BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
පුවත්

LNG සැපයුම : ඇමරිකානු ගිවිසුම අවලංගු කර ඉන්දියාවට !

T

The Leader Desk

August 12, 2023 • 11:50 AM

LNG සැපයුම : ඇමරිකානු ගිවිසුම අවලංගු කර ඉන්දියාවට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදුලිය උත්පාදනය හා එයට අවශ්‍ය ද්‍රව වායු (LNG) සැපයීමට අදාළව 2021 වසරේ ශ්‍රී ලංකාව ඇමෙරිකානු සමාගමක් වන 'නිව් ෆෝට්‍රස්' සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම අවලංගු කර, ඉන්දියාවේ පෙට්‍රොනෙට් නම්
  • ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ 'නිව් ෆෝට්‍රස්' සමාගම සමඟ ගිවිසුම්ගත වූයේ, විදුලිබල මණ්ඩලයේ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව දේශපාලන අවශ්‍යතා මත පදනම්ව බවට චෝදනා එල්ලවිය.
  •  ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ගිවිසුම යටපත්ව ගියේය.
  • කෙරවළපිටියේ යුගදනවි බලාගාරය සහ එහි දෙවැනි අදියර යටතේ ඉදිකෙරෙන බලාගාරය ඉන්ධන හා එල්එන්ජී යන දෙයාකාරයෙන්ම ක්‍රියාත්මක කළ හැකි බලාගාර දෙකකි.
අකුරු ප්‍රමාණය (Font Size):

සමාගමකට පැවරීම සඳහා අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇතැයි විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ 'නිව් ෆෝට්‍රස්' සමාගම සමඟ ගිවිසුම්ගත වූයේ, විදුලිබල මණ්ඩලයේ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව දේශපාලන අවශ්‍යතා මත පදනම්ව බවට චෝදනා එල්ලවිය.  ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ගිවිසුම යටපත්ව ගියේය.

 එම ගිවිසුම මගින් කෙරවළපිටියේ දැනට ක්‍රියාත්මක වන මෙගවොට් 350ක යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට්කෝස්ට් සමාගමේ කොටස්වලින් මහා භාණ්ඩාගාරයට අයත් 40%ක කොටස් ඇමෙරිකාවේ 'නිව් ෆෝට්‍රස්' නමැති සමාගමට විකිණීමටත්, විදුලි බලාගාරයට LNG සැපයීමට සම්බන්ධ පාවෙන ගබඩාව හා නළ පද්ධතිය ඉදිකිරීම හා පවත්වාගෙන යාම ද අදාළ සමාගමට පැවරීමටත් මූලික එකඟතා ගිවිසුමක් අත්සන් කර තිබිණි.

කෙරවළපිටියේ යුගදනවි බලාගාරය සහ එහි දෙවැනි අදියර යටතේ ඉදිකෙරෙන බලාගාරය ඉන්ධන හා එල්එන්ජී යන දෙයාකාරයෙන්ම ක්‍රියාත්මක කළ හැකි බලාගාර දෙකකි. එල්එන්ජී භාවිතයෙන් විදුලිය නිපදවන විට ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවනවාට වඩා 50%ක් පමණ අඩු පිරිවැයකින් විදුලිය නිපදවිය හැකිය.

පැරණි ටෙන්ඩර් පටිපාටිය අවලංගු කොට එදා 'නිව් ෆෝට්‍රස්' සමාගමට ලබාදුන් ආකාරයටම නව සමාගමට මෙම බලාගාරය ලබා දීමට එම කැබිනට් පත්‍රිකාව මගින් අනුමැතිය ඉල්ලා ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

(deshaya.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...