ඒ අනුව ඔහු වෙනුවෙන්ම නවතම මාදිලියෙන් යුත් Play Button එකක් නිර්මාණය කර, YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මොහාන් විසින් ඔහුට ලබා දී ඇත.
අමෙරිකානු ජාතිකයෙකු වන මේ වනවිට 27වන වියේ පසුවන ඩොනල්ඩ්සන්ගේ මෙම 'MrBeast' නාලිකාව 2012 වසරේ දී ආරම්භ කර වූවකි.
එයට 2016 වසරේදී ග්‍රාහකයින් ලක්ෂය සම්පූර්ණ කිරීමට හැකි වූ අතර, 2017 වසරේ දී මිලියනය සම්පූර්ණ කරගත හැකිවිය.
සිය ග්‍රාහකයන් සංඛ්‍යාව අධිවේගයෙන් ආකර්ෂණය කරගත් ඔහු 2018 වසරේදී මිලියන 10 සීමාව සම්පූර්ණ කළ අතර, 2021 වසරේ දී මිලියන 50 සීමාව පසුකර ගියේය.
එමෙන්ම වසරක් තුළ දී එනම්, 2022 වසරේ දී ඔහුට මිලියන 100 සීමාව දක්වා සිය නාලිකාව වැඩිකරගැනීමට හැකිව තිබේ.
මේ වනවිට වීඩියෝ 888කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති 'MrBeast' යූ ටියුබ් චැනලය බිලියන 91කට වැඩි නැරඹුම් වාර සංඛ්‍යාවකට හිමිකම් කියයි.
| adaderana
MrBeast receives special recognition from YouTube for reaching a record 400 million subscribers




