BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ ව්‍යාඝ්‍රයන් 72ක් හදිසියේ මියයයි

T

The Leader Desk

February 24, 2026 • 7:23 AM

තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ ව්‍යාඝ්‍රයන් 72ක් හදිසියේ මියයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු තායිලන්තයේ චියැං මායි නගරයේ පිහිටි සුප්‍රකට සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වූ ‘Tiger Kingdom’ සත්ත්ව උද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයින් 70කට අධික සංඛ්‍යාවක් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මිය ගොස් තිබේ.
  • වාර්තා වන අන්දමට Tiger Kingdom ආයතනයට අයත් මධ්‍යස්ථාන දෙකක සිටි ව්‍යාඝ්‍රයින් 72ක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.
  • සංචාරකයින්ට ව්‍යාඝ්‍රයින් ස්පර්ශ කිරීමට සහ ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන මෙම උද්‍යාන තුළ සතුන් 240කට අධික පිරිසක් රඳවා සිටි බව පැවසේ.
  •   එරට ජාතික පශු සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ "සතුන් රෝගී වී ඇති බව අප හඳුනා ගන්නා විටත් ප්‍රමාද වැඩි වී තිබුණා," යනුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ සම්බන්ධයේ විමර්ශන ආරම්බ කර ඇති බව සඳහන් වේ.

වාර්තා වන අන්දමට Tiger Kingdom ආයතනයට අයත් මධ්‍යස්ථාන දෙකක සිටි ව්‍යාඝ්‍රයින් 72ක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ. සංචාරකයින්ට ව්‍යාඝ්‍රයින් ස්පර්ශ කිරීමට සහ ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන මෙම උද්‍යාන තුළ සතුන් 240කට අධික පිරිසක් රඳවා සිටි බව පැවසේ.

tiger kingdom mae rim thailand 022326 1c8b43b4e7184dbaa87a0187bf333dcd

 

එරට ජාතික පශු සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ "සතුන් රෝගී වී ඇති බව අප හඳුනා ගන්නා විටත් ප්‍රමාද වැඩි වී තිබුණා," යනුවෙනි.

බළලුන් හෝ බල්ලන් වැනි සතුන්ට සාපේක්ෂව ව්‍යාඝ්‍රයින්ගේ රෝගී තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම අසීරු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පශු සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම සතුන් මියගොස් ඇත්තේ Canine Distemper Virus (CDV) නම් අතිශය බෝවන වෛරසය වැළඳීමෙන් බවයි.

tige9283

 

සුනඛයන් අතර පැතිරෙන මෙම වෛරසය සතුන්ගේ ශ්වසන, ආමාශ ආන්ත්‍රික සහ ස්නායු පද්ධතීන්ට දැඩි ලෙස හානි කරන බව සඳහන් වේ. මෙය ව්‍යාඝ්‍රයින් වැනි වන සතුන්ට වැළඳුණු විට මාරාන්තික විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

මියගිය සතුන්ගේ දේහයන් දැනටමත් ආදාහනය කර මිහිදන් කිරීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධියත් සමඟ Tiger Kingdom උද්‍යානය සති දෙකක කාලයකට තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

| adaderana

මුලාශ්‍රය :

Probe under way after illness kills 72 tigers in Thai tourist park

72 Tigers Dead at Chiang Mai’s Tiger Kingdom in Thailand

72 Tigers Dead After Lethal Virus Outbreak at Tourist Parks Across Thailand

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ ව්‍යාඝ්‍රයන් 72ක් හදිසියේ මියයයි | The Leader