The Leader News
BREAKING
Top Ad
පුවත්

දලයි ලාමාතුමාගේ ශ්‍රී ලංකා සංචාරයට චීනයේ බලවත් විරෝධය

T

The Leader Desk

January 16, 2023 • 4:22 PM

දලයි ලාමාතුමාගේ ශ්‍රී ලංකා සංචාරයට චීනයේ බලවත් විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ යෙන් අනතුරු අඟවයි.
  • පසුගිය සතියේ මහනුවර දිස්ත්‍රික්කය පුරා සිදුකෙරුනු ෆා ෂියෑන් පුණ්‍ය භාරයේ නවතම අදියර මහනුවර නෙල්ලිගල විහාරස්ථානයේ දී අවසන් කිරීමෙන් පසුව srilankamirror.com හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එබව සඳහන් කර තිබේ.
  • දෙරට අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය මත පදනම් වූවක් බව සඳහන් කර ඇති වැඩ බලන තානාපතිවරයා, යාපනය හෝ මහනුවර ශ්‍රී ලංකාවේ කොටසක් වන්නා ලෙස ම, ටිබෙටයද ස්වාධීන රටක් නොව චීනයේ කොටසක් බව කියා තිබේ.
  • මේ පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වී තිබුණු බවත්, සිය මහනුවර සංචාරයේදී මහා නායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සමඟ මේ ගැන සාකච්ඡා කළ බවත්, ඔවුන් කිසිවෙක් එවැනි සංචාරකයකට ආරාධනයක් සිදුනොකළ බවට සහතික වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ යෙන් අනතුරු අඟවයි.

පසුගිය සතියේ මහනුවර දිස්ත්‍රික්කය පුරා සිදුකෙරුනු ෆා ෂියෑන් පුණ්‍ය භාරයේ නවතම අදියර මහනුවර නෙල්ලිගල විහාරස්ථානයේ දී අවසන් කිරීමෙන් පසුව srilankamirror.com හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එබව සඳහන් කර තිබේ.

දෙරට අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය මත පදනම් වූවක් බව සඳහන් කර ඇති වැඩ බලන තානාපතිවරයා, යාපනය හෝ මහනුවර ශ්‍රී ලංකාවේ කොටසක් වන්නා ලෙස ම, ටිබෙටයද ස්වාධීන රටක් නොව චීනයේ කොටසක් බව කියා තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වී තිබුණු බවත්, සිය මහනුවර සංචාරයේදී මහා නායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සමඟ මේ ගැන සාකච්ඡා කළ බවත්, ඔවුන් කිසිවෙක් එවැනි සංචාරකයකට ආරාධනයක් සිදුනොකළ බවට සහතික වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ටිබෙටය ස්වාධීන රටක් ලෙස නිදහස් කර ගැනීම සඳහා දලයි ලාමා තුමන් විසින් කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා වූ ප්‍රචන්ඩත්වයෙන් තොර මැදිහත් වීම වෙනුවෙන් 1989 දී නොබෙල් සාම ත්‍යාගයද හිමි කර ගෙන තිබේ.
 

 

 

සබැඳි පුවත් :

දලයි ලාමා හිමියන්ගේ ලංකාගමනය වැළැක්වීමට චීනයෙන් දහං ගැටයක් !

 

 

 

JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...