The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඩයනාකරණය වූ සීසර් ගේ මිනිමරුවෝ!!! - කුමාර කළුආරච්චි

T

The Leader Desk

October 25, 2020 • 3:08 PM

ඩයනාකරණය වූ සීසර් ගේ මිනිමරුවෝ!!! - කුමාර කළුආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පාර්මේන්තු මන්ත්‍රීනි ස ජ බ උප සභාපතිනි ඩයනා ගමගේ මැතිණිය සීසර් ව ඝාතනය කලේ
  • පාවාදීමක් කර එම පාවාදීම වීරක්‍රියාවක් ලෙස පෙන්වන්නට උත්සාහ ගැනීමේදී වයර් මාරු වී ඉතිහාසය ප්‍රබන්දකරණය වීම ස්වභාවික ය.
  • රෝම ආඥාදායක ජූලියස් සීසර් ව රෝමයේ පොම්පේ හී සනාතන මැදුරේ දී ඝාතනය කෙරුනේ ක්‍රිස්තු පූර්ව 44 මාර්තු මස 15 දා ය.
  • එම කන්ඩායම අතර තමා දරුවෙක් මෙන් හදා වඩා ගත් සීසර් ගේ හිතමිත්‍ර බෲටස් (Marcus Junius Brutus) ද සිටිනු දැක සීසර් “ඔබත් දරුවා?” (καὶ σύ, τέκνον?) යැයි අවසන් වදන් පවසා මිය ගිය බව ඉතිහාසයේ සඳහන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මාර්ක් ඇන්තනි බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලාය. පාවාදීමක් කර එම පාවාදීම වීරක්‍රියාවක් ලෙස පෙන්වන්නට උත්සාහ ගැනීමේදී වයර් මාරු වී ඉතිහාසය ප්‍රබන්දකරණය වීම ස්වභාවික ය.

 එමනිසා ඇය ගේ මේ නව ඓතිහාසික සොයාගැණිමට අප සුභ පතමු!

රෝම ආඥාදායක ජූලියස් සීසර් ව රෝමයේ පොම්පේ හී සනාතන මැදුරේ දී ඝාතනය කෙරුනේ ක්‍රිස්තු පූර්ව 44 මාර්තු මස 15 දා ය.

පුරවැසියන් ගේ අදහස් වලට ගරුකරමින් පාලනය වූ රෝම සමූහාන්ඩුව තම ආඥාදායකත්වය යටතට ගැනීමට විරුද්දව යැයි පවසමින් සීසර් ව ඝාතනය කලේ ඔහු ගේ සෙනෙටයේම සාමාජිකයන් විසිනි.

සෙනේට් සභිකයන් හැට දෙනෙකු කුමන්ත්‍රණය කල මේ ඝාතනයට මුල් වී කටයුතු කලේ මාකස් බෘටස් (Marcus Brutus), ගේයස් කැසියස් (Gaius Cassius) සහ ඩෙසිමස් බෘටස් (Decimus Brutus) යන සෙනේට් සභිකයන් ය.

එම දෛවෝපගත දිනයේ දී සීසර් සෙනේට් සභාවට පැමිනේද්දී ලුසියස් ටිලියස් සිම්බර් (Lucius Tillius Cimber) නම් සෙනේට් සභිකයා සීසර් ගේ උර සළුව ඉවත් කර උරහිස නිරාවරණය කරදෙද්දී, පබ්ලිස් සර්වියස් කැස්කා ලොන්ගස් (Publius Servilius Casca Longus) යන සෙනේට් සභිකයා විසින් පලමු පිහි පහර සීසර් ගේ බෙල්ලට එල්ල කලේය.

වහා හැරුනු සීසර් කැස්කාට ගර්ජනා කර ඔහු ගෙන් පිහිය ගැනීමට පොර බැදීය.

එහි දී කැස්කා, “සොයුරනි උදවු කරන්න” යැ‍යි අනෙක් කුමන්ත්‍රණ කරුවන් ට ආයාචනා කලේය. ඒ සමගම කුමන්ත්‍රනකරුවන් කන්ඩායමක්ම සීසර් ට පිහි වලින් පහර දෙන්නට විය.

එම කන්ඩායම අතර තමා දරුවෙක් මෙන් හදා වඩා ගත් සීසර් ගේ හිතමිත්‍ර බෲටස් (Marcus Junius Brutus) ද සිටිනු දැක සීසර් “ඔබත් දරුවා?” (καὶ σύ, τέκνον?) යැයි අවසන් වදන් පවසා මිය ගිය බව ඉතිහාසයේ සඳහන් ය.

පසුකාලීනව ශේක්ස්පියර් ගේ ජූලියස් සීසර් නාට්‍යයේ “බෲටස් ඔබත්?” (Et tu Brute?) ලෙස ලතින් බසින් නිර්මානය වුනේ මේ අවසන් වදන් ය.

La mort de César(වින්සෙන්සෝ කැමූසිනි විසින් සීසර්ගේ ඝාතනය - එලිසාර්)

  •  ජුලියස් සීසර් සෙනේට් සභාව රැස්වූ පොම්පේගේ ප්‍රතිමාවේ පතුලේ ඝාතනය විය.

තියුනු ආයුද වලින් 23 වතාවක් ඇනීමේ තුවාල හේත්වෙන් වූ අධික රුධිර වහනයෙන් සීසර් මියගියේය.

බෲටස් සහ අනෙකුත් කුමන්ත්‍රණ කරුවෝ, “රෝම ජනතාවෙනි , අප නැවත නිදහස් ය” යැයි කෑගසමින් රෝම නුවර වීදි සංචාරය කලද සීසර් ට ආදරය කල රෝම පොදු ජනයා තම දොරවල් වසාගෙන කුමන්ත්‍රන කරුවන් ට විරෝදය දැක්වීය.

කුමන්ත්‍රන කරුවන් ගේ අභිලාශය වූයේ සීසර් ගෙන් පසු බලය තම අතට ලබාගැනීමට වුවද, සීසර් ගේ කල්‍යාන මිත්‍ර මාර්ක් ඇන්ටනි (Marcus Antonius) මැදිහත් වී කුමන්ත්‍රනයට හවුල් නොවූ සෙනේට් සභිකයන් එක කර ගෙන වී රෝම අධිරාජ්‍යය කුමන්ත්‍රණකරුවන් ගේන් බේරාගත්තේය.

සීසර් පත් කල නිලදාරීන් එම තනතුරුවලම තබා, සීසර් ගේ මුණුබුරෙකු සහ ඔහු ගේ පදවිප්‍රාප්තිකයා ලෙස නම් කර තිබූ ගේයස් ඔක්ටේවියස් (Gaius Octavius) ව නව නායක ලෙස පත්කිරීමට කටයුතු යෙදීය.

ගේයස් ඔක්ටේවියස් සමග සීසර් ගේ කුමන්ත්‍රණකරුවන් හා විරුද්දවාදීන් ට එරෙහිව යුද්ද කල මාර්ක් ඇන්ටනි ගේයස් ඔක්ටේවියස් ව ඔගස්ටස් සීසර් (Caesar Augustus) නමින් අධිරාජයෙකු ලෙස ඉස්තාවර කිරීමට මහත් කාර්යභාරයක් කලේය.

එලෙස තම අබිවෘද්දිය නොව තම මිතුරු සීසර් ගේ සහ ඔහු නම් කර සිටි අනුප්‍රාප්තික එවකට දහ අට වියැති ගේයස් ඔක්ටේවියස් ව සීසර් හැර ගිය නායක තනතුරේ ස්ථාපනය කිරීමට දිවි නොතකා සටන් කල, සීසර් ගේ හිතෛශී මාර්ක් ඇන්ටනි ව සීසර් ගේ මිනීමරුවා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නම් කිරීම දෛවයේ සරදමකි.

''එලෙස තම අබිවෘද්දිය නොව තම මිතුරු සීසර් ගේ සහ ඔහු නම් කර සිටි අනුප්‍රාප්තික එවකට දහ අට වියැති ගේයස් ඔක්ටේවියස් ව සීසර් හැර ගිය නායක තනතුරේ ස්ථාපනය කිරීමට දිවි නොතකා සටන් කල, සීසර් ගේ හිතෛශී මාර්ක් ඇන්ටනි ව සීසර් ගේ මිනීමරුවා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නම් කිරීම දෛවයේ සරදමකි.''

මේ කතා ඇසුනොත් සීසර් ව මරාදැමූ කුමන්ත්‍රනකරුවන් වන මාකස් බෘටස්, ගේයස් කැසියස් සහ ඩෙසිමස් බෘටස් පස්ස පැත්තෙන් හිනා වනු ඇත.

එබැවින් මේ ගොං කතාව හැන්සාඩ් ගතකර අපේ ගොබ්බ පාර්ලිමේන්තු මංත්‍රී ලා ගේ කියුම් කෙරුම් ලෝකයටම ගෙනයෑමට අපි අදිටන් කරගනිමු.

[උපුටාගැනීම: www.mallepol.blogspot.com]

 

වැඩිදුරටත් කියවන්න :

ඩයනලා සේම ඇන්ටිගනිලා ද අප අතර ඇත... -Mahesh Hapugoda 

මා පැමිණියේ සීසර් වර්ණනා කිරීමට නොව භූමදාන කිරීමට 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...