BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

රජයක් පිහිටු වන්න නොහැකිව විජේගේ TVK පක්ෂය තවමත් අර්බුදයක !

T

The Leader Desk

May 7, 2026 • 3:28 PM

රජයක් පිහිටු වන්න නොහැකිව විජේගේ TVK පක්ෂය තවමත් අර්බුදයක !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනයේ දශක ගණනාවක ‘ද්‍රවිඩ පක්ෂ’ ඒකාධිකාරය බිඳ දමමින් සුපිරි කොලිවුඩ් නළු තලපති විජේගේ
  • විජේ ඇතුළු පක්ෂයේ නියෝජිතයින් ඊයේ තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය බහුතරය ලිඛිතව පෙන්වන ලෙසටයි.
  • ආසන 234කින් සමන්විත තමිල්නාඩු මන්ත්‍රණ සභාවේ තනි විශාලතම පක්ෂය ලෙස විජේගේ TVK පක්ෂය ආසන 108ක් දිනා ගැනීමට සමත් විය.
  • එහෙත් බහුතරය සඳහා අවශ්‍ය මන්ත්‍රී ආසන ගණන 118කි.
අකුරු ප්‍රමාණය (Font Size):

TVK පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇතත්, රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වේ.

විජේ ඇතුළු පක්ෂයේ නියෝජිතයින් ඊයේ තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය බහුතරය ලිඛිතව පෙන්වන ලෙසටයි.

ආසන 234කින් සමන්විත තමිල්නාඩු මන්ත්‍රණ සභාවේ තනි විශාලතම පක්ෂය ලෙස විජේගේ TVK පක්ෂය ආසන 108ක් දිනා ගැනීමට සමත් විය.

එහෙත් බහුතරය සඳහා අවශ්‍ය මන්ත්‍රී ආසන ගණන 118කි.

මේ අතර, තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටුවීම සඳහා තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය වෙත සිය පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ඊයේ තීරණය කළේය.

කොංග්‍රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 5ක් හිමි විය.

කොංග්‍රස් පක්ෂය පවසන්නේ මෙම සන්ධානය 'සමාජ සාධාරණත්වය සහ ලෞකිකවාදය' මත පදනම් වූවක් බවයි.

විජේගේ සහ රාහුල් ගාන්ධි අතර ඇති කරගත් එකඟතාවයකට අනුව, ඉදිරි පළාත් පාලන සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහාද මෙම සහයෝගීතාව ක්‍රියාත්මක වනු ඇත.

විජේගේ රජයක් යටතේ කොංග්‍රස් පක්ෂයට අමාත්‍ය ධුර දෙකක් හිමිවීමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර, පවතින දේශපාලන අස්ථාවරත්වය තුල සිදු විය හැකි අකටයුතුකම් වැලැක්වීමේ අරමුණින් විශේෂ වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ආණ්ඩුකාර මන්දිරය, TVK ප්‍රධාන කාර්යාලය සහ ප්‍රධාන දේශපාලන නායකයින්ගේ නිවාස අසල පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර සමාජ මාධ්‍ය නිරීක්ෂණ ඒකකයක්ද ක්‍රියාත්මක බව එහි සඳහන් වේ.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...