BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ට්‍රම්ප්ගේ ප්‍රතිඥාවෙන් පසු TikTok ඇමෙරිකාවේ යළි වැඩ

T

The Leader Desk

January 20, 2025 • 6:06 AM

ට්‍රම්ප්ගේ ප්‍රතිඥාවෙන් පසු TikTok ඇමෙරිකාවේ යළි වැඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • TikTok එක්සත් ජනපදයේ මිලියන 170 ක පරිශීලකයින් වෙනුවෙන් සිය සේවා නැවත ආරම්භ කර තිබේ.
  • මීට පෙර TikTok තහනම් කිරීමට සහය දුන් ට්‍රම්ප්, තහනම ප්‍රමාද කිරීමට සහ එකඟතාවක් ඇති කර ගැනීම සඳහා වැඩි කාලයක් ලබා දෙන බවට ඉරිදා පොරොන්දු විය.
  • TikTok පසුව පැවසුවේ තමන් "සේවාව නැවත යථා තත්වයට පත් කිරීම" සඳහා ක්‍රියා කරන බවයි.
  • සමාගම නිවේදනයක් නිකුත් කරමින්, "පැහැදිලි භාවය සහ සහතිකය ලබා දීම" වෙනුවෙන් ජනාධිපති ධූරය භාර ගන්නා ට්‍රම්ප්ට ස්තූතිය පළ කළ අතර TikTok එක්සත් ජනපදයේ තබා ගැනීම සඳහා දිගුකාලීන විසඳුමක් සඳහා ඔහු සමඟ කටයුතු කරන බව ද පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ, තමන් ජනාධිපති ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු TikTok සමාජ මාධ්‍ය සඳහා ඇමෙරිකාවේ පනවා ඇති තහනම අත්හිටුවමින් සහන කාලයක් ලබා දීම සඳහා විධායක නියෝගයක් නිකුත් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.
 


ජාතික ආරක්ෂක හේතු මත එය තහනම් කිරීමේ නීතියක් බලාත්මක වීමෙන් පසුව, සෙනසුරාදා සවස, චීනයට අයත් TikTok යෙදුම ඇමෙරිකානු පරිශීලකයින් සඳහා ක්‍රියාකිරීම අත්හිටුවන ලදී.

මීට පෙර TikTok තහනම් කිරීමට සහය දුන් ට්‍රම්ප්, තහනම ප්‍රමාද කිරීමට සහ එකඟතාවක් ඇති කර ගැනීම සඳහා වැඩි කාලයක් ලබා දෙන බවට ඉරිදා පොරොන්දු විය. TikTok පසුව පැවසුවේ තමන් "සේවාව නැවත යථා තත්වයට පත් කිරීම" සඳහා ක්‍රියා කරන බවයි.

යෙදුම නැවත ක්‍රියා කිරීමට පටන් ගැනීමෙන් පසුව මිලියන ගණනක් පරිශීලකයින් ට්‍රම්ප්ට ස්තූතිය පුද කරන පණිවිඩයක් එහි දිස්විය. සමාගම නිවේදනයක් නිකුත් කරමින්, "පැහැදිලි භාවය සහ සහතිකය ලබා දීම" වෙනුවෙන් ජනාධිපති ධූරය භාර ගන්නා ට්‍රම්ප්ට ස්තූතිය පළ කළ අතර TikTok එක්සත් ජනපදයේ තබා ගැනීම සඳහා දිගුකාලීන විසඳුමක් සඳහා ඔහු සමඟ කටයුතු කරන බව ද පැවසීය.

TikTok හි ප්‍රධාන විධායක නිලධාරී ෂෝ චු අද පැවැත්වෙන ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සෙනසුරාදා සවස් භාගයේදී එක්සත් ජනපද පරිශීලකයින් සඳහා TikTok හි දර්ශනය වූ පණිවිඩයක සඳහන් වූයේ " දැනට ඔබට TikTok භාවිතා කළ නොහැක" යන අර්ථය සහිත පණිවිඩයකි.

 

අමෙරිකාවේ TikTok තහනම් කිරීමට නියෝග
චීන රජය සමඟ ඇති සම්බන්ධතා පිළිබඳ කනස්සල්ල දනවන කරුණු හේතුවෙන් මෙම වීඩියෝ බෙදාගැනීමේ යෙදුම එක්සත් ජනපදය තහනම් කොට තිබේ. තහනම වළක්වා ගැනීමට TikTok එක්සත් ජනපදයේ අනුමත ගැනුම්කරුවෙකුට විකිණීම සඳහා ජනවාරි 19 වන දින දක්වා එමඟින් කාලය ලබා දෙන ලදී.

ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබුණේ මෙම ගැටලුව ඔහුගේ අනුප්‍රාප්තිකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට තීරණය කිරීමට භාර දෙන බවයි.

තමා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට ආසන්නව තිබියදී ඉරිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත ඇමෙරිකාවේ ටික්ටොක් තහනමට දින 90 ක සහන කාලයක් ලබා දෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණි.

ට්‍රම්ප් එන්බීසී පුවත් සේවයට පැවසුවේ තමා සදුදා ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කෙරෙනු ඇති බවය.

ධූරයෙන් නික්ම යන ජනපති බයිඩන්ගේ පරිපාලනය තහනම බලාත්මක නොකරන බවට සහතිකයක් ලබා නොදුනහොත් ඉරිදා සිට "සේවා නතරවනු" ඇතැයි TikTok අනතුරු අඟවා තිබුණි.

චීනය පදනම් කරගත් එහි මව් සමාගම වන ByteDance විසින් ජනවාරි 19 වන දා විට එය විකුණන්නේ නම් මිස එක්සත් ජනපදයේ TikTok තහනම් කරමින් පනවන ලද නීතිය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා තහවුරු කළේය. ByteDance සමාගම ගැනුම්කරුවෙකු සෙවීම ප්‍රතික්ෂේප කර තිබේ.

tiktok9
සෙනසුරාදා සවස් භාගයේදී එක්සත් ජනපද පරිශීලකයින් සඳහා TikTok හි දර්ශනය වූ පණිවිඩයක සඳහන් වූයේ " දැනට ඔබට TikTok භාවිතා කළ නොහැක" යන අර්ථය සහිත පණිවිඩයකි.

"දින 90 ක සහන කාලය බොහෝ දුරට වෙන්න පුළුවන් දෙයක් , මොකද ඒක සුදුසුයි. ඔබ දන්නවා, එය සුදුසුයි. අපි එය හොඳින් සලකා ඕනි . ඒක දැවැන්ත තත්ත්වයක්," ට්‍රම්ප් NBC ප්‍රවෘත්ති සේවය සමඟ දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

ඔහු පැය කිහිපයකට පසු ABC ප්‍රවෘත්ති වෙත ද එවැනිම ප්‍රකාශයක් කළේය.

"හොඳයි, ඔබ දන්න පරිදි මට අයිතියක් තියෙනවා, තීරණය ගන්නේ මම," ඔහු ABC වෙත පැවසීය. "බොහෝ දුරට, මම දින 90ක සහනයක් දෙනවා. - ඔබ සමහරවිට දන්නා විදියටම දින 90ක කාලයක් තියෙනවා. අපි නිශ්චිත තීරණයකට එළඹෙනකන් මම ඒක කරන්නම්."

TikTok: රාජ්‍යයන් ආරක්ෂාව පිළිබඳ කනස්සල්ලෙන් පසුවන්නේ ඇයි?

 

TikTok සමාජ මාධ්‍ය සිකුරාදා සවස් භාගයේ කියා සිටියේ කියා සිටියේ ධවල මන්දිරය සහ ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව "TikTok සේවා පවත්වගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ට නිසි පැහැදිලි කිරීමක් සහ සහතිකයක් ලබා දීමට අපොහොසත් වී ඇති" බවයි.

නමුත් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරීන් ජොන් පියර් සෙනසුරාදා කියා සිටියේ ටික්ටොක් සේවා නතර කිරීමට ආසන්න බවට අනතුරු ඇඟවීම "උද්වේගකර" ක්‍රියාවක් බවයි.

"ට්‍රම්ප් පරිපාලනය සඳුදා බලයට පත්වීමට පෙර ඉදිරි දින කිහිපය තුළ TikTok හෝ වෙනත් සමාගම් ක්‍රියාමාර්ග වෙත යොමුවීමට කිසිදු හේතුවක් අපිට පේන්නේ නැහැ," ඇය පැවසුවාය.

"අපි අපගේ ස්ථාවරය පැහැදිලිව සහ සෘජුව දක්වා තියෙනවා: මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ගය මීළඟ පරිපාලනයට තමා යොමු වන්නේ. ඒ නිසා TikTok සහ අනෙකුත් සමාගම් ඕනෑම කරුණක් පෙන්වා දිය යුත්තේ ඔවුන්ටයි."



ට්‍රම්ප් සිකුරාදා ප්‍රකාශ කළේ තමා චීනයේ ජනාධිපති ෂී ජින්පින් සමඟ TikTok ඇතුළු සෙසු ප්‍රශ්න ගැන සාකච්ඡා කළ බවයි.

TikTok හි ප්‍රධාන විධායක නිලධාරි ෂෝ සි චෙව් සඳුදා ට්‍රම්ප්ගේ සමාරම්භක උත්සවයට සහභාගිවන තාක්ෂණික සමාගම්වල විධායකයින් පිරිසට ද එක්වීමට නියමිත වේ.

ඇමෙරිකානු ෆෙඩරල් සේවකයින් සහ කොන්ත්‍රාත්කරුවන් සොයා ගැනීමට චීන ඔත්තුකරුවන්ට යෙදුමේ දත්ත භාවිතා කළ හැකි බවට එක්සත් ජනපද ජාතික ආරක්ෂක නිලධාරීන් අනතුරු අඟවා ඇති අතර TikTok විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.

මෙම සමාජ මාධ්‍ය වේදිකාව එක්සත් ජනපදයේ මිලියන 170 ක් වූ පරිශීලකයින් අතර ඉතා ජනප්‍රියය. එය තරුණ ඡන්දදායකයින් වෙත ළඟා වීමට ඇමෙරිකානු දේශපාලන ව්‍යාපාර සඳහා වටිනා මෙවලමක් බව ඔප්පු කර ඇත.

(සටහන | ඇනා ෆාගුයි)
බීබීසී පුවත් - වොෂින්ටනය
19 ජනවාරි 2025

උපුටා ගැනීම : BBC සිංහල සේවය 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...