BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

බිරිඳගෙන් ද සමා නොලද ස්කොට්ලන්ත දේශපාලනඥයා - පීටර් මලර් ට පස් වසරක සිර දඬුවම්

T

The Leader Desk

June 23, 2026 • 2:53 PM

බිරිඳගෙන් ද සමා නොලද ස්කොට්ලන්ත දේශපාලනඥයා - පීටර් මලර් ට පස් වසරක සිර දඬුවම්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ හිටපු ප්‍රධාන විධායක පීටර් මරල් ට අද (23), එරට අධිකරණයක ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් පස් වසරකට
  • පක්ෂ අරමුදල් අවභාවිත කරමින් ඔහු මිල අධික මෝටර් රථ, සුඛෝපභෝගී ජංගම නිවහනක් සහ  තවත් දෑ   මිලදී ගෙන ඇතැයි, එහිදී අනාවරණය විය.
  • 2010 -2023 අතර කාලයේ පවුම් 400,310 ක පක්ෂ  අරමුදල් අපහරණය කළ බවට චෝදනාවන්ට මරල් වරදකරු බව අධිකරණය අද තීන්දු කළේය.
  • එඩින්බරෝ මහාධිකරණයේ පැවති එම  නඩු විභාගයෙන් වරදකරු බවට පත්වීමෙන් අනතුරුව, ඔහුට වසරක පහකුත් මාස තුනක සිර දඬුවම් නියම විය.
අකුරු ප්‍රමාණය (Font Size):

අධික සිර දඬුවමක් පැනවිණි. ඒ, පවුම්  400,000 ක (ඇමෙරිකානු ඩොලර් 540,000) පක්ෂ අරමුදල් අපහරණය කිරීමේ චෝදනාවන්ට ඔහු  වරදකරු බවට පිළිගැනීමෙන් අනතුරුවය. පක්ෂ අරමුදල් අවභාවිත කරමින් ඔහු මිල අධික මෝටර් රථ, සුඛෝපභෝගී ජංගම නිවහනක් සහ  තවත් දෑ   මිලදී ගෙන ඇතැයි, එහිදී අනාවරණය විය.

ඔහු, එම පක්ෂයේ හිටපු නායිකා නිකොලා ස්ටර්ජන්ගේ දික්කසාදයෙන් තොර නාමික ස්වාමි පුරුෂයා ය. පක්ෂ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙමින් පැවති සමයෙක, 2023 වසරේ ඇය හදිසියේ, පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර, පසුව අත්අඩංගුවට ද පත් විය. එහෙත්, ඉකුත් වසරේ මාර්තු මස ඇය සියලු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කෙරිණි.

2010 -2023 අතර කාලයේ පවුම් 400,310 ක පක්ෂ  අරමුදල් අපහරණය කළ බවට චෝදනාවන්ට මරල් වරදකරු බව අධිකරණය අද තීන්දු කළේය. එම මුදල් භාවිතයෙන් ඔහු විසින් මෝටර් රථ කිහිපයක්, එස්ටේ ලෝඩර් (Estee Lauder) සහ හැරඩ්ස් (Harrods) වැනි සුඛෝපභෝගී සන්නාම යටතේ එන නිෂ්පාදන රැසක් මිලදී ගැනීමට කටයුතු කර තිබිණි. එඩින්බරෝ මහාධිකරණයේ පැවති එම  නඩු විභාගයෙන් වරදකරු බවට පත්වීමෙන් අනතුරුව, ඔහුට වසරක පහකුත් මාස තුනක සිර දඬුවම් නියම විය.

ඒ අනුව, ඔහු විසින්    නායකත්වය ලබා දුන් සංවිධානයේ, එම සාමාජිකයින්ගේ සහ ආධාරකරුවන්ගේ  විශ්වාසය කඩ කිරීමේ බරපතල චෝදනාවට ඔහු වරදකරු විය.

එය වංක භාවය පිලිබඳ සැලසුම් සහගත අපරාධයක් බව, තීන්දුව ප්‍රකාශයට පත් කළ ඇන්ඩෘ යන්ග් විනිසුරුවරයා පැවසීය. "ඔබ කළ පරිදි, ඉදිරියේදී එම වරද සිදු කරන අනෙකුත්  සංවිධානයන්හි තවත් ඕනෑම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙතොත්, ඔවුන්ට ද අනතුරු ඇඟවීමක්  වශයෙන්,  ඔබ වෙත මෙම දඬුවම පනවන  බව ද දත යුතුය," යනුවෙන් විනිසුරුවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

එම පක්ෂයේ මූල්‍ය විනය සම්බන්ධ විමර්ශන අතරතුර එහි  දිගු කාලීන නායිකා නිකොලා ස්ටර්ජන් අත්අඩංගුවට පත්වීම සහ පසුව, ඇයගේ  ස්වාමියා ද අධිකරණයකින් වරදකරු බවට පත් කිරීම, දශක දෙකකට ආසන්න කාලයක් ස්කොට්ලන්ත දේශපාලනයේ අධිකාරී බලය හෙබවූ, නිදහස් මතධාරී ජාතික පක්ෂය අසීරුතා රැසකට පත් කර ඇත.

මරල් වරද පිළිගැනීමෙන් අනතුරුව, සිය නිරවද්‍යතාවය ප්‍රකාශ කළ ස්ටර්ජන්, සිය  සැමියා පක්ෂ අරමුදල් පුද්ගලික පරිහරණයට යොදා ගත්  බවට කිසිවක් නොදන්නා බව, සහ ඒ පිලිබඳ සැකයේ පසු නොවූ බව ද ප්‍රකාශ කළාය.

සිය නැන්දනියගේ නිවෙස පිටත පරිශ්‍රයේ නවතා තිබූ පවුම් 124,550 ක් වටිනා ජංගම නිවහන් රථය කිසි දින නොදුටු බව ද ඇය කියා  සිටියාය.

මරල් විසින් වංචා කරන ලද පක්ෂ අරමුදල්, පවතින නීතිය යටතේ යළි අය කර ගැනීම පිණිස දැන්  විමර්ශන ක්‍රියාත්මක ය.

(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)

6/23/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Former Scottish National Party chief jailed for five years for embezzling party funds

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...