ආධ්‍යාත්මික නායකයෙකු වන දලයි ලාමාතුමාගේ ශ්‍රී ලංකා සංචාරය මගින් චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය පළුදු විය හැකි බවට

කොළඹ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ යෙන් අනතුරු අඟවයි.

පසුගිය සතියේ මහනුවර දිස්ත්‍රික්කය පුරා සිදුකෙරුනු ෆා ෂියෑන් පුණ්‍ය භාරයේ නවතම අදියර මහනුවර නෙල්ලිගල විහාරස්ථානයේ දී අවසන් කිරීමෙන් පසුව srilankamirror.com හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එබව සඳහන් කර තිබේ.

දෙරට අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය මත පදනම් වූවක් බව සඳහන් කර ඇති වැඩ බලන තානාපතිවරයා, යාපනය හෝ මහනුවර ශ්‍රී ලංකාවේ කොටසක් වන්නා ලෙස ම, ටිබෙටයද ස්වාධීන රටක් නොව චීනයේ කොටසක් බව කියා තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වී තිබුණු බවත්, සිය මහනුවර සංචාරයේදී මහා නායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සමඟ මේ ගැන සාකච්ඡා කළ බවත්, ඔවුන් කිසිවෙක් එවැනි සංචාරකයකට ආරාධනයක් සිදුනොකළ බවට සහතික වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ටිබෙටය ස්වාධීන රටක් ලෙස නිදහස් කර ගැනීම සඳහා දලයි ලාමා තුමන් විසින් කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා වූ ප්‍රචන්ඩත්වයෙන් තොර මැදිහත් වීම වෙනුවෙන් 1989 දී නොබෙල් සාම ත්‍යාගයද හිමි කර ගෙන තිබේ.
 

 

 

සබැඳි පුවත් :

දලයි ලාමා හිමියන්ගේ ලංකාගමනය වැළැක්වීමට චීනයෙන් දහං ගැටයක් !

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්