BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

OpenAI සහ chatGPT වලට එරෙහිව ඉන්දීය මාධ්‍ය නැඟී සිටියි

T

The Leader Desk

February 6, 2025 • 4:22 PM

OpenAI සහ chatGPT වලට එරෙහිව ඉන්දීය මාධ්‍ය නැඟී සිටියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් (Sam Altman)
  • ඒ, ඔවුන්ගේ අන්තර්ගතයන් අනවසරයෙන් භාවිතා කළ බවට චෝදනා කරමිනි.
  • ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ආයතන වන ද හින්දු, ද ඉන්දියන් එක්ස්ප්‍රස්, ද ඉන්දියා ටුඩේ සහ එන්ඩී ටී වී ඇතුළු තවත් මාධ්‍ය ආයතන රැසක් මේ සඳහා එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • කෙසේවෙතත් OpenAI සේවාව එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ලොව පුරා අතිශය ජනප්‍රිය ChatGPT සහ OpenAI යන සේවාවලට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය ප්‍රධාන මාධ්‍ය කිහිපයක් එක්වී තිබේ.

ඒ, ඔවුන්ගේ අන්තර්ගතයන් අනවසරයෙන් භාවිතා කළ බවට චෝදනා කරමිනි.

ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ආයතන වන ද හින්දු, ද ඉන්දියන් එක්ස්ප්‍රස්, ද ඉන්දියා ටුඩේ සහ එන්ඩී ටී වී ඇතුළු තවත් මාධ්‍ය ආයතන රැසක් මේ සඳහා එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් OpenAI සේවාව එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

පිළිගත් නීතිමය පූර්වාදර්ශවලට අනුකූලව ප්‍රසිද්ධියේ ලබා ගත හැකි දත්ත භාවිතා කළ බව ඔවුන් පවසා සිටියි.

ඉන්දීය මාධ්‍ය මේ බව ප්‍රකාශ කර ඇත්තේ OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් දිල්ලියට පැමිණ සිටින අවස්ථාවේදී වීම විශේෂත්වයකි.  

ඉන්දියාවේ විශාලතම ප්‍රවෘත්ති ඒජන්සිය වන ඒෂියන් නිවුස් ඉන්ටර්නැෂනල් හෙවත් ඒ එන් අයි සමාගම විසින් ඉකුත් නොවැම්බර් මාසයේදී openAI  සේවාවට එරෙහිව නඩු පැවරිය.

| nethnews

මුලාශ්‍රය :

OpenAI Operator AI agent will be open to more ChatGPT users in a few months

OpenAI introduces new ChatGPT agent: What it is, how to use and more


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...