන් අර්මානි ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇත්තේ එය තමාට දරාගත නොහැකි අඩුවක් බවය.

රොසන්නා අර්මානි යනු ජෝර්ජියෝ අර්මානිගේ සොහොයුරියයි. ඇය පවුලේ විලාසිතා ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටී. ජෝර්ජියෝ අර්මානිගේ ලේලිය සහ බෑණා ද ව්‍යාපාර කටයුතු මෙහෙයවීම සිදු කරන බව පැවැසෙයි.

අර්මානිගේ උරුමය ඔහුගේ විලාසිතා අධිරාජ්‍යය පමණක් නොව, ලොව පුරා පිරිමි සහ කාන්තා විලාසිතා අලුත් මඟකට යොමු කිරීමට අර්මානිගේ සමත් විය. ජෝර්ජියෝ අර්මානිගේ අභාවය සම්බන්ධයෙන් ලෝක බලවතුන් පවා සොව පළ කර ඇත.

ඔහුගේ අභාවය පිළිබඳ ජෝර්ජියෝ අර්මානි සමාගම නිවේදනයක් නිකුත් කර තිබිණි.

armani5
“මෙම පවුල ආරම්භ කර පෝෂණය කළ තැනැත්තා විසින් ඉතිරි කරන ලද හිස්බව අපට දැනේ. නමුත් අර්මානි සමඟ සැමවිටම වැඩ කළ සේවකයන් සහ පවුලේ සාමාජිකයන් වන අපි, ඔහු ගොඩනඟන ලද දේ ආරක්ෂා කිරීමට සහ ඔහුගේ සමාගම ඉදිරියට ගෙන යෑමට, ගෞරවයෙන්, වගකීමෙන් සහ ආදරයෙන් කැපවී සිටිමු . ඒ ඔහුගේ ආත්මය තුළය,” ලෙස එම නිවේදනයේ දැක්වේ.

ජෝර්ජියෝ අර්මානි ගේ අවමංගල්‍ය කුටිය සෙනසුරාදා සහ ඉරිදා අර්මානි/ටීට්‍රෝ හි , වියා බර්ගොග්නෝන් 59 හි තැම්පත් කර තිබේ. එය පෙ.ව. 9 සිට ප.ව. 6 දක්වා විවෘතව පවතින බව ද සමාගම නිවේදනය කර තිබේ.

මෙය පෞද්ගලික අවමංගල්‍යය උත්සවයක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ අර්මානිගේ අවසන් කැමැත්තට අනුවය.

(සටහන - විදෙස් වාර්තා ඇසුරෙනි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...