The Leader News
BREAKING
ඉන්දියාව පාකිස්තානය පරදවා 10 වැනි සාෆ් කුසලානය දිනයි!●විදේශිකයන් 5,000කට වීසා දුන් අබිරහස ගැන විමර්ශන ඉල්ලීම්●ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් පෙනෙන ඖෂධ වෙළෙඳපොළේ තරගකාරී රහස●සිනොපෙක් පසුබෑමෙන් පසු ලංකාවේ බලශක්ති සිතියම වෙනස් වෙයිද?●මීමුරේ ගල්ගුහාවේ සිදුවීම සහ අපයෝජනයෙන් උදම් අනන සමාජය ●ගෝලීය අර්බුද හමුවේ චිලී බැංකු සුරැකීමේ සැලසුම නොවෙනස්ව●අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත රක්ෂිත බන්ධනාගාරයට●2026 බදු ආදායම් ඉලක්කය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කලින්ම පසුකරයි●රාජ්‍ය අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමට විශේෂ පුහුණුවක්●ලෝක බොරතෙල් මිල පහළට: ශ්‍රී ලංකාවටත් සහනයක් ලැබේවිද? | Janath C Perera●
Top Ad
ක්‍රීඩා

ඉන්දියාව පාකිස්තානය පරදවා 10 වැනි සාෆ් කුසලානය දිනයි!

Nethmini

Nethmini

November 18, 2026 • 9:53 AM

ඉන්දියාව පාකිස්තානය පරදවා 10 වැනි සාෆ් කුසලානය දිනයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව ඊයේ රාත්‍රී පාකිස්තානය ගෝල 2-1කින් පරදවමින් දහ වැනි වතාවටත් සාෆ් පාපන්දු කුසලානය දිනා ගැනීමට සමත් වුණා.
  • පාකිස්තානය ලබා ගත් විශිෂ්ට ගෝලයකින් පසුව තරගයේ පළමු භාගය අවසානයේදී ගෝල 1-0කින් පිටුපසින් සිටි ඉන්දියාවෙන් දෙවැනි භාගයේදී ප්‍රදර්ශනය වුණේ සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රීඩාවක්.
  • පළමු භාගයේ පාකිස්තාන ආධිපත්‍යය තරගයේ 19 වැනි මිනිත්තුවේදී පාකිස්තානයට ගෝලයක් ලබා ගැනීමට තිබූ මහඟු අවස්ථාවක් මඟ හැරුණා.
  • වැනි මිනිත්තුවේදී ඉන්දියාව දැල වෙත එල්ල කළ පන්දුව ගෝලයක් බවට පත් නොවී ආරක්ෂා කර ගැනීමට පාකිස්තාන ගෝල් රකින්නා සමත් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාව ඊයේ රාත්‍රී පාකිස්තානය ගෝල 2-1කින් පරදවමින් දහ වැනි වතාවටත් සාෆ් පාපන්දු කුසලානය දිනා ගැනීමට සමත් වුණා.

පාකිස්තානය ලබා ගත් විශිෂ්ට ගෝලයකින් පසුව තරගයේ පළමු භාගය අවසානයේදී ගෝල 1-0කින් පිටුපසින් සිටි ඉන්දියාවෙන් දෙවැනි භාගයේදී ප්‍රදර්ශනය වුණේ සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රීඩාවක්.

පළමු භාගයේ පාකිස්තාන ආධිපත්‍යය


තරගයේ 19 වැනි මිනිත්තුවේදී පාකිස්තානයට ගෝලයක් ලබා ගැනීමට තිබූ මහඟු අවස්ථාවක් මඟ හැරුණා. 34 වැනි මිනිත්තුවේදී ඉන්දියාව දැල වෙත එල්ල කළ පන්දුව ගෝලයක් බවට පත් නොවී ආරක්ෂා කර ගැනීමට පාකිස්තාන ගෝල් රකින්නා සමත් වුණා. පාකිස්තානය දැලේ දකුණු කෙළවරින් ඔවුන්ගේ ගෝලය ලබා ගත්තේ විවේකය සඳහා තරගය නතර කිරීමට මොහොතකට පෙරයි.

තරගයේ පළමු භාගයේ වැඩි වේලාවක් පාකිස්තාන අණසක පැතිරී තිබුණ ද, දෙවැනි භාගයේදී ඉන්දියාව නව ජීවයකින් තරගයට අවතීර්ණ වූවත් 51 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගැනීමට ඔවුන් අපොහොසත් වුණා.

රතු කාඩ්පත සහ තරගයේ තීරණාත්මක හැරවුම

එහෙත්, 59 වැනි මිනිත්තුවේදී පාකිස්තාන ක්‍රීඩකයෙකුට රතු කාඩ්පත පෙන්වීමට පෙර සිටම ඉන්දියානු ආදේශිත ක්‍රීඩකයා දෙවැනි භාගයේදී ඔහුගේ කණ්ඩායමට නව වේගයක් ලබා දෙමින් තිබුණා. තමාගේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයෙකු පිටියෙන් ඉවත් කරනු ලැබීමෙන් පාකිස්තාන කණ්ඩායම සලිතව සිටියදී ඒ මානසිකත්වයෙන් ප්‍රයෝජන ගත් ඉන්දියාව ගෝලයක් ලබා ගෙන තරගයේ සම තත්ත්වයට පිවිසියා.

එතැන් පටන් දිස්වුණේ ඉන්දියානු ආක්‍රමණයයි. ඒ අභියෝගය වළක්වා ගැනීමට පාකිස්තානය කිහිප වරක්ම සමත් වූවත් 88 වැනි මිනිත්තුවේදී ‘කෝනර් කික්’ එකකින් පැමිණි පන්දුවෙන් ගෝලයක් ලබා ගෙන 2-1ක ජයග්‍රහණයකින් වාර්තාගත ලෙස දහ වැනි සාෆ් පාපන්දු කුසලානය දිනා ගැනීමට ඉන්දියාවට හැකිවුණා.



96 වැනි මිනිත්තුවේදී දැල විවෘතව තිබියදී ඉන්දියාව එල්ල කළ පහර පාකිස්තානය වළක්වා ගැනීමට සමත් නොවුණා නම් ජයග්‍රාහී ගෝල පරතරය මීට වඩා වැඩි වන්නට ඉඩ තිබුණා.

ක්‍රිකට් විරසකය පරදා නැඟුණු පාපන්දු මිත්‍රත්වය

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන් නොව දකුණු ආසියානු පාපන්දු තරග බිමේදී ඉන්දියාව කිසිම පැකිළීමකින් තොරව පාකිස්තානය සමඟ තරග ආරම්භයේදී අතට අත දුන්නේ දෙරට අතර ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන විරසකය පාපන්දුවේ නැති බවට ලෝකයට පසක් කරමින්.

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...