BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත්ගේ මරණය ගැන CBI අවසන් තීරණය

T

The Leader Desk

March 23, 2025 • 2:56 PM

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත්ගේ මරණය ගැන CBI අවසන් තීරණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් වසර පහකට ආසන්න කාලයක් විමර්ශනය වෙමින් තිබු නඩු
  • එය “සියදිවි නසාගැනීමේ සරල නඩුවක්” ලෙස සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
  • එමෙන්ම මරණය සම්බන්ධයෙන් පැවති නඩුවේ ගොනු කර ඇති FIR පෙත්සම් දෙකෙහි නම් කර ඇති සියලුම පුද්ගලයින් CBI විසින් නිදහස් කර ඇත.
  • එලෙස නිදහස් කර ඇත්තේ, සුෂාන්ත් රාජ්පුත් ගේ පෙම්වතිය වූ රංගන ශිල්පිනී රියා චක්‍රබෝර්ති, ඇගේ දෙමාපියන් සහ සහෝදරයා මෙන්ම රාජ්පුත්ගේ සහෝදරියක් වන ප්‍රියංකා සහ වෛද්‍යවරයෙකුවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොණු සියල්ල එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් "CBI" වසා දැමීමට තීරණය කර තිබේ.

එය “සියදිවි නසාගැනීමේ සරල නඩුවක්” ලෙස සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

එමෙන්ම මරණය සම්බන්ධයෙන් පැවති නඩුවේ ගොනු කර ඇති FIR පෙත්සම් දෙකෙහි නම් කර ඇති සියලුම පුද්ගලයින් CBI විසින් නිදහස් කර ඇත.

එලෙස නිදහස් කර ඇත්තේ, සුෂාන්ත් රාජ්පුත් ගේ පෙම්වතිය වූ රංගන ශිල්පිනී රියා චක්‍රබෝර්ති, ඇගේ දෙමාපියන් සහ සහෝදරයා මෙන්ම රාජ්පුත්ගේ සහෝදරියක් වන ප්‍රියංකා සහ වෛද්‍යවරයෙකුවය.

එමෙන්ම සියදිවි නසා ගැනීමට අනුබල දීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද නිගමනය කර ඇත.

CBI එහි අවසන් වාර්තාව සමඟ ලේඛන සහ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක් ගොනු කර ඇති අතර, අධිකරණය අප්‍රේල් 8 වන දිනට නඩුව විභාග කිරීමට සහ වැඩිදුර නියෝග සඳහා දින නියම කර ඇත බව සඳහන් වේ.

නළු සුෂාන්ත් සිං රාජ්පුත් ඔහුගේ මුම්බායි නිවසේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී සොයා ගැනුනේ 2020 වසරේ ජුනි 14 වනදාය.

සියදිවි නසා ගැනීමට අනුබල දීම, වංචා කිරීම, වැරදි ලෙස රඳවා තබා ගැනීම, සොරකම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයට සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා යටතේ රියා චක්‍රබෝර්ති, ඇගේ දෙමාපියන් සහ සහෝදරයා සහ තවත් දෙදෙනෙකු නම් කරමින් CBI 2020 අගෝස්තු 6 වන දින FIR පෙත්සම් ගොනු කර තිබුණි.

රාජ්පුත්ගේ පියා විසින් පැට්නා පොලීසියට ගොනු කරන ලද පැමිණිල්ලක් මත මෙම FIR පෙත්සම් ගොනු කර තිබුනේ අදාළ පුද්ගලයින් නළු රාජ්පුත්ට එවැනි පියවරක් ගැනීමට හේතු වූ බවට චෝදනා කරමිනි.

2020 ජුනි 14 වනදා 34 හැවිරිදි සුෂාන්ත්ගේ මරණයත් සමඟ ඔහුගේ අකල් වියෝව සම්බන්ධයෙන් ලොව පුරා ඔහු   ගේ රසික රසිකාවියන් මෙන්ම විවිද සංගම් පරීක්ෂණයක් ඉල්ලා හඬ නැගීය.

මේ අතර, ඇතැමුන් චෝදනා කළේ මෙම මරණයට හේතුව බොලිවුඩ් සිනමාවට සම්බන්ධ දැවැන්ත පවුල් කණ්ඩායම්වල ඇතැම් බලපෑම් සහ ක්‍රියාවන් බවටය.

එමෙන්ම ඔවුන් පැවසුවේ මෙය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය ඝාතනයක් වියයුතු බවටත්ය.

ඒ සුෂාන්ත් සිය නිවසේ මියගොස් සිටි ආකාරය, මරණ පරීක්ෂණය හා සම්බන්ධ ගැටලු සහ ඇතැම් සාක්ෂි විනාශ කිරීම වසන් කිරීම යන කරුණු උපුටා දක්වමිනි.

ඒ අනුව වසර 5කට ආසන්න කාලයක් සුෂාන්ත්ගේ මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් පරීක්ෂණ පැවැත් වූ අතර අවසානයේ ඔවුන් තීරණය කර ඇත්තේ මෙය සියදිවි නසා ගැනීමක් බවටය.

එහි අවසන් තීන්දුව අධිකරණය විසින් අප්‍රේල් 8 වනදා ලබාදීමට නියමිත බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

ඉන්දීය සිනමා ඉතිහාසයේ සිටම මේ වන තෙක්ම නළු නිලියන් කිහිපදෙනෙකු මෙලෙස ආන්දෝලනාත්මක ලෙස මියගොස් ඇති අතර ඇතැම් මරණ වසර ගණන් පැරණි වුවත් අදටත් අභිරහසක් ඉතිරිකර තිබේ.

එවන් අකල් මරණ අතර, දිව්‍යා භාරතී, ශ්‍රීදේවි, කුනාල් සිං, මීනා කුමාරි, ගුරු දත්, පර්වීන් බබී, ජියා ඛාන්, කුල්ජීත් රන්ධාවා, ස්මිතා පටිල් සහ නෆීසා ජෝසප් වැනි ඉන්දීය නළු ලියන්ගේ මරණ ප්‍රධාන වේ.

| aruna

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...