පසුගිය දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක බැහැදුටු බව පැවසූ තානාපතිවරයා පවසා සිටියේ ඉතා සමීප මිත්‍ර සම්බන්ධයක් ඇති රටක් ලෙස ලංකාවේ සිදු වූ දේශපාලන පරිවර්තනය ඉතා සුබවාදී ලෙස දකින බවයි.
විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබදව ඉතා උනන්දුවෙන් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
තව ද ඉදිරි දිනවලදී කිරීමට නියමිත ජනාධිපතිවරයාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේ දී ඉහත අයෝජන අවස්ථා පිළිබදව දැනුවත් කිරීමට සහ විවිධ එකඟතා ඇතිකර ගැනීමට ඉතා සුදුසු අවස්ථාවක් වනු ඇතැයි ද විශ්වාසය පළ කළේ ය.
එම අවස්ථාවේ දී කරුණු දැක් වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පැවසුවේ, ලාංකිකයන් විශාල වශයෙන් රැකියා කරන ලංකාවේ හයවෙනි අපනයන වෙළදපොළද වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ධනවත් හා සමෘද්ධිමත් රාජ්‍යයක් ලෙසත්, දැඩි මිත්‍රත්වයකින් බැදුණු රටක් ලෙසත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා බැදුණු සියලුම ආකාරයේ සම්බන්ධතා ඉතාමත් අගය කරන බවයි.
විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සම්බන්ධතා එම මිත්‍රත්වය තවත් දැඩි කරනු ඇතැයිද ඇමතිවරයා විශ්වාසය පළ කළේ ය.
කලාපයේ බලශක්ති ස්ථාවරත්වය සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ ඇමතිවරයා ජනාධිපති සමග ඉදිරි සංචාරයට සහභාගී වන නිසා එහි දී තවත් එකඟතා රැසැක් ඇතිකර ගැනීමට අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ UAE සංචාරය පෙබරවාරි 10දා
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරය සිදුකරන බවයි.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා '2025 ලෝක රාජ්‍ය සමුළුව' ඇමතීමටද නියමිතව ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දන්වා සිටියි.



