BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කෙරේ

T

The Leader Desk

April 26, 2025 • 9:13 AM

චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක ව සිදු කර තිබෙනවා. (24) එම අභ්‍යවකාශ යානය චීනයේ Jiuquan චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.
  • චීනයේ 10 වැනි අභ්‍යවකාශ දිනය යෙදී ඇති දිනයේ ම Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුම සිදු කිරීම විශේෂත්වයක්.
  •     චීනය සිය පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළේ මීට වසර 55කට පෙරයි.
  • මෙවර අභ්‍යවකාශ මෙහෙයුම Shenzhou අභ්‍යවකාශ යානාවන්හි 20වන අභ්‍යවකාශ ගමන ලෙස ඉතිහාසයට එක් වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
Chen Dong , Chen Zhongrui සහ Wang Jie යන ගගනගාමීන් තිදෙනෙකු මෙවර අභ්‍යවකාශ මෙහෙයුමට එක් ව සිටිනවා. චීනයේ 10 වැනි අභ්‍යවකාශ දිනය යෙදී ඇති දිනයේ ම Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුම සිදු කිරීම විශේෂත්වයක්.
 
 
චීනය සිය පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළේ මීට වසර 55කට පෙරයි. මෙවර අභ්‍යවකාශ මෙහෙයුම Shenzhou අභ්‍යවකාශ යානාවන්හි 20වන අභ්‍යවකාශ ගමන ලෙස ඉතිහාසයට එක් වනවා.
මේ වන විට කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමෙන් පසු, එහි ගගනගාමීන් තිදෙනෙකු අභ්‍යවකාශ යානයේ කැප්සියුලයෙන් කක්ෂීය මොඩියුලයට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.
 
 
බෙයිජිං වෙලාවෙන් අද (25) අලුයම 1:17ට පමණ කක්ෂගතව මෙහෙයුම් සිදු කරන Shenzhou-19 ගගනගාමී කණ්ඩායම, පිවිසුම් දොර විවෘත කර Shenzhou-20 ගගනගාමී කණ්ඩායම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිළිගෙන තිබෙනවා.
පසුව, ගගනගාමීන් හය දෙනා විවිධ කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා දින පහක් පමණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීම අපේක්ෂාවයි.
 
සටහන - දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කෙරේ | The Leader