The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සන්සුන්, කාරුණික වෘත්තීය සමිති 'පියතුමෙකුගේ' නික්ම යාම

T

The Leader Desk

May 12, 2022 • 5:10 PM

සන්සුන්, කාරුණික වෘත්තීය සමිති 'පියතුමෙකුගේ' නික්ම යාම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතා සන්සුන්,ඉවසිලිවන්ත, කාරුණික බවින් පිරි ලීනස් සහෝදරයාට එම ගුණාංගයන් පිහිටන්නට ඇත්තේ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයට වඩා පුජක දිවිය ඔස්සේ වෙන්නට හැකි බව මාහට පසක් වුයේ ``කිතුසර කණ්ඩායම``විසින් ලියනු ලැබූ ලියවිල්ලක් නෙත ගැටීමෙන් අනතුරුවයි.
  • සැප්තැම්බර් 24 වැනිදා උස්වැටකෙයියාවේදී මෙලොව එලිය දුටු ලීනස් සහෝදරයා ප්‍රදේශයේ භක්තිමත් කතෝලිකයෙකු වූ ෆ්‍රැන්සිස් ජයතිලකගේ දරුවන් හත් දෙනාගෙන් පස් වැන්නායි.
  • උස්වැටකෙයියාව පාසලෙන් මුලික අධ්‍යාපනයට අත්පොත් තැබු ඔහු 1953 වසරේදී බොරැල්ල ශාන්ත ඇලෝසියස් කනිෂ්ඨ සෙමනේරියට ඇතුල්වුයේ පුංචි බොරැල්ලේ නේවාසිකව වෙසෙමිනුයි.
  • දී මහනුවර අම්පිටිය දෙව්සත් හලට ඇතුල් වෙන්නට ලීනස් සහෝදරයාට මුලිකව බලපෑමක් කර ඇත්තේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ උද්යෝගිමත් නායකයෙකු වූ නෙදර්ලන්ත ජාතික හෙන්ක්ස්ක්‍රාම් පියතුමාගේ ලියවිලි හා දේශනයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඉතා සන්සුන්,ඉවසිලිවන්ත, කාරුණික බවින් පිරි ලීනස් සහෝදරයාට එම ගුණාංගයන් පිහිටන්නට ඇත්තේ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයට වඩා පුජක දිවිය  ඔස්සේ වෙන්නට හැකි බව මාහට පසක් වුයේ ``කිතුසර කණ්ඩායම``විසින් ලියනු ලැබූ ලියවිල්ලක් නෙත ගැටීමෙන් අනතුරුවයි.

වාණිජ හා කාර්මික සේවක සංගමයේ හා එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිත්වය දැරූ, මෙරට වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ සිටී අත්දැකීම් බහුල වැඩිහිටි පරම්පරාව නියෝජනය කළ නායකයෙකු වූ ලීනස් සහෝදරයාගේ පැවිදි හා දේශපාලන දිවිය අලලා සැකසුනු කිතුසර ලියවිල්ලේ අඩංගුව ඇසුරින්, මේ සටහන තබනුයේ ඔහුට පිදෙන උපහාරයක් ලෙසිනි.

22554

1942 සැප්තැම්බර් 24 වැනිදා උස්වැටකෙයියාවේදී මෙලොව එලිය දුටු ලීනස් සහෝදරයා ප්‍රදේශයේ භක්තිමත් කතෝලිකයෙකු වූ ෆ්‍රැන්සිස් ජයතිලකගේ දරුවන් හත් දෙනාගෙන් පස් වැන්නායි.

උස්වැටකෙයියාව පාසලෙන් මුලික අධ්‍යාපනයට අත්පොත් තැබු ඔහු 1953 වසරේදී බොරැල්ල ශාන්ත ඇලෝසියස් කනිෂ්ඨ සෙමනේරියට ඇතුල්වුයේ පුංචි බොරැල්ලේ නේවාසිකව වෙසෙමිනුයි. 1962 දී මහනුවර අම්පිටිය දෙව්සත් හලට ඇතුල් වෙන්නට ලීනස් සහෝදරයාට මුලිකව බලපෑමක් කර ඇත්තේ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ උද්යෝගිමත් නායකයෙකු වූ නෙදර්ලන්ත ජාතික හෙන්ක්ස්ක්‍රාම් පියතුමාගේ ලියවිලි හා දේශනයි.

එම නිසාම ලීනස් සහෝදරයා දෙව්සත්හලේ අධ්‍යනයෙදී සිටියදීම ඔස්කා අබේරත්න පියතුමා නායකත්වය දුන් ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය සමගින් වැඩ කරන්නට විය. 1969 දී පුජකවරය ලැබීමෙන් තරුණ ව්‍යාපාරයන් සමග සමීපව වැඩ කරන්නට පෙළඹෙන එවකට ලීනස් ජයතිලක නම් යොවුන් පුජකයා 1971 තරුණ නැගිටීම වන විට මීගමුව මහ වීදිය මීසම බාර සහායක පියතුමාය.

අගරදගුරු මැදුරට කැඳවූ ඔහුට රහස් පොලීසිය වෙත රැගෙන ගොස් කට උත්තර බඳින්නට වුයේ තරුණයන් සමඟ සමීපව ගනුදෙනු කිරීමේ ප්‍රතිපලයක් ලෙසිනි.ඉන් පසුව ගෙවුණු කාලය තුල කතෝලික සභාව ද ලීනස් ජයතිලක පියනම කෙරෙහි වපර ඇසින් බලන්නට වත්ම 1973 මහ සිකුරාදා දින  පුජක ලෝගුව හැර දමා පීඩිත ජනයා වෙනුවෙන්  පුර්ණකාලීනව අරගල කරන්නට ඔහු තීරණය කෙරිණි.


දේශපාලන දිවිය :

342345

මීගමුවේ කඩ කාමරයක් කුළියට ගෙන එහි පදිංචිවූ ලීනස් සහෝදරයා  විප්ලවාදී කොමියුනිස්ට් සංගමය  [කම්කරු මාවත] සමඟ වැඩ කරන්නට විය. පසුව ඉන් ඉවත්ව ``දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය``ට එක් වූ ඔහු 1979 දී නව සමසමාජ පක්‍ෂය පිහිටවූ අවස්ථාවේදී ඊට සම්බන්ධ විය.

ඊට අනුබද්ධිත වෘත්තීය සමිතියක් වුනු එක්සත් කම්කරු සම්මේලනය ඔස්සේ 1980 ජුලි මහා වැඩ වර්ජනයට දායක වූ ලීනස් සහෝදරයා  වර්ජනය අසාර්ථක වීමෙන් අනතුරුව ``වර්ජකයන් ජිවත් කරවීමේ ව්‍යාපාරය`` ගොඩනගන්නට ද  මහත් කැපවීමක් දැරීය.

1983 දී කළු ජූලිය පිට දමා නව සමසමාජ පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ලංකා කොමියුනිස්ට් පක්‍ෂය තහනම් කිරීමට ජයවර්ධන ආණ්ඩුව ක්‍රියා කරද්දී ඊට එරෙහිව තම පක්‍ෂය හා සෙසු පක්‍ෂවල තහනම ඉවත් කරවා ගැනීමට මුලික වුවන් අතර ලීනස් සහෝදරයාද ප්‍රමුඛයෙක් විය.

ගොවි ව්‍යාපාරය සමඟ එක්වූ ඔහු මහකුඹුක්කඩවල ගොවිපලක් අරඹන්නට පෙරමුණ ගත් අතර එතැන් සිට වැඩි බරක් තැබුවේ ගැමි ගොවි ව්‍යාපාරය කෙරෙහිය. ඉන්දු-ලංකා ගිවිසුම පිළිගත් නිසාවෙන් 88-89 භීම සමයේ ජනතා විමුක්ති පෙරමුණෙන් ආරක්ෂා වීමට ලීනස් සහෝදරයාට සිදු වුවද,ඔහු ඇතුළු නව සමසමාජ පක්ෂයේ ස්ථාවරය වුයේ ජනතා විමුක්ති පෙරමුණ විනාශ නොකළ යුතු බවයි.

එම භීම සමය අවසන ``අතුරුදහන් කළවුවන්ගේ මාපිය දූදරු සංගමය``පිහිටුවන්නටත්, මානව හිමිකම් කඩ කිරීම් ගැන ජිනීවා මානව හිමිකම් සමුළුවට වාර්තා කරන්නටත් මහින්ද රාජපක්‍ෂ හා වාසුදේව නානයක්කර සමඟ ලීනස් සහෝදරයා ද දායක විය.

2009 දී යුද්ධය අවසානයෙන් පසු ඔහු නව සමසමාජ පක්ෂයෙන් ඉවත් වන්නේ උතුරේ අරගලය ගැන පක්‍ෂය දැරූ ස්ථාවරය හා පක්‍ෂ නායකත්වයේ ක්‍රියාකාරිත්වය විවේචනය කරමින්,තවත් දේශපාලන සගයන් කණ්ඩායමක්  හා වෘත්තීය සමිති සම්මේලන සියල්ල ද සමගින් ``වමේ හඬ``නමින් කණ්ඩායමක් ද ගොඩ නගා ගනිමින්ය.

සිය දිවි සැරිය නිමා කරන තෙක්ම ලීනස් සහෝදරයා නොසැලී රැඳී සිටියේ ඒ තුලයි. වෘත්තීය සමිති හරහා කම්කරු පංතිය සමඟ කෙතරම් වැඩ කළද, ලීනස් සහෝදරයාගේ ලැදියාව තිබුනේ ගැමි ගොවි ජනතාව කෙරෙහිය. නාගරික කම්කරුවන් සමග පවත්වන ඕනෑම කතා බහකදී ගොවි ජනතාව සංවිධානය කිරීමේ අවශ්‍යතාව ගැන සඳහනක් නොවරදින බව සෙසු වෘත්තීය සමිති නායකයන් කියා සිටින්නේ ඔහු කෙරෙහි වූ සතුරු ආකල්පයකින් නම් නොවනු නිසැකයි.

කිසිවිටෙක ජාතිවාදීයෙකු, යුදවාදියෙකු නොවුණු ලීනස් සහෝදරයා සිය ජිවිතයම පීඩිත ජනයාගේ නිදහස වෙනුවෙන් කැප කළ වාමාංශිකයන්  අවසන් කිහිපදෙනා අතර ඉදිරියෙන් සිටින්නෙකි.

(ඉෂංඛා සිංහආරච්චි)


සබැඳි ලිපි :

ලීනස් ජයතිලක සහෝදරයා, ඔබට සුවබර නින්දක්

 


Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සන්සුන්, කාරුණික වෘත්තීය සමිති 'පියතුමෙකුගේ' නික්ම යාම | The Leader