BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුවට එක්වී කරුණා කළ අපරාධ ගැනත් හොයන ලෙස UN ඉල්ලයි

T

The Leader

June 27, 2020 • 1:15 AM

ආණ්ඩුවට එක්වී කරුණා කළ අපරාධ ගැනත් හොයන ලෙස UN ඉල්ලයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහින්ද රාජපක්ෂ පාලනයේ ඇමැතිවරයකු මෙන්ම ඔහුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකුද වූ හිටපු කොටි නායකයකුගේ අතීත අපරාධ චෝදනා සම්බන්ධ විමර්ශනයට
  • කෙසේ වෙතත්, යුද අපරාධ චෝදනා එල්ලවී ඇති නායකත්වයක් සහිත ආණ්ඩුවක පාලනය යටතේ යුක්තිය ඉටුවීමේ ඉඩකඩ සම්බන්ධයෙන් ඔවුන් වෙතින් පලවී ඇත්තේ සැකයකි.
  • වීඩියෝ  එම ප්‍රකාශය සම්බන්ධ විභාගයක් පවත්වන  සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණා කැඳවා ප්‍රශ්න කර තිබුණි.
  • "හිටපු LTTE ආඥාපතියකු සහ ආණ්ඩුවේ ඇමතිවරයකු වන කරුණා අතීත අපරාධ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන බව අපේ අවධානයට ලක් වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ප්‍රම්‍රුඛ පෙලේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල සහාය පළ වී තිබේ.

කෙසේ වෙතත්, යුද අපරාධ චෝදනා එල්ලවී ඇති නායකත්වයක් සහිත ආණ්ඩුවක පාලනය යටතේ යුක්තිය ඉටුවීමේ ඉඩකඩ සම්බන්ධයෙන් ඔවුන් වෙතින් පලවී ඇත්තේ සැකයකි. ඒ වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් සමයේ රජයේ හමුදා සමග හවුලේ කටයුතු කරන විටද බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා කරුණාට එල්ල වී තිබුණු හෙයිනි.

දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායකයකු වී සිටි සමයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ සමාජිකයන් දහස් ගණනක් මරා දැමූ තමන්, සුළු පිරිසක් මැරූ කොරෝනාවට වඩා බියකරු පුද්ගලයකු බවට කර්නල් කරුණා අම්මාන් නමින් ප්‍රකට විනයාගමූර්ති මුරලිදරන් මඩකලපුවේ නාවිදන්වේලි හි මැතිවරණ ප්‍රචාරක රැළියකදී ආධාරකරුවන් අමතා පවසා තිබුණි.

වීඩියෝ 


එම ප්‍රකාශය සම්බන්ධ විභාගයක් පවත්වන  සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණා කැඳවා ප්‍රශ්න කර තිබුණි.

ඉතිහාසයේ ඔහු විසින් කරන ලද අපරාධ ගැන ප්‍රශ්න කරනු ලැබීම තම අවධානයට ලක්ව ඇතැයි පවසන මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් කාර්යාලය ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධව ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කළ යුතු යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත.

"හිටපු LTTE ආඥාපතියකු සහ ආණ්ඩුවේ ඇමතිවරයකු වන කරුණා අතීත අපරාධ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන බව අපේ අවධානයට ලක් වී තිබේ. ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක් වන තොග පිටින් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ද ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතුය. වගවීම ශ්‍රී ලංකාවේ හැමටම වලංගු විය යුතුය."

2004 දී කොටි සංවිධානයෙන් කැඩී ආ පසුත් කරුණා අම්මාන් සිය නායකත්වයෙන් පිහිටුවාගත් ද්‍රවිඩ මක්කල් විඩුදලෙයි පුලිකල් සංවිධානය නැගෙනහිර පලාතේ සිදුවු අතුරුදහන් කිරීම්, වධහිංසා පැමිණවීම් සහ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම් වැනි අපරාධ වලට වග කිව යුතු බවට හියුමන් රයිට්ස් වොච් ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එවක දී චෝදනා කළේය.

කොටි සංවිධානයෙන් වෙන්විමෙන් පසුව රජයේ ආරක්ෂක අංශ යටතේ ක්‍රියාත්මක වන අතුරු හමුදා ඒකකයක් පවත්වාගෙන ගිය කරුණා විසින් සිදු කරන ලද නීති විරෝධී ක්‍රියා ගැන රජය දැනුවත් වී සිටි බවට එම වාර්තා වැඩි දුරටත් කියා තිබුණි.

කරුණා විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

Screen Shot 2020 06 27 at 12.06.38 PMයුද හමුදාවට කරුණා එක් වූ පසු ඔහුගේ සංවිධානයේ සන්නද්ධ සාමාජික පිරිසක්. 2006 නොවැම්බර් 11 දා 2006 නොවැම්බර් 11 දා  මඩකලපුවේ දී. රොයිටර්ස් ඡායාරූපය අනුරුද්ධ ලොකුහපුආරච්චි.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කර්නල් කරුණා අම්මාන්ට එල්ලවී ඇති බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරිමේ චෝදනා සම්බන්ධව විමර්ශනය කර නඩු පැවරිය යුතු බව පෙන්වා දෙන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඔහුට එල්ලවී ඇති යුද අපරාධ සම්බන්ධව බොහෝ කලකට පෙර අපරාධ පරීක්ෂාවට ලක් කළ යුතුව තිබුන බවයි නිවේදනය කරන්නේ.

"වසර 26 ක සන්නද්ධ ගැටුම අතරතුර, නීතිවිරෝධී මිනිස් ඝාතන සහ සිවිල් වැසියන්ට පහරදීම ඇතුළු ගනන් නැති බරපතල අපයෝජනයන්ට එල්ටීටීඊය වගකිව යුතු විය. එල්ටීටීඊයට යටත් වීමෙන් පසු 1990 ජුනි මාසයේදී කරුණාගේ අණ යටතේ සිටි හමුදා සිය ගණනක් පොලිස් නිලධාරීන් සමූළඝාතනය කිරීමට සම්බන්ධ විය."

 "ඊළඟ මාසයේ ඔහුගේ හමුදා මුස්ලිම් සංචාරකයින් 75 ක් පමණ ඝාතනය කළේය. එම වසරේ අගෝස්තු මාසයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් 200 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ හමුදාව වගකිව යුතු යැයි කියනු ලැබේ."

ශ්‍රී ලංකා බලධාරීන් කරුණාට එරෙහිව ඇති යුද අපරාධ සහ වෙනත් බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විමර්ශනය කර නිසි පරිදි නඩු පැවරිය යුතුව ඇතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද යුද අපරාධ චෝදනා සහිත අයකු නිසා කරුණා යළිත් දඬුවමක් නොලබාම ගැලවී යනු ඇතැයි හියුමන් රයිට්ස් වොච් සැක පළ කරයි.


සබැඳි පුවත් :
කාරුනා අම්මාන්ගේ 'පුරසාරම්' ගැන විමර්ශනයක්!  -හියුමන් රයිට්ස් වොච් වාර්තාවක් 

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය : යුධ ජයග්‍රහණයකින් වසා දමා තිබෙන 'කතාවක්' යළි කරලියට -Aruni Samarakoon

කරුණාගේ සමූලඝාතන කතාව සහ රාජපක්ෂලාගේ දෙමළ ඡන්ද මැෂිම -අනුරුද්ධ ලොකුහපුආරච්චි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...