BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

පකිස්ථානයට එරෙහි ඉන්දීය ප්‍රහාරය 'Operation Sindoor' ලෙස නම් කිරීම පසුපස කතාව

T

The Leader Desk

May 8, 2025 • 11:05 AM

පකිස්ථානයට එරෙහි ඉන්දීය ප්‍රහාරය 'Operation Sindoor' ලෙස නම් කිරීම පසුපස කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පකිස්ථානයේ ඉලක්ක කිහිපයකට ඉන්දියාව එල්ල කළ ප්‍රතිප්‍රහාරය 'සින්දූර් මෙහෙයුම' (Operation Sindoor) යන නම යොදා තිබේ.
  • ජයිශංකර් 'ලෝකය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කිසිදු ලිහිලක් නොදිය යුතු' බව අවධාරණය කර තිබිණි.
  • මෙම මෙහෙයුම සින්දූර් මෙහෙයුම ලෙස නම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ.
  • නේපාල සහ ඉන්දියානු හින්දු ප්‍රජාවන් තුළ, සින්දූර් සුබ ලකුණක් ලෙස සලකනු ලබන අතර, එය කාන්තාවකගේ විවාහක තත්ත්වය පිළිබඳ දෘශ්‍ය සලකුණකි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සම්බන්ධයෙන් Xහි සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් 'ලෝකය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කිසිදු ලිහිලක් නොදිය යුතු' බව අවධාරණය කර තිබිණි.

එම සටහන සමග ඔහු Operation Sindoor යනුවෙන් දැක්වෙන රූපයක් ද පළ කර තිබිණි.

මෙම මෙහෙයුම සින්දූර් මෙහෙයුම ලෙස නම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ.

sindoor jaishankar
සින්දූර් යනු මොනවා ද? එහි සංස්කෘතික සම්බන්ධය කුමක් ද?

සින්දූර් යනු තද රතු හෝ තැඹිලි වර්ණයෙන් යුතු කුඩු වර්ගයක් වන අතර එය සාමාන්‍යයෙන් විවාහක හින්දු කාන්තාවන් සිය නළල සහ හිස කෙස් අතර අලේප කර ගනී.

නේපාල සහ ඉන්දියානු හින්දු ප්‍රජාවන් තුළ, සින්දූර් සුබ ලකුණක් ලෙස සලකනු ලබන අතර, එය කාන්තාවකගේ විවාහක තත්ත්වය පිළිබඳ දෘශ්‍ය සලකුණකි. විවාහක කාන්තාවක එය අලේප කිරීම නතර කිරීම සාමාන්‍යයෙන් වැන්දඹුභාවය අදහස් කරයි.

සාම්ප්‍රදායික සින්දූර්, කහ සහ දෙහි හෝ වෙනත් ශාකසාර අමුද්‍රව්‍යවලින් සකසන බව පැවසේ.

කාන්තාවකගේ විවාහ දිනයේදී ඇගේ සැමියා විසින් මුල් වරට සින්දූර් ආලේප කරනු ලබයි. මෙය සින්දූර් ආලේපන උත්සවය ලෙස හැඳින්වේ. මෙයින් පසු, ඇය සෑම දිනක ම එය ආලේප කරයි.

සිය සැමියාට දීර්ඝ ආයුෂ සහ යහපත ප්‍රාර්ථනා කිරීම මෙහි අරමුණක් බව පිළිගැනේ.

පකිස්ථානයට එරෙහි ප්‍රතිප්‍රහාර එල්ල කිරීම 'ඔපරේෂන් සින්දූර්' ලෙස නම් කළේ ඇයි?

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති පරිදි, 'ඔපරේෂන් සින්දූර්' යන නම බොහෝ හින්දු කාන්තාවන් තම විවාහක තත්ත්වය සංකේතවත් කිරීම සඳහා නළලේ ආලේප කරන සින්දූර් නිරූපණය කරයි.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයේදී, කාන්තාවන් කිහිප දෙනෙකුට තම ස්වාමි පුරුෂයන් අහිමි වූ අතර, ඇතැම් කාන්තාවන් ඉදිරිපිට ම තම ස්වාමි පුරුෂයින් ඝාතනය වී තිබිණි.

අප්‍රේල් 22 වන දින, ජම්මු සහ කාශ්මීරයේ පෙහෙල්ගාම්හි පුද්ගලයින් 26 දෙනෙකුගේ ජීවිත අහිමි කළ ත්‍රස්ත ප්‍රහාරය සංකේතවත් කරමින්, තම සැමියාගේ දේහය අසල කම්පනයෙන් වාඩි වී සිටින හින්දු කාන්තාවකගේ හද කම්පා කරවන රූපයක් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස පැතිර ගියේ ය.

හිමන්ෂි නර්වාල් නම් කාන්තාව 26 හැවිරිදි නාවික නිලධාරියෙකු වන විනයි නර්වාල් සමග විවාහ වී ගත වී තිබුණේ, සතියකටත් අඩු කාලයකි.

'ඔපරේෂන් සින්දූර්' යන නම පෙහෙල්ගාම් ප්‍රහාරයේ වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය මානුෂීයකරණය කිරීමට සහ ඔවුන්ගේ කැපකිරීම් සිහිපත් කිරීම සහතික කිරීමට උපකාරී වන බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

 sindoor 1

'ඔපරේෂන් සින්දූර්' යන නම පෙහෙල්ගාම් ප්‍රහාරයේ වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය මානුෂීයකරණය කිරීමට සහ ඔවුන්ගේ කැපකිරීම් සිහිපත් කිරීම සහතික කිරීමට උපකාරී වන බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

 

ඔපරේෂන් සින්දූර් හරහා මතු වූ කාන්තා නිලධාරිනියන් දෙදෙනා

ඉන්දීය හමුදාව විසින් 'ඔපරේෂන් සින්දූර්' ලෙස නම් කරන ලද මෙහෙයුම පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා බදාදා උදෑසන හමුදා කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් මාධ්‍යවේදීන් ඉදිරියේ පෙනී සිටියහ. ඒ, කර්නල් සොෆියා කුරේෂි සහ ගුවන් නියමු වයෝමිකා සිං යන දෙදෙනා ය.

කර්නල් සොෆියා කුරේෂි

sindoor 2

කර්නල් සොෆියා කුරේෂි

 

කර්නල් සොෆියා කුරේෂි යනු ඉන්දීය යුද්ධ හමුදාවේ නිලධාරිනියකි.

ඇය ගුජරාට් ප්‍රාන්තයේ උපත ලැබූවෙකු වන අතර ජෛව රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත.

කුරේෂි හමුදා පවුලකින් පැවත එන්නෙකි. ඇගේ සීයා ඉන්දියානු හමුදාවේ සේවය කළේ ය. ඇය විවාහ වී සිටින්නේ යාන්ත්‍රික පාබල හමුදාවේ නිලධාරියෙකු සමග ය.

සොෆියා කුරේෂි 1999 දී එනම් 17 හැවිරිදි වියේදී කෙටි කාලීන සේවා කොමිසම හරහා ඉන්දීය හමුදාවට බැඳිණි.

2006 වසරේදී කොංගෝවේ කැපී පෙනෙන සේවාවක් ද සමගින් ඇය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ වසර හයක කාලයක් සේවය කළා ය.

එහිදී ඇයගේ ප්‍රධාන කාර්යභාරය වූයේ, සාම මෙහෙයුම් සඳහා පුහුණු කිරීම්වලට දායක වීම ය.

වින්ග් කමාන්ඩර් වයෝමිකා සිං

 sindoor 3

වින්ග් කමාන්ඩර් වයෝමිකා සිං

 

සින්දූර් මෙහෙයුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කළ දෙවන නිලධාරිනිය වින්ග් කමාන්ඩර් වයෝමිකා සිං ය.

වයෝමිකා සිං ඉන්දීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවරියකි. වාර්තාවලට අනුව, ඇයට සැමවිට ම අවශ්‍ය වී ඇත්තේ ගුවන් නියමුවරියක වීමට ය.

ඇයගේ නමේ තේරුම 'අහස සමග සම්බන්ධ තැනැත්තා' යන්න ය. මෙම නම ඇයගේ අරමුණ කෙරෙහි වැඩි පෙළඹවීමක් ඇති කළේ ය.

වයෝමිකා සිං ජාතික කැඩෙට් බළකායේ (NCC) සේවය කළ අතර ඉංජිනේරු විද්‍යාව හදාරා ඇත. 2019 දී ඉන්දීය ගුවන් හමුදාවේ පියාසර ශාඛාවේ නියමුවරියක ලෙස ස්ථිර වූවා ය.

වයෝමිකා සිං ගුවන් නියමුවරියක ලෙද පැය 2500කට වඩා පියාසර කර ඇත. ජම්මු - කාශ්මීරයේ සහ ඊසානදිග ඉන්දියාවේ දුෂ්කර තත්ත්වයන් යටතේ ඇය චෙතක් සහ චීටා වැනි හෙලිකොප්ටර් පියාසර කර ඇත.

බොහෝ ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී ද ඇය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

| BBC සිංහල සේවය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...