දීර්ඝ කාලයක් තිස්සේ මහත් කැපවීමෙන් හා වගකීමෙන් යුතුව රට නියෝජනය කළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක හා ගෝල් රකින්නා වන සුජාන් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් ඔහුගේ සමුගැනීම ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් වෙත ලිපියක් යවමින් සුජාන් ඔහුගේ විශ්‍රාම යාමේ තීරණය නිල වශයෙන් දන්වා තිබෙනවා. ඔහුගේ ක්‍රීඩා දිවිය පුරා ඔහුට ලබා දුන් සහයෝගය හා ධෛර්යයට ඔහු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සහ එහි සභාපතිවරයාට ඔහුගේ කෘතඥතාව එම ලිපියෙන් පළ කර තිබෙනවා.
සමුදීමට විශේෂ උත්සවයක්
ජාත්‍යන්තර පාපන්දුවෙන් නික්ම යන සුජාන් පෙරේරා වෙනුවෙන් විධිමත් ගෞරවයක් පිදීම පිණිස විශේෂ උත්සවයක් ලබන වසරේ මාර්තුවේදී සංවිධානය කරන බව FFSL සභාපති කාර්යාලය නිවේදනය කරනවා.
කොළඹදී ක්‍රීඩා කෙරෙන ජාත්‍යන්තර පාපන්දු තරගයක් අතරතුර පැවැත්වීමට සැලසුම් කරගෙන යන මේ උපහාර උළෙලේදී සුජාන් රට වෙනුවෙන් කළ සේවය හා පාපන්දු ක්‍රීඩකයින්ගේ ඊළඟ පරම්පරාව ප්‍රබෝධමත් කිරීම පිණිස ඔහුගෙන් සිදුවූ දායකත්වය අගැයීමට ලක් කෙරෙනු ඇති.
පුහුණකරුවකු ලෙස නැවතත්!
සුජාන් ට සැපවත් හා සම්පූර්ණ සුවදායක විශ්‍රාම දිවියකට සුබ පතන ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමාර්, මේ ගෝල් රකින්නාගේ පළපුරුද්ද හා දැනුම ශ්‍රී ලාංකික ගෝල් රකින්නන්ගේ ඊළඟ පරම්පරාවට බෙදා දීම පිණිස ගෝල් රැකීමේ පුහුණුකරුවෙකු ලෙස ඉදිරියේදී කටයුතු කිරීම පිළිබඳව සලකා බලන ලෙසට සුජාන්ව ධෛර්යමත් කර තිබෙනවා.
සුජාන් පෙරේරා ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ඉටු කළ ප්‍රශංසනීය සේවයට සිය අවංක ස්තූතිය පළ කරන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ඔහුගේ ජීවන ගමනේ ඊළඟ පරිච්ඡේදය සෑම අතින්ම සාර්ථක වේවායි සුබ පතනවා.
ශ්‍රී ලංකා පාපන්දු නායක ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදෙයි!
Awara
November 17, 2026 • 5:09 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දීර්ඝ කාලයක් තිස්සේ මහත් කැපවීමෙන් හා වගකීමෙන් යුතුව රට නියෝජනය කළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක හා ගෝල් රකින්නා වන සුජාන් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් ඔහුගේ සමුගැනීම ප්‍රකාශ කර තිබෙනවා.
- සමුදීමට විශේෂ උත්සවයක් ජාත්‍යන්තර පාපන්දුවෙන් නික්ම යන සුජාන් පෙරේරා වෙනුවෙන් විධිමත් ගෞරවයක් පිදීම පිණිස විශේෂ උත්සවයක් ලබන වසරේ මාර්තුවේදී සංවිධානය කරන බව FFSL සභාපති කාර්යාලය නිවේදනය කරනවා.
- කොළඹදී ක්‍රීඩා කෙරෙන ජාත්‍යන්තර පාපන්දු තරගයක් අතරතුර පැවැත්වීමට සැලසුම් කරගෙන යන මේ උපහාර උළෙලේදී සුජාන් රට වෙනුවෙන් කළ සේවය හා පාපන්දු ක්‍රීඩකයින්ගේ ඊළඟ පරම්පරාව ප්‍රබෝධමත් කිරීම පිණිස ඔහුගෙන් සිදුවූ දායකත්වය අගැයීමට ලක් කෙරෙනු ඇති.

ක්‍රීඩා සංස්කාරක
ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.
View all stories by වර්නන් ගුණසේකරඅපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


