The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජපක්ෂ පවුලත් කැඩෙයිද? -විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’

T

The Leader Desk

October 18, 2020 • 6:15 AM

රාජපක්ෂ පවුලත් කැඩෙයිද? -විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘20ට මහින්දයි-ගෝඨයි අලි වලියක්ලු… ගෝඨා 20 ගෙනැත් තියෙන්නේ මහින්දගේ තටු කපන්නලු…
  • එදා ආණ්ඩු පක්ෂයේ සිටි එජාපය හිතුවේ රාජපක්‍ෂවරුන්ට 2019 ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් සොයා ගන්නට බැරුව දෙකට තුනට කැඩෙයි කියාය.
  •  මෛත්‍රිපාල හිතුවේ ජනාධිපති අපේක්‍ෂකත්වයට රාජපක්ෂ පවුල ඇතුළේ ගෝඨා-මහින්ද ලොකු වළියක් පටන් ගනී කියාය.
  • මේ වළිය නිසා මහින්දත්, බැසිලුත් ගෝඨාට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදෙනු ඇති බවත්, අන්තිමේදී ගෝඨා රාජපක්‍ෂ පවුල කඩාගෙන ඇවිත් තමන්ට ජනාධිපතිවරණයේදී උදව් කරනු ඇති බවත් මෛත්‍රි සිතා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ නිසා දැන් මහින්දයි-ගෝඨයි එළිපිට ගහගන්න තැනට ඇවිල්ලලු…

රාජපක්‍ෂ පවුලේ ලොකු කචල් එකක්ලු… දෙන්නගේ මේ ගහගැනිල්ල නිසා හෙට අනිද්දා වෙන කොට ආණ්ඩුවත් කඩාගෙන වැටෙයිලු… ඇතුළෙ අයත් දැන් ඉන්නේ හොඳටම බයවෙලාලු…’

මේ, විපක්‍ෂය මේ දිනවල කොරෝනා වසංගතය මැද දකින සුබ සිහිනය.

විපක්‍ෂය 20 ගැන රාජපක්‍ෂ පවුල ඇතුළේ සිද්ධ වෙතැයි කියන මේ සුබ සිහිනය දැන් සති ගණනක සිට එකදිගට දැක්කත් මීට කලින් 2019 ජනාධිපතිවරණයට පෙර අවුරුදු දෙක තුනක්ම තියා රාජපක්‍ෂ පවුල කැඩෙන මේ සුබ සිහිනය දැක්කේය.

එදා ආණ්ඩු පක්ෂයේ සිටි එජාපය හිතුවේ රාජපක්‍ෂවරුන්ට 2019 ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් සොයා ගන්නට බැරුව දෙකට තුනට කැඩෙයි කියාය.

ඒ අය හිතන් හිටියේ ගෝඨාට අපේක්‍ෂකත්වය දෙන්න මහින්ද, චමල්, බැසිල්, නාමල් කියන රාජපක්‍ෂ පවුලම විරුද්ධ වෙතැයි කියාය.

''ඒ අය හිතන් හිටියේ ගෝඨාට අපේක්‍ෂකත්වය දෙන්න මහින්ද, චමල්, බැසිල්, නාමල් කියන රාජපක්‍ෂ පවුලම විරුද්ධ වෙතැයි කියාය.''

එජාපය පමණක් නොව ශ්‍රීලනිපයේ අයත් එදා දැක්කේ මේ හීනයමය.

 මෛත්‍රිපාල හිතුවේ ජනාධිපති අපේක්‍ෂකත්වයට රාජපක්ෂ පවුල ඇතුළේ ගෝඨා-මහින්ද ලොකු වළියක් පටන් ගනී කියාය.

ගෝඨා සහ බැසිල් ලොකු වළියක් පටන් ගනී කියාය.

මේ වළිය නිසා මහින්දත්, බැසිලුත් ගෝඨාට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදෙනු ඇති බවත්, අන්තිමේදී ගෝඨා රාජපක්‍ෂ පවුල කඩාගෙන ඇවිත් තමන්ට ජනාධිපතිවරණයේදී උදව් කරනු ඇති බවත් මෛත්‍රි සිතා සිටියේය.

ඒ කාලයේ ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් වුණු ජෝන් සෙනෙවිරත්න, එස්. බී. දිසානායක වැන්නවුන් තැන් තැන්වල කිය කියා ගියේ මෛත්‍රි ජනාධිපති අපේක්ෂකයා වෙලා ගෝඨා අගමැති අපේක්ෂකයා වෙයි කියාය.

''ඒ කාලයේ ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් වුණු ජෝන් සෙනෙවිරත්න, එස්. බී. දිසානායක වැන්නවුන් තැන් තැන්වල කිය කියා ගියේ මෛත්‍රි ජනාධිපති අපේක්ෂකයා වෙලා ගෝඨා අගමැති අපේක්ෂකයා වෙයි කියාය.''

ඒ අයත් හිතුවේ ගෝඨා රාජපක්‍ෂ පවුල කඩන් ඇවිත් ශ්‍රීලනිපයට එකතු වෙලා මෛත්‍රි නැවත වතාවක් ජනාධිපති කරවන්න සපෝට් කරයි කියාය.

හැබැයි අන්තිමේදී සිද්ධ වුණේ මේ කවුරුත් නොහිතපු දෙයකි.

රාජපක්‍ෂ පවුලම එකතු වී ගෝඨාට ජනපති අපේක්‍ෂකත්වය ලබාදීමට තීන්දු කරද්දී එජාපයේත්, ශ්‍රීලනිපයෙත් අය සිටියේ ඇස් නළලේ තියාගෙනය.

Gotabaya 2019

මේ රාජපක්ෂ පවුල ගැන හරියටම දන්න අය නම් කියන්නේ ගෝඨාව ජනපති අපේක්‍ෂක කරන තීන්දුව ඒ අය ගත්තේ ජනාධිපතිවරණයට මාස කිහිපයක් තියා නොව 2015 ජනාධිපතිවරණය මහින්ද පැරැදුණු දිනයේ සිටය.

 එදා ඒ තීන්දුව රාජපක්‍ෂ පවුල රහසක් ලෙස තියාගන්නට පියවර ගත්හ.

මොකද ඒක යන්තමින් හෝ එළියට ගියා නම් ආණ්ඩුව ගෝඨාට මුල ඉඳන්ම ගහලා හිරේ දාලා ඉවර කරන බව රාජපක්‍ෂවරු දැන සිටියහ.

 ඒ නිසා ආණ්ඩුව ඇන්දවීමට රාජපක්‍ෂ පවුල ඇතුළේ 2019 අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් ඇති බව මවා පෙන්වීමට රාජපක්ෂවරු කටයුතු කළහ.

ගෝඨාට මහින්ද කැමැති නැති බවට වෙබ්අඩවිවල බොරු පුවත් පළකළහ.

ගෝඨාට බැසිල් කැමැති නැති බවට කටකතාද යැවූහ.

ගෝඨාට නාමල් කැමැති නැති බවට ආණ්ඩුවට පණිවුඩ යැවූහ.

ආණ්ඩුවත් හිටියේ රාජපක්‍ෂලා මහලා දුන්නු මේ සූට් එක හොඳට ඇඳගෙන චූන් වෙලාය.

''එදා වගේම අදත් 20ට රාජපක්‍ෂ පවුල ඇතුළේ අලි වලියක් තියෙනවා කියලා රාජපක්ෂවරුන් විපක්‍ෂය කඬේ යවනවාද කියන්න දන්නේ නැත.''

එදා වගේම අදත් 20ට රාජපක්‍ෂ පවුල ඇතුළේ අලි වලියක් තියෙනවා කියලා රාජපක්ෂවරුන් විපක්‍ෂය කඬේ යවනවාද කියන්න දන්නේ නැත.

අදත් විපක්‍ෂය 20ට රාජපක්‍ෂ පවුල ඇතුළේ ලොකු වලියක් තියෙනවා කියලා ඇඳගෙන ඉන්නවාද කියන්න දන්නේ නැත.

විපක්‍ෂය මෙහෙම හිතන්න සාධාරණ හේතු තිබේ.

Anura Chandrika

ඊට හේතුව ශ්‍රීලනිප නායකත්වය ගන්න, ශ්‍රීලනිප ජනපති අපේක්‍ෂකත්වය ගන්න, ශ්‍රීලනිප අපේක්‍ෂකත්වය ගන්න බණ්ඩාරනායක පවුල ඇතුළේ තිබ්බ යුද්ධය.

බණ්ඩාරනායක පවුල ඇතුළේ මේ විදියේ යුද්ධ ඇති වුණේ ජනපති – අගමැති අපේක්‍ෂකකම්වලට පමණක් නොව ආසන සංවිධායක ධුර ලබා ගැනිමේ තැන සිටම බණ්ඩාරනායක පවුල ඇතුළේ සාමාජිකයන් අතර යුද්ධ ඇතිවිය.

1980 බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ විට ශ්‍රිලනිප නායකත්වය හෝ අගමැති-ජනපති අපේක්‍ෂකත්වය ලබා ගැනීමට නොව අත්තනගල්ල ආසන සංවිධායක ධුරය ලබා ගැනීමට පවා බණ්ඩාරනායක පවුල ඇතුළේ චන්ද්‍රිකා හා අනුර අතර යුද්ධයක් ඇති විය.

 මේ යුද්ධයෙන් ශ්‍රිලනිපය දෙකට කැඩිණ.

1982 ජනාධිපතිවරණයේදී මැතිනිය තමන් වෙනුවෙන් තරග වැදීමට අනුරව නම් කරන්න යද්දී චන්ද්‍රිකා සහ විජය ඊට එරෙහිව ශ්‍රිලනිපය ඇතුළේ ලොකු යුද්ධයක් කළහ.

 අන්තිමේ මේ යුද්ධයෙන් අනුර විසි විය. කොබ්බෑකඩුව ශ්‍රිලනිප ජනපති අපේක්‍ෂකයා විය. ශ්‍රීලනිපය නැවැත වතාවක් දෙකට කැඩිණි.

1994 ශ්‍රිලනිප අගමැති අපේක්‍ෂකත්වය ලබා ගැනීම සඳහා මැතිනිය සහ චන්ද්‍රිකා අතර ද්වන්ද යුද්ධයක් ඇති විය.

අන්තිමේදි මැතිනිය අගමැති අපේක්‍ෂක සටනින් ඉවත් වීමට කටයුතු කළාය.

ශ්‍රිලනිපයේ මේ ඉතිහාසය දන්නා විපක්‍ෂයේ අය සිතන්නේ බණ්ඩාරනායක පවුල දෙකට, තුනට කැඩුණා වගේම ජනපති-අගමැති-මන්ත්‍රි තනතුරුවලට කුලල් කාගෙන රාජපක්‍ෂ පවුලත් දෙකට, තුනට කැඩී විසිරිලා යනු ඇතැයි කියාය.

හැබැයි බණ්ඩාරනායක පවුලේ මෙහෙම වුණාට රාජපක්‍ෂ පවුලේ එහෙම තනතුරුවලට කුලල් කාගන්නා සහෝදරවරුන් නැති බව පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂවරු ඔප්පු කර පෙන්වූහ.

වතුරට වැඩිය ලේ ඝනකම යැයි කතාවක් තිබේ.

හැබැයි බණ්ඩාරනායක පවුලේ ලේ ඝනකම් නොවුණාට බණ්ඩාරනායක පවුලේ ලේවලට වඩා රාජපක්‍ෂ පවුලේ ලේ ඝනකම වැඩි බව අමුතුවෙන් කිව යුතු නැත.

 20 අවසානයේදී විපක්‍ෂයටත් ඒ ඝනකම් ලේවල තරම දැනගන්නට හැකිවනු ඇත.

(විමලසිරි ජයලත් - mawratanews.lk)

කියවන්න

රිෂාඩ් බද්යුද්දීන්: රාජපක්ෂවාදය හඳුනාගැනීමේ අපූරු දර්ශකයක් - ගාමිණී වියන්ගොඩ  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...