BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
Opinion

අලුත් වෙළද පළක් අලුත් සමාජ ක්‍රමයක් (ii) - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

October 17, 2024 • 6:10 PM

අලුත් වෙළද පළක් අලුත් සමාජ ක්‍රමයක් (ii) - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1992 වෙනකොට දඹුල්ලම ගිනි අරන් තිබුණෙ. ඒකට හේතුව උනේ කණ්ඩලම වැව් ඉස්මත්තෙ එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින්
  • කෙටියෙන් කිව්වොත් දඹුල්ල පන්සලට අයිති ඉඩම්වල වගා කරගෙන හිටිය මිනිස්සුන්ට අලුත් ආදායම් මාර්ගයක් එනකොට ඒ වෙනස ඇතිවෙනව දකින්න ඉඩම්හිමි හාමුදුරුවො කැමැති නෑ.
  • පහල ඌවේ ආයෝජනයට ආව බුකර් ටේට් සමාගම සමාජවාදයේ පියෙක් හෝ මනාවවාදයේ අම්ම හෝ නොවන බව ඇත්ත.
  • එහෙම පිටින්ම ලාභ බලාපොරුත්තුවෙන් ආයෝජනය කරන සමාගමේ අරමුණ සමාජ සුභසාධනය නොවන බවත් ඇත්ත.
අකුරු ප්‍රමාණය (Font Size):
හෝටලයක් ඉදිකරන්නට යෑම. කණ්ඩලම වැවේ ජල මට්ටම අඩුවෙනව. වැව් ජලයෙන් අස්වද්දපු කුඹුරු වලට වතුර නැති වෙනව, වැව් ඉස්මත්ත පාරිසරික දූෂණයට ලක්වෙනව වගේ චෝදනා රාශියක් ඉදිරිපත් කරමින් සමස්ත විපක්ෂයම හෝටල ව්‍යාපෘතියට එරෙහිව පාරට බැස්ස.

විරෝධයේ මූලිකත්වය ගත්තෙ දඹුල්ල රාජමහා විහාරාධිපති ඉනාමළුවෙ සුමංගල. උන්නැහෙ කිව්ව විදිහට මුළු මාතලේ දිස්ත්‍රික්කයම මේ හෝටලය නිසා විනාශ වෙනව. සදාචාරය පිරිහෙනව. ඒ නිසා උන්නැහෙ ගිනිතියාගෙන මැරෙනව කියලත් ඩිමාන්ඩ් කළා. උන්නැහෙ අදටත් හොදින් ජීවත් වෙනව. හෝටලය ඉදිවීම හැරෙන්න වෙන මුකුත්ම උනේ නැහැ. විය හැකිය කියල අනතුරු හැගවූ මුකුත් උනේ නැහැ. ඒ විතරක් නෙවෙයි පරිසරය ආරක්ෂා කරන හොදම හෝටලය කියල එයිට්කන් ස්පෙන්ස් සමාගමට සම්මානයකුත් ලැබුණ.  එදා හෝටලයට එරෙහිව පාරෙ බුදිය ගත්ත ගොඩක් අය පස්සෙන් පහුව හෝටලට ගිහින් බුදිය ගත්තෙ සැප ගන්න.
 
w453fදඹුල්ල රාජමහා විහාරාධිපති ඉනාමළුවෙ සුමංගල හිමි
සාමාන්‍යයෙන් ප්‍රාග්ධනය ගමට ගලාගෙන එනකොට අලුත් සමාජ තත්ත්වයක් නිර්මාණය වෙනව. කණ්ඩලම කියන දුෂ්කර ගමට හෝටලය ඉදිවන ප්‍රාග්ධනය ගලාගෙන එනකොට ඒ ප්‍රාග්ධනයෙන් කොටසක් ඒ ගමේ අතු පතර බෙදිල යනව. එතකොට මිනිස්සු අතටත් ඒ සල්ලි එනව. එයාල ඒ සල්ලි වලින් පොඩි පොඩි වැඩ කරනව. පොඩි තේ කඩයක්, ගෙට අලුත් කාමර කෑල්ලක්, පොල් අතු වහලෙට සීට් වගේ දේවල් වෙනව. මෙන්න මේ වෙනසට වැඩවසම් ඉතුරු බිතුරු කැමැති නැහැ. කෙටියෙන් කිව්වොත් දඹුල්ල පන්සලට අයිති ඉඩම්වල වගා කරගෙන හිටිය මිනිස්සුන්ට අලුත් ආදායම් මාර්ගයක් එනකොට ඒ වෙනස ඇතිවෙනව දකින්න ඉඩම්හිමි හාමුදුරුවො කැමැති නෑ. එහෙම වෙන්නෙ එයාගෙ වැඩවසම් ක්‍රමයට අලුත් ක්‍රමයෙන් අභියෝගයක් එල්ල වෙන නිසයි. ඒ නිසා හාමුදුරුවො සියදිවි නහ ගන්නව කියලත් තර්ජනය කරනව. අන්න එතකොට අපට හිතෙනව මේ හාමුදුරුවො නම් මාරයි නේද කියල. ඒත් පස්සෙ කල්පනා කරල බලනකොට තමයි තේරෙන්නෙ ධනේශ්වරකරණයට එරෙහි වැඩවසම් ක්‍රමයේ ඉතුරු බිතුරුවල විරෝධය තමයි හාමුදුරුවන්ගෙන් එල්ල වෙන්නෙ කියල.

පහල ඌවට අසූවෙ මුල් කාලයේ උක් කර්මාන්ත ශාලවක් හදන්න බුකර් ටේට් සමාගම එන්නෙත් ඔන්න ඔය විදිහට තමයි. ධනේශ්වරයේ දහසකුත් එකක් ප්‍රාථමික ලක්ෂණ තිබුණත් පහළ ඌවට විශාල විදේශ ආයෝජනයක් ගලාගෙන ඒම කිසිම කොන්දේසියක් යටතේ ප්‍රතික්ශේප වෙන්න බැහැ. නමුත් ලංකාවේ සමස්ත විපක්ෂයම බුකට් ටේට් එන ආරංචියට පහළ ඌවේ කදවුරු බැද ගත්ත. ඒකට හේතු උනේ ශ්‍රමය සූරාකෑම, ඉඩම කොල්ලකෑම කියන ප්‍රාථමික හා බොළද තර්කත් එක්කයි.

පහල ඌවේ ආයෝජනයට ආව බුකර් ටේට් සමාගම සමාජවාදයේ පියෙක් හෝ මනාවවාදයේ අම්ම හෝ නොවන බව ඇත්ත. එහෙම පිටින්ම ලාභ බලාපොරුත්තුවෙන් ආයෝජනය කරන සමාගමේ අරමුණ සමාජ සුභසාධනය නොවන බවත් ඇත්ත. ඒත් බුකර් සමාගමත් එහි අනුප්‍රාප්තික සමාගමත් මොන තරම් සූරාගෙන කෑවත් මොන තරම් සමාජ අසාධාරණ වැඩ කළත් මුළු මොනරාගල දිස්ත්‍රික්කයම 1978 වර්ෂයේ තිබූ තත්ත්වයට වෙනස් තැනකට පත් කරන්න දායක උනේ ඔවුන්. සමාජ ආර්ථික දත්ත අරගෙන සසදාත්මක විග්‍රහයකට ගියොත් මේ වෙනස තේරුම් ගන්න පුළුවන්.
 
srt3456
නමුත් ප්‍රශ්නයක් තියෙනව. ඒක තමයි මොන තරම් ශක්තිමත්ව ධනේශ්වර සංවර්ධනය සිද්ධ වුනත් දරිද්‍රතාව ඇති නැති පරතරය ඉහළ යෑම. පහළ ඌවෙත් සිද්ධ උනේ අන්න ඒක. සමාජයේ පහළම සමාජ තීරුව එන්න එන්න දරිද්‍රතාවට ලක්වෙන කොට බහුතර කොටස ඉහළ ආදායම් ලැබුවා. ඒ නිසා එක්තරා සමාජ කොටසක් දුගීන් බවට පත්වෙනකොට තව සමාජ කොටසක් යම්තරමක ආදායමක හිමිකරුවන් උනා. ඒත් තවත් කොටසක් විශාල ආදායමක හිමිකරුවන් උනා. ඒ නිසා ඇති නැති පරතරය විශාල වූවා. නමුත් මේ තත්ත්වයට විසදුම වම්මු යෝජනා කළ පරිදි විදේශ ආයෝජන එළව දැමීම නම් නෙවෙයි.

ධනේශ්වර වෙළෙද පළට විරුද්ධ මාක්ස්වාදීන්ට කරන්න තිබුණෙ වෙළෙද පළ පුළුල්වීමට ඉඩදීම.  ඒ ගමන්ම සමාගමේ ක්‍රියාකාරීත්වය නිසා වෙනස් වන සමාජ ආර්ථික තත්ත්වයන්ට සංවේදීවීම. ප්‍රාග්ධනයේ අසාධාරණ ක්‍රියාකාරීත්වයට එරෙහිවීම හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කිරීම. ඒ තුළ ගොවීන්ගෙ ශ්‍රමය සූරාකෑම, පරිසර විනාශය වගේ ඝෘණාත්මක ක්‍රියාවන්ට එරෙහිව සටන් කරන ගමන්ම, සිදුවන කාර්මික සංවර්ධනයට පක්ෂ වීමත් මාක්ස්වාදීන්ගේ වගකීම උනා. එහි ගැඹුරු අදහස වන්නේ කාර්මීකරණයට ඉඩ දෙමින් පක්ෂ වෙමින් ධනේශ්වරකරණයවීම ශක්තිමත් කරමින් අනෙක් අතින් ආන්තීකරණයට ලක්වන සමාජ කොටස් සමග දේශපාලනය කරන්නට සූදානම්වීම.
 
et345

නමුත් වම්මුන්ට වැරදුනා. ඔවුන් ප්‍රාග්ධනයට එරෙහි වුනා. ප්‍රාග්ධනය නිසා අත මිට සරු වූ පහළ ඌවේ මිනිස්සු ධනපති පක්ෂයට චන්දෙ දුන්න. දරිද්‍රතාවට තල්ලු වුනු මිනිස්සු ආණ්ඩුවෙන් සහනාධාර අරගෙන ආණ්ඩුවටම චන්දෙ දුන්න. පරිසරය විනාශ උනාට, ඉඩම් කොල්ලකෑවට මිනිස්සුන්ට කමක් නැහැ. එයාලට ඕන අත මිට සරුවීම. ඒ දේ කරල දුන්න ධනපති පක්ෂ වලට එයාල කැමැතියි. 2019 ජනාධිපතිවරණයෙදී  මොනරාගල දිස්ත්‍රික්කයේ  පාවිච්චි කළ වලංගු චන්ද වලින් 94%ක්ම ලබා ගත්තෙ ප්‍රධාන ධනපති පක්ෂ දෙක.

මිනිස්සු පීඩනයට දරිද්‍රතාවට ලක්වෙන ගමන්ම ප්‍රධාන ධනපති පක්ෂ දෙකෙන් එකකට චන්දෙ දෙන්න යොමුවීමේ රහස තියෙන්නෙ ඊනියා වමේ පක්ෂ නිවැරැදි දේශපාලන ඉලක්කයකින් යුතුව කටයුතු නොකරන නිසයි.  වෙළෙද පළ අසාධාරණයට එරෙහි වෙනව නම් මේ වෙළෙද පළට ප්‍රාග්ධනය ගලා එන ක්‍රමයට එරෙහි නොවී එහි ආන්තික ප්‍රතිඵලයට එරෙහිවීම ගැන මාක්ස්වාදීන් හිතල බලන්න ඕන.

ධනපති වෙළෙද පළට එරෙහිව මැද පන්තිය සුරතල් කිරීම වංචාවක්. කරන්න ඕන ධනේශ්වර ක්‍රමයට විවේචනාත්මක ඉඩ දෙමින් ධනේශ්වරකරණය නිසා ආන්තීකරණයට ලක්වන ජනයා සමග ප්‍රති ධනපති වෙළෙද පළක් සදහා වූ මාක්ස්වාදී දේශපාලනය කිරීම යි.

pilip shantha(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
shan.info1978@gmail.com


සබැඳි ලිපිය :
අලුත් වෙළද පළක් අලුත් සමාජ ක්‍රමයක් - (පිලිප් ශාන්ත)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...