BREAKING
Top Ad
විදේශ

ඩොල්ෆින් සුළි කුණාටුවෙන් විපතට පත් චීනයේ Zhejiang පළාතට චීන රජයෙන් යුවාන් මිලියන 200ක්

T

The Leader Desk

August 11, 2026 • 8:27 AM

ඩොල්ෆින් සුළි කුණාටුවෙන් විපතට පත් චීනයේ Zhejiang පළාතට චීන රජයෙන් යුවාන් මිලියන 200ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේ Zhejiang පළාතට බලපෑ සුළි කුණාටුව සමඟ චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම චීන යුවාන් මිලියන 200ක හදිසි ප්‍රතිපාදන වෙන් කර තිබේ.
  • මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීනය ඊයේ (10) IV වන මට්ටමේ ජාතික හදිසි ප්‍රතිචාරයක් ද සක්‍රීය කර තිබේ.
  • මේ අතර, චීන ජල සම්පත් අමාත්‍යාංශය ඊයේ (10) විශේෂ රැස්වීමක් පවත්වමින් “ඩොල්ෆින්” සුළි කුණාටුවේ ප්‍රවණතා සහ බලපෑම පිළිබඳ තක්සේරුවක් සිදු කර ඇත.
  • සුළි කුණාටු, වැසි කුණාටු සහ ගංවතුර අවදානම් කළමනාකරණය පිළිබඳව ද එහිදී එම අමාත්‍යාංශය සැලසුම් සම්පාදනය කළ බව ද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


චීන ජනාධිපති ෂී ජින්පිං ගේ, ගංවතුර පාලනය පිළිබඳ වැදගත් උපදෙස්, "ජාතික ස්වාභාවික ආපදා සහන හදිසි සැලැස්ම" සහ Zhejiang පළාතේ ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන, හානියට පත් ප්‍රදේශ පිළිසකර කිරීම සඳහා චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම මධ්‍යම අයවැයෙන් මෙම හදිසි ප්‍රතිපාදන මුදල වෙන් කළ බවයි වාර්තා වන්නේ.

පසුගිය 9 වැනිදා රාත්‍රියේ “ඩොල්ෆින්” සුළි කුණාටුව Zhejiang පළාතේ Yuhuan නගරයට සහ Yueqing නගරයට කඩා වැදුණු අතර ඉන් එම පළාතට දැඩි හානියක් සිදු විය. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීනය ඊයේ (10) IV වන මට්ටමේ ජාතික හදිසි ප්‍රතිචාරයක් ද සක්‍රීය කර තිබේ.

මේ අතර, චීන ජල සම්පත් අමාත්‍යාංශය ඊයේ (10) විශේෂ රැස්වීමක් පවත්වමින් “ඩොල්ෆින්” සුළි කුණාටුවේ ප්‍රවණතා සහ බලපෑම පිළිබඳ තක්සේරුවක් සිදු කර ඇත. සුළි කුණාටු, වැසි කුණාටු සහ ගංවතුර අවදානම් කළමනාකරණය පිළිබඳව ද එහිදී එම අමාත්‍යාංශය සැලසුම් සම්පාදනය කළ බව ද වාර්තා වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...