BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

බලහත්කාර භූමදානය නවත්වා ගන්නට මුස්ලිම්වරුන් UN උදව් ඉල්ලයි

T

The Leader Desk

January 27, 2021 • 5:38 AM

  බලහත්කාර භූමදානය නවත්වා ගන්නට මුස්ලිම්වරුන් UN උදව් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෝවිඩ් වසංගතයෙන් මියයන සියල්ලන්ගේම මළ සිරුරු පිළිස්සීම සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බරපතල ලෙස හෙලා දකිද්දී, ශ්‍රී ලංකා රජයේ එම
  •    ජනවාරි 26 අඟහරුවාදා දහවල් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් බාර දෙමින් එම ඉල්ලීම කර ඇත්තේ  මුස්ලිම් වාමාංශික පෙරමුණ  විසිනි.
  • ඔවුන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ සියලු සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව ආරක්‍ෂිතව සිරුරු වල දැමීම සම්බන්ධයෙන්  ලෝක සෞඛ්‍ය සංවිධානය පනවා ඇති කොන්දේසි අනුගමනය කරමින් භූමදානය කිරීම සඳහා රජයේ අවසරය පමණි,” යි එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය අමතා ලියූ ලිපියේ දැක්වේ.
  •   සිය ඉල්ලීම් ඇතුලත්  කරමින්  භාෂා ත්‍රිත්වයෙන්ම ලියන ලද  බැනර් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවෙත ප්‍රදර්ශනය කිරීමටත් මුස්ලිම් වාමාංශික පෙරමුණ කටයුතු කර තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):
බලහත්කාර ප්‍රතිපත්තිය අහෝසි කර ගැනීමට මුස්ලිම්වරුන්  එක්සත් ජාතීන්ගේ පිහිට පතා තිබේ.
 
 ජනවාරි 26 අඟහරුවාදා දහවල් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් බාර දෙමින් එම ඉල්ලීම කර ඇත්තේ  මුස්ලිම් වාමාංශික පෙරමුණ  විසිනි.
 
 එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර්ට සන්දේශය බාර දුන් මුස්ලිම් වාමාංශික පෙරමුනේ ප්‍රධාන ලේකම් එම්.ආර්.එම් ෆයිසාල් පෙන්වා දී ඇත්තේ, කොරෝනාබාධිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු භුමදානය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දී තිබුනත් ශ්‍රී ලංකාවේ රජය මුස්ලිම් ජනයාට එම අයිතිය අහුරා ඇති බවයි.
 
 
 
ඉස්ලාම් ධර්මානුකූලව මරණයක් සම්බන්ධයෙන් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු සතර පිළිවෙතින් තුනක්ම කෝවිඩ් වසංගතය පැතිරීම වැලැක්වීම වෙනුවෙන් අත් හැර දැමූ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අනුගමනය කිරීමට ඉල්ලා සිටින එකම අයිතියත් රජය විසින් අහිමි කර ලීම ගැන මුස්ලිම් වාමාංශික පෙරමුණ කනස්සල්ල පල කර තිබුණි.
 
 
 
“මළ සිරුර සේදීම, රෙදිවලින් වේලීම සහ සාමුහික යාඥාව අතහරින්නට මුස්ලිම්වරුන් එකඟවී තිබේ. ඔවුන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ සියලු සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව ආරක්‍ෂිතව සිරුරු වල දැමීම සම්බන්ධයෙන්  ලෝක සෞඛ්‍ය සංවිධානය පනවා ඇති කොන්දේසි අනුගමනය කරමින් භූමදානය කිරීම සඳහා රජයේ අවසරය පමණි,” යි එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය අමතා ලියූ ලිපියේ දැක්වේ.
 
සිය ඉල්ලීම් ඇතුලත්  කරමින්  භාෂා ත්‍රිත්වයෙන්ම ලියන ලද  බැනර් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවෙත ප්‍රදර්ශනය කිරීමටත් මුස්ලිම් වාමාංශික පෙරමුණ කටයුතු කර තිබුනි.
 
 "ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට ගරු කරනු, බලහත්කාරයෙන් පුළුස්සාදැමීම නතර කරනු, පළමු මානව හිමිකම ආගමික හිමිකමයි" ඒවායෙහි සදහන්ව තිබුනි.
 
 

Screen Shot 2021 01 27 at 10.41.37 AM

 
 
 
කෝවිඩ් වසංගතයෙන් මියයන සියල්ලන්ගේම මළ සිරුරු පිළිස්සීමේ ශ්‍රී ලංකා රජයේ බලහත්කාර ප්‍රතිපත්තිය සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසින් දැඩි ලෙස හෙළා දකින  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ   සිව් පුද්ගල විශේෂඥ මණ්ඩලයක්   දැඩි ස්වරයෙන් යුත් නිවේදනයක් නිකුත් කරමින් ජනවාරි 25 සදුදා රජයට බල කර තිබුනේ  කෝවිඩ් රෝගාබාධිතව මියගිය අයගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවතා දමන ලෙස යි.
 
 එය මුස්ලිම්වරුන්ගේ සහ රටේ වෙනත් සුළු ආගමිකයන්ගේ ඇදහිල්ලට හරස්ව යන බවත්, දැනටමත් පවත්නා අගතීන්, නොරුස්නා කම් සහ ප්‍රචණ්ඩතා තවත් පැසවන්නට මග පෑදිය හැකි බවටත් ඔවුහු එම නිවේදනය මගින් වැඩි දුරටත්  අනතුරු අඟවා තිබුනි.
 
 කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු ආදාහනය කිරිමට විරෝධය පාමින්  “බලහත්කාරයෙන් ආදාහනය නවතනු” මැයෙන් 2020 දෙසැම්බර් 31 බදාදා බොරැල්ල කනත්ත ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමටත් මුස්ලිම් වාමාංශික පෙරමුණේ කටයුතු කර තිබුනි.
 
 මළ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීම මේ වසර  ආරම්භයේදීම නතර කර  මුස්ලිම් ජනයාගේ සිතට සතුටක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කරන ලෙස එම පෙරමුණ  ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් කර තිබුනි.
 
 එසේ නොවුනහොත් මුස්ලිම් ජනයාගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම සදහා නව වසරේ දිනපතා සටන් කිරීමට සිදු වන බවට මුස්ලිම් වාමාංශික පෙරමුණ  ආණ්ඩුවට අනතුරු අගවා තිබුනි.
 
 

 
සබැඳි පුවත් :
 

 

 
ගරානා මාෆියාව, රෝයල් ප්‍රින්සිපල් එලවයි ද ? 
 
 
ජනපතිගේ අලුත් කොමිසමට ජාත්‍යන්තර ප්‍රහාරයක්
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...