BREAKING
Top Ad
විදේශ

දිල්ලි පොලිසිය NewsClick මාධ්‍යවේදීන්ගේ නිවෙස් වටලයි

T

The Leader

October 3, 2023 • 2:55 AM

දිල්ලි පොලිසිය NewsClick මාධ්‍යවේදීන්ගේ නිවෙස් වටලයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • NewsClick නම් ප්‍රවෘත්ති වෙබ් අඩවියට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, ප්‍රකට මාධ්‍යවේදීන් සහ කර්තෘවරු කිහිප දෙනෙකුගේ නිවෙස් ඉන්දියාවේ දිල්ලි පොලිසිය විසින් වටලා තිබේ.
  • NewsClick වෙබ්අඩවියට චීනයෙන් නීති විරෝධී අරමුදල් ලැබෙන බවට ලද චෝදනාවකට අනුව නිලධාරීන් විසින් මෙම විමර්ශන මෙහෙයවන නමුත් වෙබ්අඩවිය විසින් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
  •        මාධ්‍යවේදී අභිසර් ශර්මා සිය X (ට්විටර්) සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමන්ගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය පොලිසිය භාරයට ගත් බවයි.  කෙසේ වෙතත් පොලිසිය මේ සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නොමැත.
  • වාර්තා වන පරිදි, "චීන ප්‍රචාර" පතුරුවා හැරීම සඳහා ඇමරිකානු කෝටිපතියෙකුගෙන් NewsClick වෙබ්අඩවියට අරමුදල් ලැබී ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පළ කළ වාර්තාවකින් අනතුරුව වෙබ් අඩවියට එරෙහිව පසුගිය අගෝස්තු 17 කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (3) උදෑසන දිල්ලි අගනුවර මෙම සෝදිසි කිරීම් සිදු කර ඇති අතර මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක පොලිසිය භාරයට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

NewsClick වෙබ්අඩවියට චීනයෙන් නීති විරෝධී අරමුදල් ලැබෙන බවට ලද චෝදනාවකට අනුව නිලධාරීන් විසින් මෙම විමර්ශන මෙහෙයවන නමුත් වෙබ්අඩවිය විසින් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.   

මෙම වැටලීම මාධ්‍ය නිදහසට හිතාමතා එල්ල කරන ලද ප්‍රහාරයක් බව විචාරකයෝ පවසති. 

නිවෙස් වැටලීමට ලක්වූ අය අතර NewsClick වෙබ් අඩවි කර්තෘ ප්‍රබීර් පුර්කයාස්ත, මාධ්‍යවේදී අභිසර් ශර්මා, අයුනින්ද්යෝ චක්‍රවර්ති සහ භාෂා සිං යන අය සිටින බවත් ඔවුන්ගෙන් සමහරෙක් ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.       

මාධ්‍යවේදී අභිසර් ශර්මා සිය X (ට්විටර්) සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමන්ගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය පොලිසිය භාරයට ගත් බවයි. 

කෙසේ වෙතත් පොලිසිය මේ සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නොමැත.

වාර්තා වන පරිදි, "චීන ප්‍රචාර" පතුරුවා හැරීම සඳහා ඇමරිකානු කෝටිපතියෙකුගෙන් NewsClick වෙබ්අඩවියට අරමුදල් ලැබී ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පළ කළ වාර්තාවකින් අනතුරුව වෙබ් අඩවියට එරෙහිව පසුගිය අගෝස්තු 17 කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.  

ඇප ලබා ගැනීමට ඉතා අපහසු, ත්‍රස්ත විරෝධී නීතියක් වන UAPA යොදා ගනිමින් පොලිසිය විසින් NewsClick වෙබ් අඩවියට සහ එහි මාධ්‍යවේදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...