BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

'Hands Off': ඇමෙරිකාවේ නගර පුරා ට්‍රම්ප්ට එරෙහිව දැවැන්ත විරෝධතා

T

The Leader Desk

April 7, 2025 • 4:23 PM

'Hands Off': ඇමෙරිකාවේ නගර පුරා ට්‍රම්ප්ට එරෙහිව දැවැන්ත විරෝධතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ට්‍රම්ප්ට තම විරෝධය පළ කිරීම සඳහා සෙනසුරාදා ඇමෙරිකාව පුරා නගරවලට විරෝධතාකරුවන් විශාල පිරිසක් රැස්ව සිටියහ.
  • "හෑන්ඩ්ස් ඕෆ්" විරෝධතා සැලසුම්කරුවන්ගේ ඉලක්කය වූයේ එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50ම ආවරණය වන පරිදි ස්ථාන 1,200ක පෙළපාලි පැවැත්වීමටයි.
  • බොස්ටන්, චිකාගෝ, ලොස් ඇන්ජලීස්, නිව්යෝර්ක් සහ වොෂින්ටන් ඩීසී ඇතුළු අනෙකුත් නගරවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විරෝධතා සඳහා එක් රැස්ව සිටියහ.
  • ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය හේතුවෙන් සමාජීය හා ආර්ථික යන අංශ දෙකෙන්ම තමන් අපහසුතාවට පත්ව සිටින බව විරෝධතාකරුවෝ පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනවාරි මාසයේදී ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඔහුට එරෙහිව එල්ල වූ විශාලතම විරෝධතාව මෙයයි.

"හෑන්ඩ්ස් ඕෆ්" විරෝධතා සැලසුම්කරුවන්ගේ ඉලක්කය වූයේ එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50ම ආවරණය වන පරිදි ස්ථාන 1,200ක පෙළපාලි පැවැත්වීමටයි. බොස්ටන්, චිකාගෝ, ලොස් ඇන්ජලීස්, නිව්යෝර්ක් සහ වොෂින්ටන් ඩීසී ඇතුළු අනෙකුත් නගරවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විරෝධතා සඳහා එක් රැස්ව සිටියහ.

ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය හේතුවෙන් සමාජීය හා ආර්ථික යන අංශ දෙකෙන්ම තමන් අපහසුතාවට පත්ව සිටින බව විරෝධතාකරුවෝ පැවසූහ.

ලොව පුරා බොහෝ රටවල්වලට ඇමෙරිකාව ආනයනික තීරුබදු පනවන බවට ට්‍රම්ප් කළ නිවේදනයෙන් දින කිහිපයකට පසු, ලන්ඩන්, පැරිස් සහ බර්ලිනය ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත නගරවල ද විරෝධතා පැවැත්විණි.

dry546h| ලන්ඩනයේ පැවති විරෝධතාවයකදී විරෝධතාකරුවෙක් ට්‍රම්ප්ගේ ස්වරූපයට සමාන වැසිකිළි පිරිසිදු කිරීමේ බුරුසුවක් අතැතිව - Getty Images
rt56yt| පැරිසියේ විරෝධතාකරුවෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද පුවරු ඔසවාගෙන ඊට එක් වූහ.- AFP via Getty Images
ඇමෙරිකා එක්සත් ජනපද විශ්වවිද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීම් සහ පිටුවහල් කිරීමේ ක්‍රියාමාර්ගවලට තුඩු දුන් ආගමන වැටලීම්, මෙලෙස විරෝධතා පැවැත්වීමට තමන් පෙළඹවූ බව බොස්ටන්හි ඇතැම් විරෝධතාකරුවන් පවසා තිබේ.

පසුගිය මාසයේදී බොස්ටන්හි ටෆ්ට්ස් විශ්වවිද්‍යාලය අසලදී මුහුණු ආවරණය කරගත් ඇමෙරිකානු ආරක්ෂක නියෝජිතයන් පිරිසක් විසින් විදෙස් ජාතික ශිෂ්‍යාවක් වන තුර්කියේ රුමේසා ඔස්ටුර්ක් අත්අඩංගුවට ගැනීම කැමරාවක පටිගතවී තිබූ අතර එම සිදුවීම විරෝධතාවයට එක් වීම සඳහා තමන් ව පෙළඹ වූ බව නීති ශිෂ්‍යාවක් වන කේටි ස්මිත් බීබීසී ය වෙත පැවසුවාය.

"මේකට විරුද්ධව ඔබට අද නැගිටින්න පුළුවන්, නැත්නම් හෙට ඔබවත් අරන් යයි. මම සාමාන්‍යයෙන් විරෝධතා දක්වන ගැහුනු ළමයෙක් නෙමෙයි. " ඇය පැවසුවාය.

ලන්ඩනයේදී විරෝධතාකරුවන් "WTAF America?", "මිනිසුන්ට රිදවීම නවත්වන්න" සහ "ඔහු මෝඩයෙක්" යනුවෙන් දැක්වෙන විරෝධතා පුවරු ඔසවාගෙන සිටියහ.

ට්‍රම්ප් විසින් ඇමෙරිකා විදේශ ප්‍රතිපත්තියේ කර ඇති වෙනස්කම් ගැන සඳහන් කරමින් "කැනඩාවට අත නොතබනු", "ග්‍රීන්ලන්තයට අත නොතබනු" සහ "යුක්රේනයට අත නොතබනු" යනුවෙන් ඔවූහූ හඬ නැගූහ. ට්‍රම්ප් නැවත නැවතත් කැනඩාව සහ ග්‍රීන්ලන්තය පාලනය කිරීමට උනන්දුවක් දැක්වූ අතර, ඔහු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සමඟ ප්‍රසිද්ධ ආරවුලකට ද පැටලුණු අතර යුක්රේනය සහ රුසියාව අතර සාම ගිවිසුමක් ඇති කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක නිරත වෙමින් සිටියි.

වොෂින්ටන් ඩීසී හි සිටි විරෝධතාකරුවන් දහස් ගණනක් ඩිමොක්‍රටික් නීති සම්පාදකයින්ගේ කතා නැරඹීමට රැස් වූහ. බොහෝ දේශනවල ට්‍රම්ප් පරිපාලනය තුළ ධනවත් පරිත්‍යාගශීලීන් විසින් ඉටු කරන ලද කාර්යභාරය කෙරෙහි, විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ලෙස සේවය කර වියදම් සහ ෆෙඩරල් ශ්‍රම බලකාය කපා හැරීමේ උත්සාහයට නායකත්වය දෙන එලොන් මස්ක් ගැන අවධානය යොමු කර තිබිණි.

"අපේ රජය බිලියනපතියෙකු විසින් අත්පත් කර ගත්තා" යනුවෙන් පවසමින් ෆ්ලොරිඩා කොන්ග්‍රස් සභික මැක්ස්වෙල් ෆ්‍රොස්ට් එය හෙළා දුටුවේය.

"ඔබ ජනතාවගෙන් සොරකම් කරන විට, ජනතාව නැගී සිටිනවා කියන එක අපේක්ෂා කරන්න. ඡන්ද පෙට්ටියේදී සහ වීදිවලදී," ඔහු හඬ නගා පැවසුවේය.

ජනාධිපතිවරයාට සහ ඔහුගේ නිලධාරීන්ට දුෂ්කර සතියකින් පසුව මෙම විරෝධතා ඇති විය. අඟහරුවාදා ෆ්ලොරිඩාවේ පැවති විශේෂ මැතිවරණයකින් රිපබ්ලිකන් පක්ෂය ජයග්‍රහණය කළ නමුත්, ඒ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයකින්ය. විස්කොන්සින්හි, ඡන්දදායකයින් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ඩිමොක්‍රටික් විනිසුරුවරයෙකු තෝරා ගත් අතර, මස්ක්ගේ සහාය ලත් රිපබ්ලිකන් අපේක්ෂකයා සියයට 10 කට ආසන්න ඡන්ද ප්‍රතිශතයකින් ප්‍රතික්ෂේප වී තිබිණි.

ප්‍රාන්ත දෙකෙහිම, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සහ එලොන් මස්ක්ගේ බලපෑම කෙරෙහි ඡන්දදායකයින්ගේ කලකිරීම කෙරෙහි ඩිමොක්‍රටික් පක්ෂය අවධානය යොමු කර ඇත.

ft546| වොෂින්ටන් ඩීසී හි පැවති විරෝධතාවයට දහස් ගණනක් ජනයා රැස් වූහ
ty45674| ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටි ස්ථානයට ආසන්න ෆ්ලොරිඩාවේ වෙස්ට් පාම් බීච් හි විරෝධතාවක් පැවැත්විණි
සමහර මත විමසුම්වලින් පෙනී යන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති අනුමත කිරීමේ ශ්‍රේණිගත කිරීම තරමක් පහත වැටෙමින් ඇති බවයි.

මෙම සතිය මුලදී නිකුත් කරන ලද රොයිටර්/Ipsos මත විමසුමකින් හෙළි වූයේ ඔහුගේ අනුමත ශ්‍රේණිගත කිරීම 43% දක්වා පහත වැටී ඇති බවයි, එය ජනවාරි මාසයේ ට්‍රම්ප් ඔහුගේ දෙවන ධූර කාලය ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ අඩුම අගයයි. ජනවාරි 20 වන දින ඔහු ධූරයේ දිවුරුම් දෙන විට, ඔහුගේ අනුමත ශ්‍රේණිගත කිරීම 47% ක් විය.

එම මත විමසුමෙන්ම හෙළි වූයේ ඇමෙරිකානුවන්ගෙන් 37% ක් ඔහු ආර්ථිකය හසුරවන ආකාරය අනුමත කරන අතර 30% ක් එක්සත් ජනපදයේ ජීවන වියදමට මුහුණ දීම සඳහා ඔහු අනුගමනය කළ උපාය මාර්ගය අනුමත කරන බවයි.

හාවඩ් කැප්ස්/හැරිස් විසින් මෑතකදී කරන ලද තවත් මත විමසුමකින් හෙළි වූයේ ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් 49% ක් ට්‍රම්ප්ගේ ධුරයේ ක්‍රියාකාරීත්වය අනුමත කරන බවයි, එය පසුගිය මාසයේ 52% ක්ව පැවැති ප්‍රතිශතයේ සිට පහළ වැටීමකි. කෙසේ වෙතත්, එම මත විමසුමෙන්ම පෙනී ගියේ ඔහු ජනාධිපති ලෙස ජෝ බයිඩන්ට සාපේක්ෂව හොඳින් කටයුතු කරන බව ඡන්දදායකයින්ගෙන් 54% ක් විශ්වාස කරන බවයි.

"අපිට අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි වන නිසා" තමන් විරෝධතාවට එක්වූ බව වොෂින්ටනයේ විරෝධතාවක නිරත තෙරේසා නම් කාන්තාවක් බීබීසීයට පැවසුවාය.

"ෆෙඩරල් රජය සිදු කරන කප්පාදුව ගැන මම ගොඩක් කනස්සල්ලට පත්වෙනවා," ඇය පැවසුවේ විශ්‍රාම වැටුප් සහ අධ්‍යාපන ප්‍රතිලාභ පිළිබඳවත් තමන් කනස්සල්ලට පත්ව සිටින බවයි.

විරෝධතාකරුවන්ගේ පණිවිඩයට ට්‍රම්ප් සවන් දෙනු ඇති දැයි යන පැනයට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ "හොඳයි, අපි බලමු. ඔහු හැමදාම වගේ ගොල්ෆ් ක්‍රීඩා කරනවා" යනුවෙනි.

සෙනසුරාදා ට්‍රම්ප් කිසිඳු ප්‍රසිද්ධ උත්සවයක් නොපැවැත්වූ අතර, ෆ්ලොරිඩාවේ ඔහු සතු නිවාඩු නිකේතනයක ගොල්ෆ් ක්‍රීඩා කරමින් දවස ගත කළේය. ඉරිදා ඔහු නැවතත් ගොල්ෆ් ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේය.

fty546| පෙන්ගුයින් වාසය කරන ඔස්ට්‍රේලියානු දූපතකට තීරු බදු පැනවීමට ට්‍රම්ප් ගත් පියවර වොෂින්ටනයේදී විරෝධතාකරුවන් උපහාසයෙන් හෙළා දුටුවේය
vhjur67| ටෙක්සාස් හි හූස්ටන් නරගයට රැස්වූ විරෝධතාකරුවන්
ට්‍රම්ප්ගේ ස්ථාවරය ආරක්ෂා කරමින් ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඩිමොක්‍රටික් පක්ෂය තර්ජනයට ලක්ව ඇති බව පෙන්වා දෙන මෙඩිකෙයාර් වැනි වැඩසටහන් ජනපති ට්‍රම්ප් අඛණ්ඩව ආරක්ෂා කරන බවයි.

"ජනාධිපති ට්‍රම්ප්ගේ ස්ථාවරය පැහැදිලිය: ඔහු සැමවිටම සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් සඳහා සමාජ ආරක්ෂණය, වෛද්‍ය සේවා සහ වෛද්‍ය ප්‍රතිකාර සුරක්ෂිත කරන්න කටයුතු කරනවා. මේ අතරේ ඩිමොක්‍රටික් පක්ෂයේ ස්ථාවරය වෙලා තියෙන්නේ නීතිවිරෝධී සංක්‍රමණිකයින්ට සමාජ ආරක්ෂණ, මෙඩිකේඩ් සහ මෙඩිකෙයාර් ප්‍රතිලාභ ලබා දීම, මේකෙන් මෙම වැඩසටහන් බංකොලොත් වෙලා සහ ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු පුරවැසියන්ට හානියක් වෙන්න පුළුවන්."

ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ ආගමන උපදේශකයෙකු වන ටොම් හෝමන් සෙනසුරාදා ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ විරෝධතාකරුවන් ඔහුගේ නිව්යෝර්ක් නිවස පිටත රැලියක් පැවැත්වූ නමුත් ඔහු ඒ වන විට වොෂින්ටනයේ සිටි බවයි.

"ඔවුන්ට ඕන තරම් හිස් ගෙවල් ඉදිරිපිට විරෝධතා දක්වන්න පුළුවන්," හෝමන් පැවසුවේ, ඔවුන්ගේ විරෝධතාව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ගේ කාලය "නාස්ති" කිරීමක් බවත්, මේ නිසා නිලධාරීන්ට වඩාත් වැදගත් කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීම වළක්වන බවත් පවසමින් ය.

"විරෝධතා සහ පෙළපාලි, ඒවායින් කිසිම තේරුමක් නැහැ," හෝමන් තවදුරටත් පැවසීය.

"භාෂණයේ නිදහස ගැන ඔබට ඇති අයිතිය භාවිතා කරන්න, නමුත් එය මෙම සිදුවීමේ කරුණු වෙනස් කිරීමට හේතු වෙන්නේ නැහැ."

fur7| මිනසෝටා හි ශාන්ත පෝල් හිදී, විරෝධතාකරුවන් ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා දැක්වූ අතර උඩු යටිකුරු කළ ඇමෙරිකානු ධජයක් ලෙළ දුන් අතර එය විරෝධතාවේ සංකේතයක් විය

(සටහන | රොබින් ලෙවින්සන් කිං - බොස්ටන් සිට, ජෙනා මූන් - වොෂින්ටන් ඩීසී සිට සහ බර්න්ඩ් ඩෙබස්මන් ජූනියර් - ෆ්ලොරිඩා සිට)

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'Hands Off': ඇමෙරිකාවේ නගර පුරා ට්‍රම්ප්ට එරෙහිව දැවැන්ත විරෝධතා | The Leader