කර ඇතැයි වාර්තා වේ.
ස්වාභාවික ගෑස් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ටෙන්ඩර් කැඳවීමෙන් පසු ඉහළම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ ලක්දනව් පෞද්ගලික සමාගමෙනි.
මීට පෙර අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර නිතිපතිවරයා සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් සියලුම නීතිමය තත්වයන් සමාලෝචනය කර උපදෙස් ලබාදිය යුතු බවයි.
ඒ අනුව නිතිපතිවරයා විසින් පෙන්වා දී ඇත්තේ ටෙන්ඩරය හමාර කිරීමෙන් පසු ගිවිසුම් කෙටුම්පත වෙනස් කිරීම මගින් අදාල ව්‍යාපෘතියට අතිරේක වියදමක් සහ අවදානමක් ඇතිවිය හැකි බවයි.
ටෙන්ඩරය තොරාගැනීමෙන් පසු ගිවිසුම් කෙටුම්පතෙහි සිදුකරන ලබන වෙනස්කම් නීත්‍යානුකූල නොවන බවද නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
නමුත් දැන් අගමැතිවරයා විසින් නීතිපතිගේ උපදෙස් පිලිනොගනිමින් මෙම මෙගා වොට් 300 LNG ව්‍යාපෘතියට දී ඇති අනුමැතියට අනුව විදුලිබල මන්ඩලයේ සභාපතිවරයාට ලක්දනව් සමාගම සමඟ ස්වාභාවික ගෑස් ව්‍යාපෘතියේ සංශෝධිත කෙටුම්පතට අනුව ගිවිසුම අත්සන් කළ හැක.
මෙම ගිවිසුම මගින් ලක්දනව් සමාගමට මෙම ස්වාභාවික ගැස් ව්‍යාපෘතිය ගොඩනංවා පවත්වාගෙන යාමේ අයිතිය හිමිවන අතර විදුලි බල මන්ඩලය විසින් විදුලිය කිලෝවොට් එකක් රුපියල් 14.98 බැගින් මිලදී ගත යුතුය.
( Lanka Truth)



