The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චීනයේ යටි අරමුණ බුදුදහම දේශපාලනීකරණය කිරීමද ?

T

The Leader Desk

January 23, 2023 • 5:44 PM

චීනයේ යටි අරමුණ බුදුදහම දේශපාලනීකරණය කිරීමද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොබෙල් සාම ත්‍යාගලාභී දලයි ලාමා හිමියන් බුද්ධගයාවට සම්ප්‍රාප්ත විය.
  • එහිදී ජාත්‍යන්තර භික්ෂු හුවමාරු වැඩසටහනක් අතරතුරදී ශ්‍රී ලංකාවෙන් ඊට සහභාගි වූ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විද්වතුන් පිරිසක් මෙම හමුවට එක්වූ අතර එහිදී උන්වහන්සේලා විසින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කර සිටියහ.
  • එයින් නොනැවතී ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පා ප්‍රසිද්ධ ප්‍රකාශයන් කිරීමට ඉදිරිපත් වීම කෙතරම් සදාචාර සම්පන්නද යන්න විමසා බැලිය යුතුය.
  • කොළඹ චීන තානාපති කාර්යාලයේ භාරකාර නිලධාරි හූ වෙයි මහතා ජනවාරි 11 වැනි දින මහනුවරදී සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැක ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයට චීනයේ දැඩි විරෝධය පළ කරන බව පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

නොබෙල් සාම ත්‍යාගලාභී දලයි ලාමා හිමියන් බුද්ධගයාවට සම්ප්‍රාප්ත විය. එහිදී ජාත්‍යන්තර භික්ෂු හුවමාරු වැඩසටහනක් අතරතුරදී ශ්‍රී ලංකාවෙන් ඊට සහභාගි වූ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විද්වතුන් පිරිසක් මෙම හමුවට එක්වූ අතර එහිදී උන්වහන්සේලා විසින් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කර සිටියහ.

මෙය හුදෙක් බෞද්ධාගමික රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය පදනම් කොට සිදු කෙරුණු ආරාධනාවක් පමණක් වන නමුත් මෙම පුවත සැලවීමත් සමඟ වලිගය ගිනිගත් සේ කලබලයට පත්වූ චීනය ඊට එරෙහිව අවි අමෝරාගත් අතර විවිධ පාර්ශ්වයන් වෙත බලපෑම් එල්ල කරමින් මෙම තීරණයට විරුද්ධව ප්‍රසිද්ධ ප්‍රකාශයන් කිරීමට පවා ඉදිරිපත් වීම හාස්‍යයට කරුණකි.

2019 01 02 Bodhgaya gallery GG 05 A733869



චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන හදිසියේ ශ්‍රී ලංකාවට කැඳවා සියම් මහා නිකායේ මල්වතු - අස්ගිරි පාර්ශ්වයේත්, අමරපුර හා රාමඤ්ඤ මහා නිකායේත් මහනායක හා අනුනායක හිමිවරුන් වෙත ගොස් දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරවීමට ක්‍රියාකරවීම චීනය මෙම “දලයි ලාමා භීතිකාව” මගහැර ගැනීමට සිදුකළ ප්‍රථම කාර්යයයි.



මෙය තව දුරටත් ඉදිරියට ගෙන යමින් චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරය නතර කරවීම පමණක් අරමුණ කරගනිමින් ඊට සිය අවධානය ලබා දීම සඳහා මහනුවර හා හොරණ නගරවල ජනතාව ඉලක්ක කර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දෙන ලදී.

එයින් නොනැවතී ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පා ප්‍රසිද්ධ ප්‍රකාශයන් කිරීමට ඉදිරිපත් වීම කෙතරම් සදාචාර සම්පන්නද යන්න විමසා බැලිය යුතුය.

dfsetrt

කොළඹ චීන තානාපති කාර්යාලයේ භාරකාර නිලධාරි හූ වෙයි මහතා ජනවාරි 11 වැනි දින මහනුවරදී සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැක ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයට චීනයේ දැඩි විරෝධය පළ කරන බව පැවසීය.



එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ දලයි ලාමා යනු “සරල භික්ෂුවක්” නොව, 1951 දී චීනය අත්පත් කර ගැනීමට පෙර ටිබෙටයේ පැවති වැඩවසම් සහ දිව්‍යාණ්ඩු ක්‍රමයේ ප්‍රධානියා වූ “බෙදුම්වාදියෙක්” බවය.



එමෙන්ම ඒ මහතා, ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් යනු දිගු කලක් චීන විරෝධී බෙදුම්වාදී ක්‍රියාකාරකම්වල නියැලී සිටින සහ චීනයෙන් ටිබෙටය වෙන් කිරීමට උත්සාහ කරන ආගමික චරිතයක් ලෙස වෙස්වලාගත් දේශපාලන පිටුවහලක් බව පහුගියදා සිය තානාපති කාර්යාලයේදී ප්‍රකාශ කළේය.

මෙය කෙතරම් අශිෂ්ට ක්‍රියාවක්ද ? මෙය කෙතරම් සාහසික ප්‍රකාශයක්ද ? වෙනත් රටකින් පැමිණ තවත් රටක ආගමික කාරණාවක් සම්බන්ධව බලපෑම් කිරීම දියුණු රටක ශිෂ්ටසම්පන්න ක්‍රියාවක්ද ?

එලෙසම මහනුවර දිස්ත්‍රික්කයේ ෆා-ෂියෑන් නම් ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු නෙල්ලිගල විහාරස්ථානයේදී මාධ්‍ය හමුවේ කොළඹ චීන තානාපති කාර්යාලයේ භාරකාර නිලධාරි හූ වෙයි මහතා පවසා සිටියේ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයකින් ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය පළුදු විය හැකි බවයි.



මෙවැනි අඳබාල ප්‍රකාශයන්හි සැඟවුණු අර්ථය ඉතා අඩු බුද්ධි මට්ටමක සිටින්නෙකුට වුවද වැටහෙනවා නොවේද ? මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ප්‍රකාශ හරහා චීන රජය පිළිඹිබු කරනුයේ ඔවුනගේ කුහකත්වයද ? අශිෂ්ටත්වයද ?



එමෙන්ම තම මහනුවර සංචාරයේදී මහා නායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කළ බවත්, ඔවුන් කිසිවෙක් දලයි ලාමාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා නොකළ බවට සහතික වූ බවත් චීන තානාපති කාර්යාලයේ භාරකාර නිලධාරි හූ වෙයි වැඩිදුරටත් සඳහන් කළේය.

මෙය සැබෑවක්ද ? කිසිසේත්ම නැත. ඉන්දියාවේ බුද්ධගයාව බලා පිටත් වූ අප දූත පිරිසේ සිටි ගරුතර සංඝයා වහන්සේලා ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ඇති වැදගත්කම පුන පුනා ප්‍රකාශ කරන අයුරු මාධ්‍ය වාර්තා කළ අතර උන්වහන්සේට මෙරට සංචාරයක් සඳහා ආරාධනා කරන බවද එහිදී අප ගරුතර සංඝයා වහන්සේලා පැවසූහ.

 112882114 dalaiganjgetty19549

මෙවැනි පහත්පළේ ක්‍රියා සිදුකරමින් චීනය “දලයි ලාමා භීතිකාවකින්” කටයුතු කරනුයේ ඇයි ? මේ පිළිබඳව විමසා බැලීම වැදගත්ය.

ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් යනු චීනය පවසන පරිදි බෙදුම්වාදියෙක් නොව, අවිහිංසාවාදී පිළිවෙතක් අනුගමනය කරන, ලොව ප්‍රමුඛතම ආධ්‍යාත්මක නායකයෙක් ලෙස ලොව පුරා බෞද්ධ ජනතාව ඇතුළු සියලු ලෝක වාසීන්ගේ ගෞරව බහුමානයට පත්ව ඇති උතුම් ධර්ම ශාස්තෘවරයෙකි. බෙදුම්වාදී ක්‍රියාකාරකම්වල නියැලී සිටියෙකුට සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගය කිසිදා හිමිවන්නේ නැති බව චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට නොතේරීම චීන රජයේ අවාසනාවකි.



ඈත අතීතයේ සිටම ස්වාධීන රාජ්‍යයක්ව පැවති ටිබෙටයට චීන රජයේ ගිජු දෑස්වල බැල්ම වැටී තිබුණු අතර අද ලංකාවේ ජනතාවට නොමිලේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දෙන අයුරින්ම එදා ටිබෙට් වැසියන් වෙතද මෙම භාණ්ඩ බෙදා දීම පටන් ගැනුණි. ඊට අමතරව චීන හමුදා සාමාජිකයින් ටිබෙටයට පැමිණ කෘෂිකාර්මික කටයුතු සඳහා ටිබෙට් ජනතාවට සහාය වූ අතර මේ සියල්ලේම යටි අරමුණ වූයේ ටිබෙටයේ ජනතාව රවටා ටිබෙටය අත්පත් කරගැනීමයි.



ඒ අනුව යමින් 1950 වසරේදී චීන කොමියුනිස්ට් හමුදා ටිබෙට් දේශය ආක්‍රමණය කළ අතර අනන්ත වූ ලේ වැගිරීම් හා අරගල බහුල කාලපරිච්ඡේදයක් පසුකළ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඇතුළු ටිබෙට් ජනතාව හිමාලය ඔස්සේ අතිශය දුෂ්කර ගමනකින් පසු ඉන්දියාව වෙත සංක්‍රමණය වූ අතර එතැන් සිට සිය ධර්ම ප්‍රචාරක කටයුතු මෙහෙයවීය. චීනය පවසන පරිදි එය දේශපාලන පිටුවහල් කිරීමක් නොව, ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් සිය 80,000ක් පමණ වූ ටිබෙට් ජනතාව සමඟ අවිහිංසාවාදයේ මග ඔස්සේ කරුණාව, මෛත්‍රිය පෙරදැරිව ගිය ගමනකි. උන්වහන්සේගේ හා ටිබෙට් ජනතාවගේ වාසනා මහිමයට එවක ඉන්දීය අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරු මැතිතුමගේ සෙනෙහසේ දෑත් ඔවුන් වෙත දිගු විය.

azsdfsadf

අද වන විට ලෝකයේ බොහෝ රටවල ජනතාව ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ මග අනුව යමින් උන්වහන්සේගේ අනුගාමිකයින් වී ඇති අතර ඒ සඳහා එම රටවල් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ උතුම් වූ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ගෞරව පූර්වක අනුග්‍රහය ලබාදෙමින් සිටී. එහෙත් ඒ සියල්ලෙන් බැහැරව චීනය සිදුකරනු ලබන්නේ ඔවුනට සෘජුවම බලපෑම් කළ හැකි රටවල් වෙත ගොස් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා මෙලෙස ඉතා ප්‍රාථමික මට්ටමේ ක්‍රියා සිදුකරමින් විවිධ වූ බලපෑම් සිදුකිරීමයි. 

Dalai Lama 1671625315

 
එහෙත් චීන රජයට නොතේරෙන එක් කරුණක් අවසානයට සිහිපත් කරමින් මෙම සටහන නිමා කරමි. එනම් සඳුන් වෘක්ෂයක් කපන්න කපන්න එහි සුවඳ තව තවත් වැඩිවන බවය. එලෙසම ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන්ගේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා බාධා, අවහිර සිදුකරන තරමට උන්වහන්සේට ලෝක ජනතාවගේ ඇති ගෞරවාන්විත ආදරය තව තවත් වැඩිවන බවය.

(විශේෂ ලියුම්කරුවකු විසිනි.)


සබැඳි ලිපි :

චීන දහං ගැටය මෙවර හොරණට !

දලයි ලාමාතුමාගේ ශ්‍රී ලංකා සංචාරයට චීනයේ බලවත් විරෝධය

දලයි ලාමා හිමියන්ගේ ලංකාගමනය වැළැක්වීමට චීනයෙන් දහං ගැටයක් !

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...