The Leader News
BREAKING
වැලි කඩදාසි රහසට වසර 8කට පසු බැන්ක්‍රොෆ්ට් නිහඬතාව බිඳී: කමින්ස් දැඩි පීඩනයක●සිංගප්පූරුවේ විශ්‍රාම වයස 65 දක්වා ඉහළට: රැකියා සංස්කෘතිය වෙනස් වෙයිද?●2027 හොඳම සංචාරක ගමනාන්තය ඉන්දියාවයි; සැබෑ ඉන්දියාව කියවන කාන්තාවෝ●රාජකීය පෙන්ඩනයක් නිසා කරීනා කපූර්ට නීතිමය දැනුම්දීමක්●අල්ලස් චෝදනා ලැබූ කාති විනිසුරු සහ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට●ප්‍රභූ දේශපාලනයට අභියෝග කළ 'නාඳුනන පුත්තු' ඓතිහාසික කියවීම●ඩොලර් අර්බුදයට විසඳුම 'ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රයක්' වීමයි●එයාර්බස් අල්ලස් නඩුව: නාමල් රාජපක්ෂගේ ඇප තර්කය ප්‍රතික්ෂේප වෙයි●බංකොලොත් ආර්ථිකය යළි ගොඩනැගූ හැටි විජිත පැහැදිලි කරයි●කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව අන්ත්‍ර සංකූලතාවක් බව හෙළිවෙයි●
Top Ad
ක්‍රීඩා

ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්

ආසියානු ක්‍රීඩා උළෙලේදී ජපන් ප්‍රතිවාදිනියගේ අත සපා කෑම නිසා චීන ජූඩෝ ශූරියක් වහාම තරගාවලියෙන් නුසුදුස්සකු කර ඉවත් කෙරේ.

Pasan

Pasan

October 3, 2026 • 7:22 PM

ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන ජූඩෝ ක්‍රීඩිකාවක වන ටැං ජිං (Tang Jing) ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් කර තිබෙනවා.
  • කාන්තා කිලෝග්‍රෑම් 70 තරගයේදී ටැංගේ ක්‍රීඩාශීලී නොවන හැසිරීම වෙනුවෙන් ඇය තරගයේ නුසුදුස්සෙකු ලෙස තීරණය කෙරුනු අතර මෙයිඩා තරගාවලියේ ඉදිරියට යමින් අවසානයේදී එම අංශයේ ජයග්‍රාහිකාව වුණා.
  • තරගයේ මුල් අවස්ථාවේදී එකිනෙකාගේ ග්‍රහණයෙන් ක්‍රීඩිකාවන් දෙදෙනා වෙන් කිරීමෙන් පසුව මෙයිඩා ඇගේ ඇඳුමේ අත අකුළමින් තරග විනිසුරුට ඇගේ වම් යටි බාහුව පෙන්වා ඇති අතර එහිදී මැණික් කටුවට උඩින් හැපීමක ලකුණක් දිස්ව තිබෙනවා.
  • හැවිරිදි ටැං එම තීරණයට අභියෝග කිරීමට සැරසුන ද, පසුව මෙයිඩා ට අතට අත දී මාධ්‍ය සාකච්ඡාවක් ලබා නොදෙමින් තරගාවලියෙන් පිටව ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):

චීන ජූඩෝ ක්‍රීඩිකාවක වන ටැං ජිං (Tang Jing) ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් කර තිබෙනවා. මීට හේතු වී තිබෙන්නේ ඇය අර්ධ-අවසන් පූර්ව තරගයේ ඇගේ ප්‍රතිවාදිනිය වූ ජපානයේ රින් මෙයිඩා‌ගේ (Rin Maeda) අත හපාකෑමයි.

කාන්තා කිලෝග්‍රෑම් 70 තරගයේදී ටැංගේ ක්‍රීඩාශීලී නොවන හැසිරීම වෙනුවෙන් ඇය තරගයේ නුසුදුස්සෙකු ලෙස තීරණය කෙරුනු අතර මෙයිඩා තරගාවලියේ ඉදිරියට යමින් අවසානයේදී එම අංශයේ ජයග්‍රාහිකාව වුණා.

තරගයේ මුල් අවස්ථාවේදී එකිනෙකාගේ ග්‍රහණයෙන් ක්‍රීඩිකාවන් දෙදෙනා වෙන් කිරීමෙන් පසුව මෙයිඩා ඇගේ ඇඳුමේ අත අකුළමින් තරග විනිසුරුට ඇගේ වම් යටි බාහුව පෙන්වා ඇති අතර එහිදී මැණික් කටුවට උඩින් හැපීමක ලකුණක් දිස්ව තිබෙනවා.

වීඩියෝ පටයෙන් එම අවස්ථාව නැවත පරීක්ෂා කර බැලූ තරග නිලධාරීන් තෙවතාවක ආසියානු ක්‍රීඩා පදක්කම්ලාභී ටැං තරගයෙන් ඉවත් කළා.

31 හැවිරිදි ටැං එම තීරණයට අභියෝග කිරීමට සැරසුන ද, පසුව මෙයිඩා ට අතට අත දී මාධ්‍ය සාකච්ඡාවක් ලබා නොදෙමින් තරගාවලියෙන් පිටව ගියා.

තරග විනිසුරුට මේ සිද්ධිය ගැන කියා සිටීමෙන් පසුව කුමක් සිදුවේවිදැයි තමා තුළ අදහසක් නොතිබූ බව 21 වැනි වියේ පසුවන මෙයිඩා පැවසුවා.

“එය නිතර සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මට මෙය පළමු අත්දැකීම වුණා” යනුවෙන් ඇය කසකස්තානයේ අස්හාර් ආස්ක්හට් පරදවා රන් පදක්කම තහවුරු කර ගැනීමෙන් පසුව සඳහන් කළා.

(සටහන | වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක් | The Leader