The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඩයනලා සේම ඇන්ටිගනිලා ද අප අතර ඇත... -Mahesh Hapugoda

T

The Leader Desk

October 24, 2020 • 3:21 PM

ඩයනලා සේම ඇන්ටිගනිලා ද අප අතර ඇත... -Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔව්, ගැහැණියක් නැවතත් පාවාදීමක් කරලා.
  •  නමුත් උං ටික ගැන කවුරුත් මුකුත් කියන්නේ නැත්තේ 'දේශපාලන නිරවද්‍ය බව' (political correctness) නිසා.
  •  උන් උත්සාහ කරන්න ඕනි එහෙම නොවන බවට වග බලා ගන්න.
  • දේශපාලන නිරවද්‍ය බවේ අවුල ඒක.
අකුරු ප්‍රමාණය (Font Size):

අපිට ස්ත්‍රියගේ පාවා දීම ගැන මුලාකෘතික ඉතිහාසයක් සහ මතකයක් (archetypal memory) තියනවා.

එකක් ජාතක කතාවේ ස්ත්‍රිය.

චපල ස්ත්‍රිය.

පිටුපාන ස්ත්‍රිය.

මනමේ කුමරිය සහ තවත් කුමරියන්.

එයාල ආදරය පාවාදුන්න කියල කියනවා.

ඉතිහාස කතාවේ කුවේණි. තම වංශයම පාවා දුන්න කියල කියනවා.

මේ ඔක්කොම වගේ දේශපාලන පාවා දීම්.

ඕනෑම මොහොතක ඕනෑම කෙනෙක් සිදුකළ හැකි මේ පාවාදීම (contingent betrayal) ගැන පුරෝකතනය කරන්න බැහැ.

ඒත් ඒ සඳහා සුදානම් වෙන්න ඕනි කියල මනෝ විශ්ලේෂණය උගන්වනවා.

මම කියන්නේ ඕනෑම මොහොතක සිද්ද වෙන්න පුළුවන් මේ මිනිස් පිටුපෑම ගැන ප්ලෑන් B කියල එකක් තියාගන්න ඕනි දේශපාලනය කරන අය.

තවත් එකක්.

මේ ගැහැණිය කරන ලද පාවාදීමට කිසිසේත් නොදෙවෙනි පාවාදීමක් තමයි අර පිරිමි පාංකඩයො හතර පස් දෙනා කළෙත්.

 නමුත් උං ටික ගැන කවුරුත් මුකුත් කියන්නේ නැත්තේ 'දේශපාලන නිරවද්‍ය බව' (political correctness) නිසා.

ඒ කියන්නේ උං මුස්ලිම් නිසා හරි දෙමළ නිසා හරි විවේචනය කළොත් ජාතිවාදී ලේබලය ඇලවෙයි කියල බයට.

හැබැයි මොන ලේබලය ඇලවුනත් උන් කළෙත් පත පාවාදීමක්.

''මේ ගැහැණිය කරන ලද පාවාදීමට කිසිසේත් නොදෙවෙනි පාවාදීමක් තමයි අර පිරිමි පාංකඩයො හතර පස් දෙනා කළෙත්. මොන ලේබලය ඇලවුනත් උන් කළෙත් පත පාවාදීමක්. ''

පිරිමි වෙලත්. තම්බියගේ තොප්පිය හැරුන හැරුන පැත්තට කියල තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ.

එක ප්‍රතිපත්තියක් නැහැ කියලනේ කියන්නේ.

ඉතිං ඒක මේ වෙලාවේ හරිනේ.

හරි වෙලාවට හරි.

නැති වෙලාවට නැහැ.

ඒ මූලාකෘතික දැනුම (archetypal knowledge) මෙතැනදීත් හරි.

සරදියෙල් ළඟදිත් හරි.

මේක ජාතිවාදී කතාවක් නෙවෙයි.

හැමෝම දන්නා කතාවක්.

 උන් උත්සාහ කරන්න ඕනි එහෙම නොවන බවට වග බලා ගන්න.

ඉතිහාසය පුරා අපිට මේ වගේ කැත නමක් තියන නිසා අපි එහෙම කරන්න හොඳ නැහැ කියල උන්ගේ ඔළුවට එන්න ඕනි ඒ වගේ ඩීල් එකක් ආපු වෙලාවට (එහෙම ආව නම්). මේක ඩයනාටත් අදාලයි.

'සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා' කියන කොටත් එහෙමයි.

අපි දැන ගන්න ඕනි අපිට ඉතිහාසය තියල තියන කැත නම් ගැන (negative connotations).

වර්තමානය හදා ගන්න ඒ කැත (ugliness) දිහා බලන්න ඕනි.

මඟහරින්න හොඳ නැහැ.

දේශපාලන නිරවද්‍ය බවේ අවුල ඒක.

දේශපාලන නිරවද්‍ය බව විසින් ඇත්ත බල සම්බන්දතා වහල දානවා.

ගැහැණිය චපලයි හරි, මිනිස්සු සල්ලි වලට මිළදී ගන්න පුළුවන් හරි, ගැහැණු දමල පිරිමි වසඟයට ගන්න පුළුවන් හරි, මොකක් හරි දුර්වල නිලයක් විරුද්ධ කඳවුරේ අය පාවිච්චි කරනවා.

ඒක දැනුමක්. මිනිස් දුර්වලතාවක් ගැන දැනුමක්. ඒ දැනුම අපි මඟ හරින්න හොඳ නැහැ. ඒක තමයි ඇත්ත.

ඉතිහාසය සාක්ෂි දරනවා ඒ දැනුමට.

හිතන්න එක තාත්ත කෙනෙක් මෙහෙම කියනවා.

'පුතා ඔයා ඇඳුමක් දාගෙන ලැහැස්ති වෙන්න. ආච්චි අම්ම බලන්න යන්න තියනවා'.

මේක පැහැදිලි නියෝගයක්.

එතන තාත්තගේ අදහස පැහැදිළියි.

උඹ කැමති උනත් එකයි නැතත් එකයි උඹේ වගකීමක් ආච්චි බලන්න යන එක.

මොකද උඹේ තාත්ත අද මෙතන ඉන්නේ ඒ ආච්චි නිසා. වැඩේ සුද්දයි.

දැන් පුළුවන් පුතාට පැහැදිලි තීරණයක් ගන්න.

හැබැයි පශ්චාත් නූතන පියෙක් මෙහෙම කිව්වොත්.

'පුතා මම අද යනවා ආච්චි බලන්න. ඔයත් කැමතිනම් එන්න'. එතන අදහස පැහැදිළි නැහැ.

සම්පුර්ණ වරණය (choice) පුතා අතේ තියෙන්නේ.

එතන සටන් කරන්න දෙයක් නැහැ.

ආච්චි බලන්න යන ක්‍රියාව විතරක් නෙවෙයි යන්න කැමති වීම නම් ආශාව පවා එතැනදී පියා සොරා කාල ඉවරයි.

යනවා විතරක් නෙවෙයි යන්න කැමති වෙන්නත් ඕනි.

පාවාදීම ඉවසනවා විතරක් නෙවෙයි අපි උන් මුස්ලිම් විමත් ඉවසන්න ඕනි.

කැත ඉතිහාසයත් ඉවසන්න ඕනි.

 ඒ නිසා අර මුස්ලිම් එවුං ටික කරපු ක්‍රියාවත් අර ගැහැණියට දමන බරම දාල විවේචනය කරන්න.

 

මුස්ලිම් නෙවෙයි මොකා කළත් පාවා දීම පාවා දීම ම තමයි.:

 මුස්ලිම් නෙවෙයි මොකා කළත් පාවා දීම පාවා දීම ම තමයි.

අද අපිට හෙට වෙන එකෙකුට.

ඒක ජාතිය ජම්මය ගැන ප්‍රශ්නයක් නෙවෙයි.

එක් එක් පුද්ගලයා ලෙස ගත්තත් උන් උන්ගේ ජාතිය ඒ කැත නමෙන් ගලවා නොගැනීම ගැන ප්‍රශ්නයක්.

ඒ නිසාම එහෙම උන්ට ගැලවිලා පැනල යන්න දෙන්න එපා.

මොකද අපි කරන දේ තව සුවහසක් කොන්ද කෙළින් මුස්ලිම් උන් බලන් ඉන්නවා.

මරණය තෙක් අනිකා පාවා නොදෙන යකඩ ගැහැණු මිලියන ගණනාවකුත් බලන් ඉන්නවා.

ඩයනල වගේම අපි අතර ඇනිටිගනීලත් ඉන්නවා.

මේක ලිව්වේ ඒ ඇන්ටිගනීලට සැලියුට් එකට.

mahesh Hapugoda(මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...