BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

චීන ජනපති සහ චීන තායිවාන ප්‍රදේශයේ Kuomintang පක්ෂ සභාපතිනිය අතර හමුවක්

T

The Leader Desk

April 10, 2026 • 10:27 AM

චීන ජනපති සහ චීන තායිවාන ප්‍රදේශයේ Kuomintang පක්ෂ සභාපතිනිය අතර හමුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං සහ චීන Kuomintang පක්ෂ සභාපති Cheng Li-wun හමුවුණා. ඒ අද (10) පෙරවරුවේ බෙයිජිංහිදී.
  • එමගින් දේශ භූමිය කිසිවිටෙක නොබෙදිය හැකිවීම, අර්බුද ඇති නොවීම, සිය ශිෂ්ටාචාරයට බාධා නොකිරීම යන පොදු විශ්වාසය නිර්මාණය වනු ඇතැයිද හෙතෙම පැවසුවා.
  •   ජාත්‍යන්තර තත්ත්වය හෝ තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීන ජාතියේ මහා පුනර්ජීවනයේ පොදු ප්‍රවණතාව කිසිදා වෙනස් නොවන බව ඔහු සඳහන් කළා.
  •   තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස ජනතාව හා ස්වදේශිකයන් චීන ජාතියට අයත් වන බවත් චීන සංස්කෘතියෙන් පෝෂණය ලබන එකම පවුලක සාමාජිකයන් බවත් චීන Kuomintang පක්ෂ සභාපති  Cheng Li-wun  එහිදී ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ජනතාව හා ස්වදේශිකයන් චීන ජාතියට අයත් වන බව ෂී ජින් පිං  එහිදී ප්‍රකාශ කළා.


තායිවාන ස්වදේශිකයන් ඇතුළු සියළුම ජනවාර්ගික කණ්ඩායම්වල ජනතාව එක්ව එක්සත් බහුවාර්ගික රටක් වන චීනය නිර්මාණය කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. 
 
ඔවුන් තේජාන්විත චීන ඉතිහාසය, විශිෂ්ට චීන ශිෂ්ටාචාරයක් මෙන්ම ශ්‍රේෂ්ඨ ජාතික අනන්‍යතාවක් පොදුවේ නිර්මාණය කළ බවද ෂී ජින්  පිං අවධාරණය කළා. එමගින් දේශ භූමිය කිසිවිටෙක නොබෙදිය හැකිවීම, අර්බුද ඇති නොවීම, සිය ශිෂ්ටාචාරයට බාධා නොකිරීම යන පොදු විශ්වාසය නිර්මාණය වනු ඇතැයිද හෙතෙම පැවසුවා.
 
ජාත්‍යන්තර තත්ත්වය හෝ තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීන ජාතියේ මහා පුනර්ජීවනයේ පොදු ප්‍රවණතාව කිසිදා වෙනස් නොවන බව ඔහු සඳහන් කළා.
 
wrw34535trt
තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස ජනතාව හා ස්වදේශිකයන් චීන ජාතියට අයත් වන බවත් චීන සංස්කෘතියෙන් පෝෂණය ලබන එකම පවුලක සාමාජිකයන් බවත් චීන Kuomintang පක්ෂ සභාපති  Cheng Li-wun  එහිදී ප්‍රකාශ කළා.
Sun Yat-sen  ඉදිරිපත් කළ චීන ජාතික පුනර්ජීවනය යන මෙහෙයුම එක්ව ඉදිරියට ගෙන යා යුතු බවත් “1992 සම්මුතිය” අනුගමනය කරමින් “තායිවාන ස්වාධීනත්ව”විරෝධී පොදු දේශපාලන පදනම මත පක්ෂ දෙක දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කළ යුතු  බවද ඇය සඳහන් කළා.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...