BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ට්‍රම්ප් 'Voice of America' වසා දමයි

T

The Leader Desk

March 18, 2025 • 4:04 PM

ට්‍රම්ප් 'Voice of America' වසා දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | නාසි සහ ජපාන ප්‍රචාරයන්ට එරෙහිව සටන් කිරීමේ වරමක් සහිතව 1942 දී වොයිස් ඔෆ් ඇමෙරිකා ආරම්භ කෙරුණි
  • ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම නියෝගය "බදු ගෙවන්නන් තවදුරටත් රැඩිකල් ප්‍රචාරණයට හසු නොවීම සහතික කරනු ඇති" බව ය.
  • එම සේවය පවසන්නේ දැනට සෑම සතියකම ලොව පුරා මිලියන සිය ගණනක් ජනතාව වෙත තමන් ළඟා වන බවය.
  • VOA හි අධ්‍යක්ෂ මයික් ඒබ්‍රමොවිට්ස් පැවසුවේ තමා සහ 1,300 දෙනෙකුගෙන් යුත් සිය මුළු කාර්ය මණ්ඩලයම පාහේ වැටුප් සහිත නිවාඩු යවා ඇති බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


"ට්‍රම්ප් විරෝධී" සහ "රැඩිකල්" බවට චෝදනා කරමින්, ෆෙඩරල් රජය මගින් අරමුදල් සපයන ප්‍රවෘත්ති සංවිධානයක් වන 'Voice of America' අහෝසි කිරීමේ නියෝගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම නියෝගය "බදු ගෙවන්නන් තවදුරටත් රැඩිකල් ප්‍රචාරණයට හසු නොවීම සහතික කරනු ඇති" බව ය.

තවමත් ප්‍රධාන වශයෙන් ගුවන් විදුලි සේවාවක් වන 'Voice of America' (VOA) , දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි ප්‍රචාරණයට එරෙහිව සටන් කිරීම සඳහා පිහිටුවන ලදී. එම සේවය පවසන්නේ දැනට සෑම සතියකම ලොව පුරා මිලියන සිය ගණනක් ජනතාව වෙත තමන් ළඟා වන බවය.

VOA හි අධ්‍යක්ෂ මයික් ඒබ්‍රමොවිට්ස් පැවසුවේ තමා සහ 1,300 දෙනෙකුගෙන් යුත් සිය මුළු කාර්ය මණ්ඩලයම පාහේ වැටුප් සහිත නිවාඩු යවා ඇති බව යි.

 | 'වොයිස් ඔෆ් ඇමෙරිකා' විසුරුවා හැරීම 'බරපතල කාර්යයක්' බව ටැමි බෲස් පවසයි

මෙම නියෝගය සමග VOA සේවයට තම "වැදගත් මෙහෙවර ඉටු කිරීමට නොහැකි වෙලා තිබෙනවා... විශේෂයෙන් අද කාලයේ තීරණාත්මක වන, ඉරානය, චීනය සහ රුසියාව වැනි ඇමෙරිකාවේ විරුද්ධවාදීන් එක්සත් ජනපදය අපකීර්තියට පත් කිරීම සඳහා ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කරනවා." යැයි ඒබ්‍රමොවිට්ස් පැවසීය.

ඇමෙරිකානු මාධ්‍යවේදීන් සඳහා වන ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් වන ජාතික මාධ්‍ය සමාජය පැවසුවේ මෙම නියෝගය "නිදහස් හා ස්වාධීන මාධ්‍යයක් සඳහා ඇමෙරිකාවේ දිගුකාලීන කැපවීම අඩපණ කරන" බවයි.

"සම්පූර්ණ ප්‍රවෘත්ති කාමරයක් එක රැයකින් පැත්තකට දැමිය හැකි නම්, මාධ්‍ය නිදහසේ තත්ත්වය ගැන එයින් කියවෙන්නේ කුමක්ද?" යනුවෙන් එම කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කළේය.

"සම්පූර්ණ ආයතනයක් කෑල්ලෙන් කෑල්ල විසුරුවා හරිමින් පවතිනවා. මේක හුදෙක් කාර්ය මණ්ඩල බඳවා ගැනීම්වලට අදාළ තීරණයක් පමණක් නොවේ - මේක VOA සේවයේ ස්වාධීන ජනමාධ්‍ය කලාවේ අනාගතය අනතුරේ හෙළන ප්‍රමුඛ පරිවර්තනයක්."

ජනාධිපතිවරයාගේ නියෝගය VOA හි මව් සමාගම වන US Agency for Global Media (USAGM) ඉලක්ක කර ඇති අතර, එය කොමියුනිස්ට්වාදයට එරෙහිව මුලින් පිහිටුවන ලද Radio Free Europe සහ Radio Free Asia වැනි ලාභ නොලබන ආයතනවලට ද අරමුදල් සපයයි.

එම නියෝජිත ආයතනය කළමනාකරුවන්ට පවසා ඇත්තේ, "නීතිමය අවශ්‍යතාව පවත්වාගෙන යාම සඳහා අවම ක්‍රියාකාරි මට්ටම දක්වා කාර්ය සාධනය අඩු කරන ලෙස" ය.

බීබීසී හි ඇමෙරිකානු ප්‍රවෘත්ති සහකරු වන CBS පැවසුවේ, USAGM මානව සම්පත් අධ්‍යක්ෂ ක්‍රිස්ටල් තෝමස් විසින් VOA සේවයේ සේවකයින්ට විද්‍යුත් තැපෑල් පණිවිඩයක් මගින් මේ බව දැනුම් දී ඇති බවයි.

සියලුම නිදහස් මාධ්‍ය සේවකයින්ට සහ ජාත්‍යන්තර කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට දැන් මුදල් නැතැයි, එක් මූලාශ්‍රයක් CBS වෙත අනාවරණය කළේය.

රේඩියෝ ෆ්‍රී ඒෂියා සහ රේඩියෝ ෆ්‍රී යුරෝප්/රේඩියෝ ලිබර්ටි යන ආයතනවල ප්‍රධානීන්ට ඔවුන්ගේ ෆෙඩරල් ප්‍රදානයන් අවසන් කර ඇතැයි, දැනුම් දෙන ලද ඊමේල් පණිවිඩයක් CBS විසින් ලබාගෙන තිබේ.

VOA සහ USAGM යටතේ ඇති අනෙකුත් ගුවන් විදුලි මධ්‍යස්ථාන පවසන්නේ තමන් මිලියන 400 කට අධික ශ්‍රාවකයින් පිරිසකට සේවය කරන බවයි. ඒවා බ්‍රිතාන්‍ය රජය විසින් අර්ධ වශයෙන් අරමුදල් සපයන බීබීසී ලෝක සේවයට බෙහෙවින් සමාන වේ.

චෙක් ජනරජයේ විදේශ අමාත්‍ය ජෑන් ලිපව්ස්කි පැවසුවේ, රේඩියෝ ෆ්‍රී යුරෝප්/රේඩියෝ ලිබර්ටි ප්‍රාග් පවත්වාගෙන යාමට යුරෝපා සංගමයට උදව් කළ හැකි යැයි තමන් බලාපොරොත්තු වන බවයි.

ඇමෙරිකානු රජයේ වියදම් විශාල වශයෙන් කප්පාදු කිරීමේ කටයුතු අධීක්ෂණය කරමින් සිටින ට්‍රම්ප්ගේ ඉහළම උපදේශක සහ ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක්, ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X භාවිතා කරමින් VOA සේවය වසා දමන ලෙස ඉල්ලා තිබේ.

නිවාස නොමැතිකම වැළැක්වීම සහ කෞතුකාගාර සහ පුස්තකාල සඳහා අරමුදල් සැපයීම ඇතුළු තවත් ෆෙඩරල් ආයතන කිහිපයකට අරමුදල් සැපයීම ද එක්සත් ජනපද ජනාධිපතිවරයා කපා හැර තිබේ.

ජනපති ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ VOA සේවය දැඩි ලෙස විවේචනය කළේය. ඔහු මෑතකදී USAGM සඳහා විශේෂ උපදේශකයෙකු ලෙස දැඩි පක්ෂපාතී අයෙකු ලෙස සැලකෙන කරි ලේක් පත් කර ඇත.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන තමාට එරෙහිව පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට ජනාධිපතිවරයා නිතිපතා ප්‍රකාශ කරයි. ඔහු අධිකරණ දෙපාර්තමේන්තුවේ දී කළ කතාවක දී CNN සහ MSNBC "දූෂිත" යැයි හඳුන්වනු ලැබීය.

xcfghy56
නාසි සහ ජපන් ප්‍රචාරණයට එරෙහිව සටන් කිරීමේ නියෝගයක් සහිතව 1942 දී වොයිස් ඔෆ් ඇමෙරිකා ආරම්භ කෙරුණි. එහි පළමු විකාශනය - බීබීසී විසින් එක්සත් ජනපදයට ණයට දුන් සම්ප්‍රේෂණයක් මගින් සිදු කරන ලදී.

හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෙරල්ඩ් ෆෝඩ්, 1976 දී VOA සේවයේ කතෘ මණ්ඩල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා එහි මහජන ප්‍රඥප්තියට අත්සන් තැබීය.

1994 වන විට, මිලිටරි නොවන විකාශන අධීක්ෂණය සහිත විකාශන පාලක මණ්ඩලයක් පිහිටුවන ලදී.

2013 දී, නීති සංශෝධනයක් මගින් VOA සහ අනුබද්ධ සමාගම්වලට එක්සත් ජනපදයේ විකාශන කටයුතු ආරම්භ කිරීමට ඉඩ සැලසුණි.

(සටහන | තෝමස් මැකින්ටොෂ්, මර්ලින් තෝමස්)
බීබීසී පුවත්

උපුටා ගැනීම - BBC සිංහල සේවය 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...