පෙත්සම් ඇහෙන්නෙ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ.
මේ විභාගය අතරතුරේ පහුගිය දවසක තරුණ ලෝයර් කෙනෙකුගෙ telephone එක ring වුණා. නිකම්ම නෙවෙයි 'Happy Birthday to you' කියන ring tone එකත් එක්ක. තරුණ lawyer තුමිය හරියට කලබල වෙලා බෑග් එකේ දුරකතනය හොයනව. ඒ අතරෙ තුන් හතර වතාවක්ම උපන් දින සුබ පැතුමත් වාදනය වුණා.
නීතිඥ තුමිය phone එක off කරන කල් ලංකාවෙ ඉහළම අධිකරණයෙ විනිසුරු මඩුල්ල බොහොම ඉවසිල්ලෙන් බලාගෙන හිටිය. යසන්ත කෝදාගොඩ විනිසුරුතුමා හිනාවෙලා පුංචි විහිලුවකුත් කළා.

ඊට පස්සෙ කිසිවක් නොවුණා වගේ අධිකරණයෙ කටයුතු දිගටම පවත්වගෙන ගියා.
නීතියෙ මොනව තිබුණත් අත්වැරදීමකින් දුරකතනය නාදවීම කියන්නෙ හිතාමතා කරන වරදක් නොවෙයි, ඒක mistake එකක් කියල ලංකාවෙ ඉහළම විනිසුරුවරුන් මඩුල්ල එදා වටහාගෙන තිබුණ.
මේ වගේ දේකදි බ්‍රිතාන්‍ය අධිකරණය හැසිරෙන්නෙ කොහොමද කියල මම මීට කලින් සටහනක් තැබුව.
පහත වීඩියෝවෙ තියෙන්නෙ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විනිසුරුවන් හැසිරිය යුත්තෙ කොහොමද කියල ලෝකයේ ප්‍රධානම පෙළේ නීතිඥ සංවිධානයක ප්‍රධානියා දක්වන අදහසක්. මම ඒ සාකච්ඡාව කළේ අධිකරණයට අපහාස කිරීම ගැන රන්ජන් රාමනායකට විරුද්ධව නඩුව විභාගවෙමින් තිබුණ කාලෙ. වෙලාවක් ලැබුණොත් Helena Kennedy සාමිවරියගෙ අදහසත් අහල බලන්න.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 මැයි 06



