The Leader News
BREAKING
මිනිත්තු කිහිපයකින් සංචිත අහිමි වීමේ අවදානමක්? සයිබර් ආරක්ෂාව ගැන රවී ප්‍රශ්න කරයි●ඉන්දියාව පාකිස්තානය පරදවා 10 වැනි සාෆ් කුසලානය දිනයි!●විදේශිකයන් 5,000කට වීසා දුන් අබිරහස ගැන විමර්ශන ඉල්ලීම්●ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් පෙනෙන ඖෂධ වෙළෙඳපොළේ තරගකාරී රහස●සිනොපෙක් පසුබෑමෙන් පසු ලංකාවේ බලශක්ති සිතියම වෙනස් වෙයිද?●මීමුරේ ගල්ගුහාවේ සිදුවීම සහ අපයෝජනයෙන් උදම් අනන සමාජය ●ගෝලීය අර්බුද හමුවේ චිලී බැංකු සුරැකීමේ සැලසුම නොවෙනස්ව●අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත රක්ෂිත බන්ධනාගාරයට●2026 බදු ආදායම් ඉලක්කය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කලින්ම පසුකරයි●රාජ්‍ය අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමට විශේෂ පුහුණුවක්●
Top Ad
පුවත්

ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් පෙනෙන ඖෂධ වෙළෙඳපොළේ තරගකාරී රහස

Nethmini

Nethmini

November 18, 2026 • 9:07 AM

ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් පෙනෙන ඖෂධ වෙළෙඳපොළේ තරගකාරී රහස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෙහෙත් පෙත්තක මිල තීරණය වන්නේ නීති පොතකින් නොවේ.
  • මේ දිනවල සමාජයේ දැඩි අවධානයට ලක්ව ඇති 'ඉමියුනොග්ලොබියුලින්' (Immunoglobulin) නඩු විභාගය හරහාද යළිත් කරළියට පැමිණ ඇත්තේ, මෙරට ඖෂධ වෙළෙඳපොළ තුළ පැවති එම තරගකාරිත්වයේ අඩුව පිළිබඳ කතාවයි.
  • ඕනෑම භාණ්ඩයක සාධාරණ මිලක් තීරණය වන්නේ විවෘත වෙළෙඳපොළ මූලධර්ම මත බව ඔවුන්ගේ අදහසයි.
  • වසර 5ක් ගොඩගැසී තිබූ ඉමියුනොග්ලොබියුලින් අයදුම්පත් රාජ්‍ය අංශයේ ඖෂධ ටෙන්ඩර් ක්‍රියාවලිය දෙස බැලීමේදී පසුගිය දශකයක පමණ කාලය තුළ දක්නට ලැබුණේ සීමිත තරගයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

බෙහෙත් පෙත්තක මිල තීරණය වන්නේ නීති පොතකින් නොවේ. ඒ පිටුපස තිබෙන්නේ සරල ආර්ථික විද්‍යාවකි.

වෙළෙඳපොළ තුළ එකම වර්ගයේ ඖෂධ සපයන සමාගම් කිහිපයක් සිටින විට මිල ඉබේම පහළ බසී. සැපයුම්කරුවන් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට සීමා වූ විට ඒකාධිකාරියක් ගොඩනැගෙයි.

මේ දිනවල සමාජයේ දැඩි අවධානයට ලක්ව ඇති 'ඉමියුනොග්ලොබියුලින්' (Immunoglobulin) නඩු විභාගය හරහාද යළිත් කරළියට පැමිණ ඇත්තේ, මෙරට ඖෂධ වෙළෙඳපොළ තුළ පැවති එම තරගකාරිත්වයේ අඩුව පිළිබඳ කතාවයි.

නඩු විභාගයෙන් මතුවන වෙළෙඳපොළ යථාර්ථය

රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟයක් මතු වූ අවස්ථාවලදී හදිසි මිලදී ගැනීම්වලට යොමු වීමට සිදුවූ පසුබිම පිළිබඳව පසුගිය දිනවල අධිකරණය හමුවේ කරුණු විභාග විය.

එම සිදුවීම් පෙළ දෙස ආර්ථික විද්‍යාත්මක ඇසකින් බලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ වැදගත් කරුණකි. ඕනෑම භාණ්ඩයක සාධාරණ මිලක් තීරණය වන්නේ විවෘත වෙළෙඳපොළ මූලධර්ම මත බව ඔවුන්ගේ අදහසයි.

බලහත්කාරයෙන් මිල පාලනය කිරීම කිසිසේත්ම සාර්ථක විසඳුමක් නොවේ. ගුණාත්මකභාවය පිළිබඳ කිසිදු සම්මුතියකින් තොරව, නව ඖෂධ ලියාපදිංචි කිරීම හරහා වෙළෙඳපොළ තරගකාරී කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන වගකීමකි.

වසර 5ක් ගොඩගැසී තිබූ ඉමියුනොග්ලොබියුලින් අයදුම්පත්

රාජ්‍ය අංශයේ ඖෂධ ටෙන්ඩර් ක්‍රියාවලිය දෙස බැලීමේදී පසුගිය දශකයක පමණ කාලය තුළ දක්නට ලැබුණේ සීමිත තරගයකි.

යුරෝපීය සන්නාමවල මිල අධික වීම නිසා රජයේ ටෙන්ඩර්වලට තරග කිරීමට ඒවාට නොහැකි විය. අඩු මිල පරාසය තුළ සිටියේ සමාගම් එකක් හෝ දෙකක් පමණි.
මේ හේතුවෙන් වසර ගණනාවක් පුරා ඉමියුනොග්ලොබියුලින් සැපයීමේ වැඩි ඉඩකඩ තනි සමාගමක් සතුව පැවතුණි.

2023 වසරේදී කළ නිරීක්ෂණවලදී හෙළි වූයේ, ඉමියුනොග්ලොබියුලින් ලියාපදිංචිය සඳහා වසර 5කටත් පෙර ඉදිරිපත් කළ අයදුම්පත් පවා අනුමත නොවී පැවති බවයි. එම ප්‍රමාදයන් සෘජුවම වෙළෙඳපොළ තරගය සීමා කිරීමට බලපෑවේය.

තරගය ඇරඹුණු පසු මිල අඩකින් පහළට

2023 වසරේදී මෙම අයදුම්පත් 7කට වැඩි ප්‍රමාණයක් තාක්ෂණික ඇගයීමට ලක් කෙරුණි. ඉන් නිෂ්පාදන 4ක් සාර්ථකව ලියාපදිංචිය ලබා ගත්තේය.

කලාපීය වශයෙන් තරගකාරී මිල ගණන් සහිත මෙම නව ඖෂධ වෙළෙඳපොළට පැමිණීමත් සමඟ, පැවති මිල රටාව සම්පූර්ණයෙන්ම වෙනස් විය.

පෙර පැවති මිල:
වසර ගණනාවක් පුරා තනි සමාගමක් ඉමියුනොග්ලොබියුලින් කුප්පියක් (Vial) සැපයුවේ ඇමරිකානු ඩොලර් 130ත් 160ත් අතර මිලකටය.

වත්මන් මිල:
2027 වසරේ ඖෂධ ප්‍රසම්පාදනය සඳහා ඉදිරිපත් වූ නවතම ටෙන්ඩර් අනුව, එම සමාගමම එම ඖෂධය ඩොලර් 80ක් වැනි අඩු මිලකට සැපයීමට එකඟ වී තිබේ.

තරගකාරී සැපයුම්කරුවන් පැමිණීම නිසා පැරණි සැපයුම්කරුටද සිය මිල ගණන් අඩකින් පමණ පහළ දැමීමට සිදුවිය.

ටෙනෙක්ටෙප්ලේස් (Tenecteplase) ඖෂධයෙනුත් ලක්ෂ ගණනක ඉතිරියක්

හෘදයාබාධ සඳහා භාවිත කරන 'ටෙනෙක්ටෙප්ලේස්' (Tenecteplase) ඖෂධය සම්බන්ධයෙන්ද නඩු විභාගයේදී වාර්තා වුයේ මීට සමානම අත්දැකීමකි.

එක් සමාගමක් පමණක් සැපයුම් කළ කාලයේ රුපියල් 250,000ක් වැනි ඉහළ මිලක පැවති එම ඖෂධය, නව සැපයුම්කරුවන්ට අවස්ථාව ලැබීමත් සමඟ රුපියල් 60,000ක් දක්වා පහළ බැස තිබේ.

බිලියන ගණනක මහජන මුදල් රැකගත් තීරණය

අවිද්‍යාත්මක මිල පාලන නීති පැනවීම වෙනුවට නිසි වේලාවට ගත් මෙම වෙළෙඳපොළ තීරණ නිසා රජයට රුපියල් බිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇත.

දේශීය සැපයුම්කරුවන් හරහා ගුණාත්මක නිෂ්පාදන ලියාපදිංචියට උනන්දු කරවීම රටේ ආර්ථිකයට මෙන්ම රෝගීන්ටද සෘජුවම සහනයක් ගෙන දෙයි.

වෙළෙඳපොළ තුළ සාධාරණ තරගයක් නිර්මාණය කිරීම ඒකාධිකාරිය බිඳ දැමීමට ඇති හොඳම විසඳුම බව මෙම දත්ත මගින් යළිත් තහවුරු වී තිබේ.


වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳියක්

ඖෂධ හිඟය මැද ගත් තීන්දුවල වගකීම කාගේද?:
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...