BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්

T

The Leader Desk

July 23, 2025 • 2:17 PM

 Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය  සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ වේල්ල ඉදිකිරීමේ කටයුතු චීනය පසුගිය දා ආරම්භ කළා. චීනයේ ෂිසාන් ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo
  • එම ප්‍රදේශය සම්පූර්ණයෙන් චීනයේ ස්වෛරීභාවයට අයත් ප්‍රදේශයක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun  අද ප්‍රකාශ කළා.
  • ඒ  අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී.
  • පිරිසිදු බලශක්ති සංවර්ධනය වේගවත් කිරීම, එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ක්‍රියාකාරීව ප්‍රතිචාර දැක්වීම එහි අරමුණු වන බව ඔහු සඳහන් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගංගාවේ පහළ ප්‍රදේශයේ මෙම ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු වනවා. එම ප්‍රදේශය සම්පූර්ණයෙන් චීනයේ ස්වෛරීභාවයට අයත් ප්‍රදේශයක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun  අද ප්‍රකාශ කළා. ඒ  අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී.

පිරිසිදු බලශක්ති සංවර්ධනය වේගවත් කිරීම, එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ක්‍රියාකාරීව ප්‍රතිචාර දැක්වීම එහි අරමුණු වන බව ඔහු සඳහන් කළා. එම ව්‍යාපෘතිය Yarlung Zangbo ගඟේ සමස්ත ප්‍රදේශයේ ආපදා වැළැක්වීමට ඉවහල් වනු ඇති අතර පහළ ගංගා ප්‍රදේශයට අහිතකර බලපෑමක් එල්ල නොවනු ඇති බවට ඔහු අවධාරණය කර සිටියා.

xsdgfg

ජල විද්‍යාත්මක නිරීක්ෂණය, ගංවතුර වැළැක්වීම සහ ආපදා අවම කිරීම සම්බන්ධයෙන් චීනය අදාළ පහළ ගංගා ප්‍රදේශයේ රටවල් සමඟ විධිමත් සහයෝගීතාවයක් පවත්වා ඇති බවත්, එම ජල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවශ්‍ය සන්නිවේදනය විධිමත් ව සිදු කර ඇති බවත් Guo Jiakun පෙන්වා දුන්නා. ගංඟා ද්‍රෝණිය ආශ්‍රිත ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා චීනය පහළ ගංගා ප්‍රදේශයේ රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කරනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...