The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කොළඹ මැරතන් තරගය වාර්තාගත කාලයකින් කෙන්යාව දිනයි

රටවල් 33ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1400ක් එක්වූ 20 වැනි එල්.එස්.ආර්. කොළඹ මැරතන් තරගයේ පූර්ණ ආධිපත්‍යය සුපුරුදු පරිදි කෙන්යාව සතු විය.

Pasan

Pasan

October 4, 2026 • 8:12 PM

කොළඹ මැරතන් තරගය වාර්තාගත කාලයකින් කෙන්යාව දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Imageඊ මේල් බලන්න කැප්ෂන් - මැරතන් තරගයේ ජයග්‍රාහකයෝ මැරතන් තරගයේ ජයග්‍රාහිකාවෝ තරග ආරම්භය... ජයග්‍රාහකයා සහ ජයග්‍රාහිකාවට එල්.එස්.ආර්. ආයතනයේ සභාපති තිලක් වීරස...
  • කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ’ (LSR Colombo International Marathon 2026) සුපුරුදු පරිදි ආධිපත්‍යය පැතිරවීමට කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සමත් වුණා.
  • එදා තරගයේ දේශගුණයට වඩා අද කාලගුණය යහපත් වූ බැවින් තමාට පෙර තරගයට වඩා හොඳ කාලයක් සටහන් කිරීමට හැකි වූ බව මුතෝනි පැවසුවා.
  • පසුගිය තරගයේ ඔහු වාර්තා කළ කාලය පැය 2යි මිනිත්තු 25යි තත්පර 07ක් වී තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ආයතනයක් වන ලංකා ස්පෝට්රයිසන් (LSR – Sportreizen) 20 වැනි වරටත් සංවිධානය කළ දිවයිනේ පැරණිතම ජාත්‍යන්තර මැරතන් තරගය වන ‘එල්.එස්.ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ’ (LSR Colombo International Marathon 2026) සුපුරුදු පරිදි ආධිපත්‍යය පැතිරවීමට කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සමත් වුණා.

රටවල් 33ක මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1400කට ආසන්න පිරිසකගේ උද්යෝගිමත් සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අභියසින් උදෑසන 6.00 ට ආරම්භ වූ තරගය පැය 2යි මිනිත්තු 18යි තත්පර 18ක කාලයක් සටහන් කරමින් මීගමුව වෙරළ උද්‍යානයෙන් ප්‍රථමයෙන් අවසන් කළේ කෙන්යාවේ එලියාස් න්‍යාගා මුතෝනි යි. පසුගිය තරගය ජයග්‍රහණය කළේ ද මොහු විසිනි.

එදා තරගයේ දේශගුණයට වඩා අද කාලගුණය යහපත් වූ බැවින් තමාට පෙර තරගයට වඩා හොඳ කාලයක් සටහන් කිරීමට හැකි වූ බව මුතෝනි පැවසුවා. පසුගිය තරගයේ ඔහු වාර්තා කළ කාලය පැය 2යි මිනිත්තු 25යි තත්පර 07ක් වී තිබුණා.

f 1.jpgමැරතන් තරගයේ ජයග්‍රාහකයෝ

නව වාර්තාවක් සහ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ දස්කම්

මෙය ශ්‍රී ලංකාවේ පැවති මැරතන් තරගවල මෙතෙක් වාර්තා වූ හොඳම කාලය බව 1998 වසරේ සිට මේ තරගය සංවිධානය කරන එල්.එස්.ආර්. ස්පෝට්රයිසන් ආයතනයේ නිර්මාතෘ සභාපති තිලක් වීරසිංහ The Leader ට ප්‍රකාශ කළා.

කෙන්යාවේ මිෂැක් ම්බුගුවා න්ඩෙරිටු පැය 2යි මිනිත්තු 20යි තත්පර 07කින් තරගය දෙවැනියට අවසන් කළ අතර මෙහි තෙවැනි හා සිවුවැනි ස්ථාන ශ්‍රී ලාංකික තරගකරුවන් හිමිකර ගැනීම විශේෂත්වයක්. යුද හමුදාවේ 34 හැවිරිදි උදාර චානක රූපසිංහ තෙවැනි ස්ථානයට පත්වූ අතර ටී.ඩබ්ලිව්. රත්නපාල (2:25:27) සිවුවැනියා වුණා.

බදුල්ලෙන් පැමිණි රූපසිංහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ අංක එකේ මැරතන් ශූරයා වන අතර පසුගිය වසරේ ද තෙවැනි ස්ථානයට පත් ඔහු අද වාර්තා කළ කාලය පැය 2යි මිනිත්තු 24යි තත්පර 08ක්.

 

තරග ආරම්භය...


කාන්තා තරගයේ ප්‍රතිඵල සහ ත්‍යාග මුදල්

කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථාන හතර ම කෙන්යානු ක්‍රීඩිකාවන් දිනා ගත් අතර ඔවුන් අතරින් පෙරමුණේ සිටියේ මුතී ජොයිස් වන්ජුගු. ඇය වාර්තා කළ කාලය පැය 2යි මිනිත්තු 47යි තත්පර 16ක්. කින්ගෝරි සිපොරා වන්ජිරු දෙවැනි ස්ථානයට ද (2:56:07), කැරොලයින් චෙරෝනා තෙවැනි ස්ථානයට ද (3:05:02) පත්වුණා. ශ්‍රී ලංකාවේ වේලු ක්‍රිශාන්තනී (3:38:07) පස්වැන්නිය ලෙස තරගය නිම කළා.

පූර්ණ මැරතන් තරගයේ පිරිමි හා කාන්තා පළමු ස්ථාන තුන වෙනුවෙන් පිළිවෙළින් අමෙරිකානු ඩොලර් 2500ක්, 1500ක් හා 1000ක් බැගින් ප්‍රදානය කෙරුණා.

f 2.jpgමැරතන් තරගයේ ජයග්‍රාහිකාවෝ


අර්ධ මැරතන් ජයග්‍රහණ යුද හමුදාවට

කොළඹ සිට පමුණුගම දක්වා කිලෝමීටර් 21ක දුරක් පැවති අර්ධ මැරතන් තරගය විජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වුණා.

තරගකරුවන් 210 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති අර්ධ මැරතන් තරගය ජයග්‍රහණය කළේ කේ.එච්.එම්. සරත් කුමාර යි. මහියංගණයේ උපත ලබා බොරලන්ද වැලිමඩ පුහුණුව ලබන 32 හැවිරිදි කුමාර අද ජය ගත්තේ ඔහු සහභාගි වූ මංගල එල්.එස්.ආර්. කොළඹ මැරතන් තරගය වීම විශේෂත්වයක්. “තරගය ඉතා හොඳින් සංවිධානය කර තිබුණා” යනුවෙන් ඔහු සතුටු කඳුළු මැදින් කියා සිටියා.

මෑතකදී කොළඹ පැවති ජාත්‍යන්තර මැරතන් තරගයට වඩා තරගකාරිත්වයෙන් වැඩි මේ තරගයේදී තමාගේ කාලය දියුණු වී තිබීම සතුටක් ගෙන දුන් බව වසර 15ක් තිස්සේ දුර දිවීමේ ඉසව්වල තරග කරන කුමාර පැවසුවා. මේ වසරේ ජාතික මීටර් 3000 බාධක දිවීමේ තරගයේ තෙවැනි ස්ථානය ද, ජාතික රට හරහා දිවීමේ තරගයේ හයවැනි ස්ථානය ද හිමිකර ගත්‌ කුමාර, තමා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් පුහුණුකරු ලුතිනන් කර්නල් හෙන්නායකට සිය කෘතඥතාව පළ කිරීමට අමතක කළේ නැහැ.


අර්ධ මැරතන් කාන්තා සහ කිලෝමීටර් 10 ප්‍රතිඵල

යුද හමුදාවේ ම මදුරංග උපුල් කුමාර දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර ආර්.එම්.එස්. පුෂ්පකුමාර තෙවැනි ස්ථානයට පත්වුණා.

අර්ධ මැරතන් කාන්තා තරගයේ පළමු ස්ථාන හතර ම දිනා ගත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් වීම කැපී පෙනුණා. ග්වොන් ෆොන්සේකා පැය 1යි මිනිත්තු 27යි තත්පර 07කින් ජයග්‍රාහිකාව වූ අතර ඩබ්ලිව්.එම්. නිමේශා නිදර්ශනී (1:31:05) දෙවැනි ස්ථානය ද, කන්සාවගේ ශෂිකලා ඩිල්ස් (1:38:20) තෙවැනි ස්ථානය ද හිමිකර ගත්තා.

කොළඹ සිට වත්තල හේකිත්ත දක්වා පැවති කිලෝමීටර් 10 තරගයේ පළමු ස්ථාන දෙක හිමිකර ගත්තේ කොළඹ බරකා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයින්. මෙහි ජයග්‍රාහක රුවන් විජේනායකගේ ද පළමු එල්.එස්.ආර්. මැරතන් තරගය මෙය වුණා. එරංග තෙන්නකෝන් දෙවැනි ස්ථානයට පත්වූ අතර ශ්‍රී ලංකා පොලිසියේ ආර්.එම්.ආර්. බණ්ඩාර තෙවැනියා බවට පත්වුණා.

F6 (1).jpg

ජයග්‍රාහකයා සහ ජයග්‍රාහිකාවට එල්.එස්.ආර්. ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා තිළිණ ප්‍රදානය කළ අවස්ථාව


(සටහන | වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

වර්නන් ගුණසේකර

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා වාර්තාකරු ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...