BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

දස වසරකට පෙර අතුරුදන් වූ මැලේසියානු MH370 ගුවන් යානය සොයා යළි පරීක්ෂණ

T

The Leader Desk

December 21, 2024 • 6:49 AM

දස වසරකට පෙර අතුරුදන් වූ මැලේසියානු MH370 ගුවන් යානය සොයා යළි පරීක්ෂණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක ගුවන් ඉතිහාසයේ අතිශය බිහිසුණු සහ අබිරහස් ගුවන් අනතුරක් බවට පත්වෙමින්, මීට දස වසරකට පෙර අතුරුදන් වූ MH 370 ගුවන් යානය සොයා යළි පරීක්ෂණ ආරම්භ කිරීමට මැලේසියානු රජය කැමැත්ත පළ කරයි.
  • ඉන් වසර කිහිපයකට පසුව, අනතුරට පත් ගුවන් යානයේ බවට සැක කෙරෙන සුන් බුන් අත්ලාන්තික් සහ ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිතව හමු වීමත් සමග, ඒ පිලිබඳ නව උනන්දුවක් ඇති විය.
  •   මෙවර සිදු කෙරෙන පරීක්ෂණ වලදී ගුවන් යානයේ සුන් බුන් සොයා ගැනීම පිලිබඳ වැඩි විශ්වාසයක් පවතින බවද මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය ඇන්තනී ලෝක් පැවසීය.
  • අනතුරින් මිය ගිය සියලු ගුවන් මගීන් සහ කාර්යමණ්ඩලයේ සමීපතමයන් වෙනුවෙන් වැඩි දුරටත් ඉටු කළ යුතු කාර්යභාරය සුළුපටු නොවේ යැයි, මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය ඇන්තනී ලෝක් (Anthony Loke), ඒ පිලිබඳ එරට ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


අනතුරට පත් එම යානයේ සුන්බුන් සොයා නැවත පරීක්ෂණ ආරම්භ කරන බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා ඊයේ (20) ප්‍රකාශ කළේය. 

 

මගීන් 227 ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනකු රැගත් බොයිඞ් 777 වර්ගයේ, මැලේසියා ගුවන් සේවයට අයත් MH 370 මගී ගුවන් යානය, එරට ක්වාලාලම්පූර් සිට චීනයේ බෙයිජිං බලා පියාසර කරන අතරතුර, 2014 මාර්තු 8 දා ගුවනේ අතුරුදන් විය.


අනතුර පිලිබඳ දිගින් දිගටම ජාත්‍යන්තර තලයේ පරීක්ෂණ සිදු කෙරුණු අතර, ගුවන් යානය පිලිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබීම මත එම පරීක්ෂණ අත්හැර දැමීමට සිදු විය. ඉන් වසර කිහිපයකට පසුව, අනතුරට පත් ගුවන් යානයේ බවට සැක කෙරෙන සුන් බුන් අත්ලාන්තික් සහ ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිතව හමු වීමත් සමග, ඒ පිලිබඳ නව උනන්දුවක් ඇති විය.

 

c49444a1abb2bc41ccec610976256e9767613621050b8 මෙවර සිදු කෙරෙන පරීක්ෂණ වලදී ගුවන් යානයේ සුන් බුන් සොයා ගැනීම පිලිබඳ වැඩි විශ්වාසයක් පවතින බවද මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය ඇන්තනී ලෝක් පැවසීය.

අනතුරින් මිය ගිය සියලු ගුවන් මගීන් සහ කාර්යමණ්ඩලයේ සමීපතමයන් වෙනුවෙන් වැඩි දුරටත් ඉටු කළ යුතු කාර්යභාරය සුළුපටු නොවේ යැයි, මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය ඇන්තනී ලෝක් (Anthony Loke), ඒ පිලිබඳ එරට ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. මෙවර සිදු කෙරෙන පරීක්ෂණ වලදී ගුවන් යානයේ සුන් බුන් සොයා ගැනීම පිලිබඳ වැඩි විශ්වාසයක් පවතින බවද ඔහු පැවසීය.

සාමාන්‍යයෙන්, ගුවන් අනතුරක් සිදුවන්නේ මූලික කරුණු තුනක් පදනම් කොට ගෙනය. එනම්, අයහපත් කාලගුණික තත්ත්වය, තාක්ෂණික දෝෂ හා ගුවන් නියමුවන්ගේ වැරදි ක්‍රියාකාරකම් ය. ඉන් එක්  සාධකයක් හෝ කිහිපයක් පදනම්ව ගුවන් අනතුරක් සිදු වියහැකි බව විශේෂඥ මතය වේ.

ගුවනේදී  අතුරුදන්  වූ MH 370 මගී ගුවන් යානය, ප්‍රධාන ගුවන් නියමුවා හෝ වෙනත් කිසිවකු විසින් හිතා මතාම ගුවන් පථයෙන් එපිටට පියාසර කර ඇතැයි, ඒ පිලිබඳ මූලික පරීක්ෂණ සිදු කළ මැලේසියානු බලධාරීහු මීට පෙර අනුමාන වශයෙන් ප්‍රකාශ  කළහ. එම මතය අදටත් ඔවුන් විසින් මුළුමනින්ම බැහැර කර නැත.

Malaysia MH370 crashඅනතුරට පත් එම යානය පියාසර කළ ගුවන් පථය සහ එය ඉන්  මිදී පසුව පියාසර කළ බවට සැක කෙරෙන කලාපය ආසන්නයේ පිහිටි රටවල් කිහිපයක් තෙක් එහි මූලික සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි. එම රටවල් අතර ශ්‍රී ලංකාවද විය

අනතුරට පත් එම යානය පියාසර කළ ගුවන් පථය සහ එය ඉන්  මිදී පසුව පියාසර කළ බවට සැක කෙරෙන කලාපය ආසන්නයේ පිහිටි රටවල් කිහිපයක් තෙක් එහි මූලික සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි. එම රටවල් අතර ශ්‍රී ලංකාවද විය. පිදුරුතලාගල පිහිටි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ ද දත්ත විමර්ශනය කෙරිණි. බොයිඞ් සමාගමේ සේවයේ නියුතු කීර්තිධර ශ්‍රී ලාංකික ගුවන් ඉංජිනේරු විශේෂඥයකු වන චන්දිම මුනිද්‍රදාස ද එම ජාත්‍යන්තර පරීක්ෂණ වලට එක් විය.

ගුවන් යානය සොයා සිදු කළ මෙහෙයුම් විවිධ හේතුන් මත අතහැර දැමීමෙන් පසු, එහි බවට සැක කෙරෙන සුන් බුන් අප්‍රිකානු වෙරළ තීරයේ සහ ඉන්දීය සාගර කලාපයේ ඇතැම් දූපත් ස්ථාන කිහිපයක් වෙත ගොඩ ගසා තිබිණි. ඉන් පසු, ඕෂන් ඉන්ෆිනිටි (Ocean Infinity) නම් ආයතනයක් විසින් දකුණු ඉන්දීය සයුරේ ඒ පිළිබඳව සිදු කළ ගවේෂණ පාදක කොට නව පරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙන බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය.

අනතුරට පත් යානය සොයා එම ආයතනය අවසන් වරට ගවේෂණ කටයුතු සිදු කරන ලද්දේ 2018 වසරේ දී ය. එහෙත්, අවස්ථා දෙකකදී එම ගවේෂණ ද අසාර්ථක විය.

 

ගුවන් යානය සොයා සිදු කෙරෙන නව පරීක්ෂණ මාස 18ක් තුළ  සිදු කර අවසන් කිරීමට නියමිතය. ඒ සඳහා අදාළ සමාගම සමග කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කෙරෙන අතර ගවේශනයේදී සොයා ගැනෙන සුන් බුන් කොටස් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක පූර්ණ කොන්ත්‍රාත් මුදල එම සමාගම වෙත ගෙවා අවසන් කෙරේ. සියළු  ගවේෂණ,  වර්ග කිලෝමීටර 15,000ක නව සාගර කලාපයක් ඇසුරේ සිදු කිරීමට නියමිතය.


ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ, එහි චීන ජාතික ගුවන් මගීන් 150ක් ගමන් කරමින් සිටියහ. ඊට අමතරව මැලේසියානු ජාතිකයින් 50 දෙනකු, ප්‍රංශ, ඔස්ට්‍රේලියානු, ඉන්දුනීසියානු ඇමෙරිකානු, යුක්‍රේන සහ කැනඩා ජාතිකයින් ද එහි ගමන් ගත් අනෙකුත් ගුවන් මගීන් අතර විය. අනතුරින්, කාර්යමණ්ඩලය ඇතුළු සියලු ගුවන් මගීහු අතුරුදන්  වූහ.

මැලේසියානු ගුවන් සේවය, බොයිඞ් ගුවන් යානා ඇන්ජින් නිෂ්පාදනය කරන රෝල්ස් රොයිස් සමාගම සහ ඇලයන්ස් රක්ෂණ සමූහය වෙතින්ද අතුරුදන් වූවන් වෙනුවෙන් වන්දි ඉල්ලා, ඔවුන්ගේ පවුල්වල සමීපතමයින් විසින් දිගින් දිගටම බලපෑම් සිදු කෙරිණි.

මෙවර සිදු කෙරෙන නව ගවේෂණය පිලිබඳ පූර්ණ විශ්වාසය ඇතැයි, එය සිදු කරන ඕෂන් ඉන්ෆිනිටි ගවේෂනායතනය පවසයි. ගුවන් යානය සොයා 2018 සිදු කෙරුණු අවසන් ගවේෂණයට මැලේසියාවට අමතරව ඔස්ට්‍රේලියාව සහ චීනය ද සහභාගී විය. එම ගවේෂණය දකුණු ඉන්දීය සාගරයේ වර්ග කිලෝමීටර 120,000ක් පුරා සිදු කෙරිණි. ඉන්මාර්සැට් සන්නිවේදන චන්ද්‍රිකාව සහ ගුවන් යානය අතර සිදු කෙරුණු ස්වයංක්‍රීය සන්නිවේදන දත්ත පදනම් කර එම පරීක්ෂණ පැවැත්විණි.

airplane

ගුවන් යානයේ අවසන් සම්ප්‍රේෂණ පවත්වා ඇති බවට වාර්තා වන්නේ, මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං බලා ගුවන් ගමන අරඹා මිනිත්තු 40කට පසුවය. යානය, වියට්නාම් ගුවන් කලාපයට ඇතුළුවත්ම, ප්‍රධාන ගුවන් නියමුවා විසින් පෙර ගුවන් කලාපයෙන් නික්මීමේ සමාප්තිය තැබීමෙන් පසු, ගුවන් යානයේ  සන්නිවේදන සම්ප්‍රේෂණ උපකරණ ක්‍රියා විරහිත කර ඇතැයි, මෙතෙක් සිදු කෙරුණු පරීක්ෂණ හමුවේ අනාවරණය වී තිබේ.


අනතුරුව ගුවන් යානය එහි නියමිත ගුවන් පථයෙන් මිදී, යළි උතුරු මලෙයියානු ගුවන් කලාපය ඔස්සේ අන්දමන් සයුරට ඉහළ ගුවන් කලාපයට  පිවිස, යළි දකුණු   දෙසට හැරීමත් සමග, එය සහ පාලක කාර්යමණ්ඩලය අතර පැවති  සියළු සබඳතා  ඇණහිට තිබේ.

MH 370 ගුවන් යානය අතුරුදන් වීම පිළිබඳව 2018 වසරේ පිටු 495ක විමර්ශන වාර්තාවක් නිකුත් කෙරිණි. ගුවන් යානයේ අවසන් සන්නිවේදනයත් සමග  එය කිසිවකු විසින් හිතාමතාම නියමිත ගුවන් පථයෙන් පිටතට පියාසර කර ඇති බවට එහි දක්වා තිබේ. එය සිදු කළේ ප්‍රධාන ගුවන් නියමුවා විසින්ද, නැතහොත් වෙනත් කිසිවකු විසින් ද යන්න පිලිබඳ කිසිවකු මෙතෙක් තහවුරු කර නොමැත. ගුවන් අනතුර පිලිබඳ නව පරීක්ෂණ ඔස්සේ සිදු කෙරෙන අනාවරණ මත පදනම්ව ඒ පිලිබඳ නිවැරදි තහවුරු කිරීමක් සිදු කිරීමට නියමිතය.

 

29363093නයිජෙල් කව්තෝන්  (Nigel Cawthorne) පිටු 339කින් යුත්,  "MH370 THE SECRET FILES" නම් ග්‍රන්ථය

ගුවන් අනතුර පසුබිම, කිසිදු සැක කටයුතු සිදුවීමක් මෙතෙක් අනාවරණය වී  නැතැයිද, ගුවන් යානයේ ප්‍රධාන සහ සහායක නියමුවන් ගේ පුහුණුව සම්බන්ධයෙන් හෝ ඔවුන් සම්බන්ධ සැක කටයුතු  මූල්‍යමය හෝ මානසික සෞඛ්‍ය ගැටළු කිසිවක් මෙතෙක් වාර්තා වී නැතැයි ද, විමර්ශකයෝ පවසති.

මෙම ගුවන් අනතුර පිළිබඳව, නයිජෙල් කව්තෝන්  (Nigel Cawthorne) පිටු 339කින් යුත්,  "MH370 THE SECRET FILES" නම් ග්‍රන්ථයක්ද, 2016 දී මුද්‍රණය කර ප්‍රකාශයට පත් කෙරිණි.  


(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...