BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
පුවත්

සංක්‍රාන්ති ලිංගිකයින්ට වන හිරිහැර වැළැක්වීමට පොලිස්පතිගෙන් උපදෙස් 9ක්

T

The Leader Desk

February 24, 2023 • 4:17 PM

සංක්‍රාන්ති ලිංගිකයින්ට වන හිරිහැර වැළැක්වීමට පොලිස්පතිගෙන් උපදෙස් 9ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රීපුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ
  • එහෙත් මෙරට සංක්‍රාන්ති ලිංගිකයින් ඇතුළුව LGBTIQ ප්‍රජාවට එම අයිතිවාසිකම් එලෙසම රට තුළ පවතීන්නේදැ යි යන්න තවමත් සංවාදයට ලක්වන කාරණයකි.
  • ඇතැම් අවස්ථාවලදී පොලිස් නිලධාරීන් සංක්‍රාන්ති ලිංගිකයින්ට සහ ලිංගික විපර්යාසයන්ට ලක් වූ තැනැත්තන් සම්බන්ධව කටයුතු කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට පටහැනිව ක්‍රියා කරන බවට විවිධ මත ඉදිරිපත්ව තිබේ.
  •   කෙසේ වෙතත් සංක්‍රාන්ති ලිංගිකයින්ට සහ ලිංගික විපර්යාසයන්ට ලක් වූ තැනැත්තන්ට පොලිස් ස්ථානවලදී එවැනි අපහසුතාවන් ඇතිවීම වැළැක්වීම සඳහා පොලිස්පති සී.
අකුරු ප්‍රමාණය (Font Size):

හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේ ය,’ යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත.

එහෙත් මෙරට සංක්‍රාන්ති ලිංගිකයින් ඇතුළුව LGBTIQ ප්‍රජාවට එම අයිතිවාසිකම් එලෙසම රට තුළ පවතීන්නේදැ යි යන්න තවමත් සංවාදයට ලක්වන කාරණයකි.

එදිනෙදා කටයුතුවල දී, පොදු ප්‍රවාහනයේ දී හෝ රාජ්‍ය ආයතනයක සේවා ලබාගැනීමට යාමේ දී LGBTIQ ප්‍රජාවට තවමත් නොයෙකුත් අපහසුතාවන්ට මුහුණදීමට සිදුවීම කණගාටුවට කරුණකි.
 


ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ කායික, මානසික, වාචික සහ මනෝමය හිංසන ආදී වෙනස්කොට සැලකීම්වලට ලක් වීමයි.

DFGSDGSD

ඇතැම් අවස්ථාවලදී පොලිස් නිලධාරීන් සංක්‍රාන්ති ලිංගිකයින්ට සහ ලිංගික විපර්යාසයන්ට ලක් වූ තැනැත්තන් සම්බන්ධව කටයුතු කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට පටහැනිව ක්‍රියා කරන බවට විවිධ මත ඉදිරිපත්ව තිබේ.
 
කෙසේ වෙතත් සංක්‍රාන්ති ලිංගිකයින්ට සහ ලිංගික විපර්යාසයන්ට ලක් වූ තැනැත්තන්ට පොලිස් ස්ථානවලදී එවැනි අපහසුතාවන් ඇතිවීම වැළැක්වීම සඳහා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසින් කරුණු නවයකින් සමන්විතව විශේෂ චක්‍රලේඛයක් මෑතකදී නිකුත් කර තිබේ.
 


ඒ අනුව සංක්‍රාන්ති ලිංගිකයින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, වෙනස්කොට සැලකීමේ ක්‍රියා මෙන්ම ගුද සහ යෝනි පරීක්ෂාවන් ඇතුලු හිරිහැර කිරීම් තහනම් කර ඇත.


මොනවද මේ කරුණු නවය?

1- සංක්‍රාන්ති ලිංගිකයින් හෝ විවිධ ලිංගික විපර්යාසයන්ට ලක්වූ තැනැත්තෙකුගෙන් ලැබෙන පැමිණිලි (විශේෂයෙන්ම අංග චලනයෙන් හෝ වාචිකව තැනැත්තෙකුට ශාරීරිකව හෝ මානසිකව සිදුවුණ පීඩා ද ඇතුළත්ව) හා එවැනි තැනැත්තෙකුට එරෙහිව ලැබෙන පැමිණිලි අදාළ මූලස්ථාන පොලිස් පරීක්ෂක/ ස්ථානාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ ඒකකය මගින් විමර්ශනයට ලක් කළ යුතුය.

2- එවැනි පැමිණිල්ලක් සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්ත්වයක් ඇතිවුවහොත් අදාළ මූලස්ථාන පොලිස් පරීක්ෂක/ ස්ථානාධිපති විසින් ඒ පිළිබඳව ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති හෝ එම කොට්ඨාශයේ අධ්‍යක්ෂ වෙත හෝ දැනුම් දී උපදෙස් අනුව විමර්ශන කළ යුතුය.

3- එවැනි විමර්ශනයක් අවසන් වීමෙන් පසුව අධ්‍යක්ෂ/ නීති කොට්ඨාසය වෙත ගොනු යොමුකර එම උපදෙස් අනුව නඩු පැවරීම හෝ විමර්ශනය අවසන් කර ගොනුව වසා තැබීම කළ යුතුය.

4- යම් වරදක් සම්බන්ධව සංක්‍රාන්ති ලිංගික හෝ විවිධ ලිංගික විපර්යාසයන්ට ලක්වූ තැනැත්තෙකු අත්අඩංගුවට ගතහොත් අවස්ථාවෝචිතව නිලධාරියකු හෝ නිලධාරිනියක විසින් විනීතභාවය පිළිබඳව නිසි සැලකිල්ලෙන් යුක්තවම තැනැත්තා සෝදිසි කිරීම හෝ පරික්ෂා කිරීම කළ යුතුය.

5- එවැනි තැනැත්තෙකු අත්අඩංගුවේ රඳවා ගන්න අවස්ථාවේදී අවස්ථාවෝචිතව ආරක්ෂක මාතාවකගේ හෝ කාන්තා නිලධාරිනියකගේ භාරයේ තැබිය යුතු අතර කිසිදු අවස්ථාවක දී පොලිස් නිලධාරින් විසින් මෙවැනි තැනැත්තන් වාචිකව/ කායිකව හෝ යම් ශාරීරික හෝ මානසික පීඩාවට ලක් කිරීම හෝ අවමන් සහගත සැලකිල්ලට ලක් කිරීම නොකළ යුතුය.

6- පුහුණු ආයතනවල පවත්වන දේශනවලදී බාහිර දේශකයින් සහභාගි කරනු ලබන පුහුණු වැඩමුළු වලදී සංක්‍රාන්ති ලිංගිකයින් හා විවිධ ලිංගික විපර්යාසයන්ට ලක්වූ ලක් වූ තැනැත්තන් වෙනස්කමට හෝ කොන් කිරීමකට භාජනය වන ආකාරයේ දේශන පැවැත්වීම හෝ ප්‍රකාශ නිකුත් කිරීම නොකළ යුතුය. එවැනි කරුණු එම දේශනවල අන්තර්ගත නොකළ යුතු බවට දේශකයන් දැනුවත් කිරීම සහ ඉහත පරිදි කටයුතු කරන බවට වගබලා ගැනීම සෑම පුහුණු ආයතනයම/ ඒකකයකම ප්‍රධානියාගේ වගකීම විය යුතුය.

7- ඉහත සඳහන් කිසිම ප්‍රතිපාදනයකින් දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365අ, 365ආ සහ 365 ඈ වගන්තිය අනුව කටයුතු කිරීම වැළැක්වීම සිදු නොකරන අතර එසේ කටයුතු කිරීම සඳහා විධිමත් පැමිණිල්ලක් හෝ සාධාරණ කරුණු නොමැතිව මෙවැනි තැනැත්තන් අත්අඩංගුවට ගැනීම හෝ ඔවුන්ට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කිරීමේ අරමුණින් ගුද හෝ යෝනි පරීක්ෂාවන් සිදුකිරීම හෝ කිසිසේත් නොකළ යුතුය.

8- යම් අපරාධ අරමුණකින් තොරව සංක්‍රාන්ති ලිංගික හෝ විවිධ ලිංගික විපර්යාසයන්ට ලක් ව ඇති තැනැත්තෙකු තම ලිංගික විපර්යාසයන් සමාජයට වසන් කිරීම හේතුකොටගෙන පමණක් එවැනි තැනැත්තකුට එරෙහිව නීතිමය පියවර ගැනීම කිසිදු අවස්ථාවකදී නොකළ යුතුය.

9- උපත් පාලන පෙති, කරල් හෝ කොණ්ඩම් ළඟ තබාගැනීම වරදක් නොවන බැවින් එසේ ළඟ තබා ගැනීමේ හේතුව මත පමණක් කිසිදු තැනැත්තකු ප්‍රශ්න කිරීමකට ලක් කිරීම හෝ අත්අඩංගුවට ගැනීම නොකළ යුතු අතර එම හේතුව මත පමණක් එවැනි තැනැත්තෙකුට එරෙහිව “අයාල ආඥා පනත” යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේද කටයුතු කිරීම ද නොකළ යුතුය.

අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්..!


පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති වැඩමුළුවකදී එහි දේශකවරිය විසින් සංක්‍රාන්තික ලිංගිකයින් විවේචනය කළ බව කියන සිදුවීමක් සම්බන්ධව අභියාචනාධිකරණයේ ඉදිරියේ නඩුවක් පවරා තිබේ.

එම ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය විසින් විධිමත් ක්‍රියාමාර්ග ගතයුතු බවට එම පෙත්සම මගින් ඉල්ලා ඇත.

ඉක්වල් ග්‍රවුන්ඩ්ස් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරිය ඇතුලු නව දෙනෙකු අභියාචනාධිකරණයට මෙම පෙත්සම ගොනු කර තිබේ.

ඒ අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් රටේ පවත්නා අපරාධ නීති අනුව කටයුතු කරන අතරතුර ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ සම්බන්ධව විදිමත් උපදෙස් පත්‍රිකාවක් නිකුත් කරන බව සඳහන් කර ඇත.

පොලිස්පතිවරයා විසින් අදාළ උපදෙස් පත්‍රිකාව නිකුත් කර ඇත්තේ ඒ අනුවය.


ඉක්වල් ග්‍රවුන්ඩ්ස් ආයතනය අවධාරණය කරන්නේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සඳහා වන මාර්ගෝපදේශ ලැයිස්තුගත කරමින් සියලුම පොලිස් ස්ථාන අතර චක්‍රලේඛයක් නිකුත් කිරීම, පොලිසිය ගත් ඓතිහාසික පියවරක් බවය.
 

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය කිසිදු ප්‍රතිපාදනයක් මගින් දණ්ඩ නිති සංග්‍රහයේ හා හෝ වෙනයම් ලිඛිත නීතියක අපරාධ වරදක් සම්බන්ධයෙන් සලකා ඇති විධිවිධාන ප්‍රකාරව නීත්‍යානුකූලව කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලීසියට හා පොලිස් නිළධාරීන් හට ඇති නෛතික හැකියාවට බාධාවක් නොවන බව නොසැලකිය යුතු බවද පොලිස්පතිවරයා අවධාරණය කර සිටියි.


පොලිස් නිලධාරීන් චක්‍රලේඛය උල්ලංඝනය කළොත්?

පොලිස් නිලධාරීන් අදාළ චක්‍රලේඛය නොසලකා සංක්‍රාන්ති ලිංගිකයින් සම්බන්ධයෙන් කටයුතු කළහොත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූවගෙන් බීබීසී සිංහල වීමසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, “ඔවුන්ට පොලිසියේ ක්‍රියාමාර්ගය ගැන සංතෝෂ නැතිනම් දිස්ත්‍රික්කය භාර සහකාර පොලිස් අධිකාරීවරයාවරයා ඉන්නවා, කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉන්නවා, දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්නවා, පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්නවා, ඒ ඕනෑම කාර්යාලයකට ගිහිල්ලා ඒ තමන්ගේ කාරණය ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඕනෑම පුරවැසියෙකුට තියෙන දෙයක්. ඒ අයටත් ඒ ආකරයෙන්ම කටයුතු කරන්න පුළුවන් පොලිස් ස්ථානයකින් කාර්යභාරය හරියට ඉෂ්ට වුණේ නැතිනම්.”

අදාළ පියවර තුළින්ද විසඳුමක් නොලැබෙන්නේ නම් ඔවුන්ට පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළ හැකිබව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


(BBC සිංහල සේවය )

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...