The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මත් රකුසාගෙන් දරුවන් බේරා ගනිමු - (ආචාර්ය නදී දිසානායක)

T

The Leader Desk

January 21, 2024 • 8:17 AM

මත් රකුසාගෙන් දරුවන් බේරා ගනිමු - (ආචාර්ය නදී දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොර රහසේම අප අතරට එකතුවෙමින් තිබෙන විවිධ මත් වර්ග තරුණයින් වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන් ද විනාශ කරයි. මේ නිසා තමදරුවා පාසලට ගියත්, අතිරේක පන්තියකට ගියත්, යහළුවන් සමඟ විනෝද වීමට ගියත්, නිවස තුළ කාමරයට වී තනියම සිටියත් දෙමාපියන් සිටින්නේ බියෙනි.
  • මත් උවදුර හේතුවෙන් ඇතිවන සමාජීය සහ ආර්ථික පරිහානිය අවබෝධකරගත් බලධාරීන් මේ වන විට මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටී.
  • නමුත් ඔබ දැන සිටියාද දෙමාපියන් ලෙස මේ සම්බන්ධයෙන් විශාල මැදිහත් වීමක් ඔබටත් කළ හැකි බව? ළමුන් විවිධ හේතූන් මත මත්ද්‍රව්‍යවලට සම්බන්ධ විය හැකි අතර එය බොහෝ විට පුද්ගල, සමාජීය සහ පාරිසරික සාධකවල සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයකි.
  • තම සම වයසේ මිතුරන් සමඟ එකතු වූ විට එකිනෙකාගේ අත්දැකීම් තමන්ට ද විඳීමට ඇති ආශාව නිසා සමහර දරුවන් මත් ද්‍රව්‍ය අත්හදා බැලීමට යොමුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

හොර රහසේම අප අතරට එකතුවෙමින් තිබෙන විවිධ මත් වර්ග තරුණයින් වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන් ද විනාශ කරයි. 

මේ නිසා තමදරුවා පාසලට ගියත්, අතිරේක පන්තියකට ගියත්, යහළුවන් සමඟ විනෝද වීමට ගියත්, නිවස තුළ කාමරයට වී තනියම සිටියත් දෙමාපියන් සිටින්නේ බියෙනි. කවර මොහොතක මත් රකුසා තම දරුවා බිලි ගනීවිදැයි නිතරම සැකයෙන් සිටින දෙමාපියන් ද තමාගේ දිනපතා කටයුතු නිසියාකාරව කර ගැනීමට හැකි මනසක් නොමැති තත්වයකට පත් වී සිටී. 

addict

දිනෙන් දින වර්ධනය වන මෙම මත් උවදුර සමස්ථ සමාජයටම ගැටළුවකි - තර්ජනයකි. මත් උවදුර හේතුවෙන් ඇතිවන සමාජීය සහ ආර්ථික පරිහානිය අවබෝධකරගත් බලධාරීන් මේ වන විට මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටී. නමුත් ඔබ දැන සිටියාද දෙමාපියන් ලෙස මේ සම්බන්ධයෙන් විශාල මැදිහත් වීමක් ඔබටත් කළ හැකි බව? 

ළමුන් විවිධ හේතූන් මත මත්ද්‍රව්‍යවලට සම්බන්ධ විය හැකි අතර එය බොහෝ විට පුද්ගල, සමාජීය සහ පාරිසරික සාධකවල සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයකි. ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට පෙර ඔවුන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වීමට බලපාන පොදු කරුණු අවබෝධ කර ගැනීම වැදගත්ය.

 93901125 gettyimages 540326658

ළමයින් ස්වභාවයෙන්ම කුතුහලයෙන් සිටින පිරිසකි. මෙම කුතුහලය නිසා ඔවුන් හැමවිටම යම් යම් දේ අත්හදා බැලීමටත් එයින් ලැබෙන ප්‍රතිපල විඳීමටත් ආසාවක් දක්වයි. දරුවන් තුළ මත්ද්‍රව්‍ය භාවිතයේ අවදානම් සහ ප්‍රතිවිපාක පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිකම තවත් හේතුවකි. මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි වීමෙන් කොතෙක් දුරට තමාට හානි සිදුවනවාද කියා දරුවන් තුළ නිසි අවබෝධයක් නොමැත. ඔවුන්ට එය අළුත් දෙයකි. එසේම හිතවතුන් සහ සම වයසේ මිතුරන්ගෙන් ලැබෙන අහිතකර බලපෑම දරුවන්ට මත්ද්‍රව්‍ය අත්හදා බැලීමට ප්‍රබල පෙළඹවීමක් විය හැකිය. තම සම වයසේ මිතුරන් සමඟ එකතු වූ විට එකිනෙකාගේ අත්දැකීම් තමන්ට ද විඳීමට ඇති ආශාව නිසා සමහර දරුවන් මත් ද්‍රව්‍ය අත්හදා බැලීමට යොමුවේ.

drug p

තවත් විටෙක දෙමව්පියන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමුවී සිටීම හෝ දෙමාපියන් තම දරුවන් නොසලකා හැරීම හෝ වැනි පවුල් පරිසර හේතුවෙන් මත්ද්‍රව්‍යවලට දරුවා ගොදුරු විය හැක. තවද යම් සිදුවීම් මුල් කරගනිමින් දරුවන් තුළ ඇතිවන මානසික අවපීඩනය, කාංසාව හෝ කම්පනය වැනි මානසික  අභියෝග සමඟ කටයුතු කිරීමට මාර්ගයක් ලෙස ඔවුන් විසින් මත්ද්‍රව්‍ය තෝරා ගන්නවා විය හැකිය.

සීමිත ආර්ථික අවස්ථා, ඉහළ අපරාධ අනුපාත හෝ අධික මත්ද්‍රව්‍ය අනිසි භාවිතයන් සහිත පරිසරයක ජීවත් වීමෙන් ළමයින් මත්ද්‍රව්‍යවලට නිරාවරණය විය හැකිය. ඇතැම් මාධ්‍ය තුළින් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ කුතුහලය දනවන තොරතුරු එලිකරයි. දරුවා මෙම මාධ්‍යවලට නිරාවරණය වීමෙන් ඔවුන්ගේ සංජානනයට බලපෑම් සිදු විය හැකි අතර අවසානයේ මත්ද්‍රව්‍ය වෙතට ඇදීයාමක් දැකිය හැක.

1531634682030

මත්ද්‍රව්‍ය භාවිතයට හේතුවන සාධක එක් දරුවකුගෙන් තවත් දරුවකුට වෙනස් විය හැක. දරුවකුගේ ජීවිතයේ ධනාත්මක වැඩිහිටි ආදර්ශ හෝ උපදේශකයින් නොමැතිකම තවත් හේතුවකි. ශක්තිමත් උපකාරක සහ සන්නිවේදන පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය පියවර තවමත් මදය. මත්ද්‍රව්‍ය භාවිතයේ අවදානම් පිළිබඳව දරුවන් දැනුවත් කිරීමත් ඔවුන්ට ධනාත්මක විකල්ප ලබා දීමත් අරමුණු කරගත් වැඩසටහන් අඩුය. 

මෙතෙක් අප කතා කළේ දරුවන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමුවීමට හේතුය. එසේනම් ඔවුන් ඉන් මුදා ගැනීමට කුමක් කළ යුතුදැයි දැන් සොයා බලමු. දෙමාපියන්ට මේ සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ හැක. මත් උවදුර නමැති ගැටළුව වැළැක්වීමට සහ විසඳීමට උපකාර කිරීමට දෙමාපියන්ට ඉතා පහසුවෙන් අනුගමනය කළ හැකි උපාය මාර්ග කිහිපයක් පහත සඳහන් වේ.


Group of Children 1024x683
ඔබේ දරුවාගේ සමාජ කවය, ක්‍රියාකාරකම් කරන සහ නිතර ගැවසෙන ස්ථාන පිළිබඳව හොඳින් දැනුවත් වන්න. ඔවුන්ගේ සැලසුම් සහ ඔවුන් සමඟ කාලය ගත කරන පුද්ගලයින් පිළිබඳව නිතිපතා පරීක්ෂා කරන්න. එසේම ඔබේ දරුවාගේ මිතුරන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිළිබඳ විස්තර සොයා දැන ගන්න. හැකිනම් ඔවුන් සමඟ ඔබත් මිත්‍ර වන්න.

පවුලේ බැඳීම් ශක්තිමත් කරන වැඩ පිලිවෙලක් සකස් කර ගන්න. හැකි සෑම විටකදීම එකට එකතු වී ආහාර ගැනීම, එකට එකතු වී ක්‍රීඩා කිරීම, එදිනෙදා විස්තර, සිදුවීම් පවුලේ අය සමඟ එකට වාඩි වී කතා කිරීමට කාලයක් වෙන් කර ගැනීම තුළින් අනවශ්‍ය දේ කෙරෙහි දරුවන් යොමු වීමට තිබෙන ඉඩ සීමා කෙරේ.

දරුවාගේ ගැටළු, අනිසි බිය සහ අත්දැකීම් බාධාවකින් තොරව සාකච්ඡා කිරීමට ඔවුන්ට පරිසරයක් සාදා දෙන්න. එසේම දරුවාට හොඳින් සවන් දෙන්න, ඔවුන්ගේ හැඟීම් සහ අත්දැකීම් විවෘතව කතා කරන්න. දරුවන් සමඟ විවෘත සන්නිවේදන මාර්ග ඇති කර පවත්වාගෙන යාම තුළින් ඔවුන්ගේ සිතට වඩාත් සමීප විය හැකි අතර ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් මනා පැහැදිළි කරදීමක්ද කළ හැකිවේ.

මත් ද්‍රව්‍ය භාවිතයෙන් විය හැකි අයහපත් සෞඛ්‍ය තත්වයන් ගැන දරුවන් සමඟ කතා කරන්න. මෙහිදී මත්ද්‍රව්‍ය භාවිතයේ අවදානම් සහ ප්‍රතිවිපාක පිළිබඳ වයසට ගැළපෙන තොරතුරු සැපයීමට ද සැලකිලිමත් වෙන්න. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ බලපෑම පැහැදිළි කිරීමට සැබෑ ජීවිත උදාහරණ හෝ කථා හෝ භාවිතා කරන්න. දරුවන් බොහෝ විට තම දෙමාපියන්ගේ හැසිරීම වලට අනුව ඔවුන්ගේ හැසිරීම් සකසා ගන්නා බැවින් ඔවුන්ට ආදර්ශයක් ගෙනදෙන ලෙසින් හැසිරීමට කටයුතු කරන්න.

win s
ආතතිය, කාංසාව සහ සම වයසේ මිතුරන්ගේ පීඩනය සමඟ සාර්ථකව ජීවිතයට මුහුණ දෙන්න දරුවා පුරුදු කරන්න. විෂය බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා හෝ විනෝදාංශවලට සහභාගී වී බාහිර පීඩනයන්ට ඔරොත්තු දීමේ හැකියාව දරුවා තුළ ගොඩනැගීමට උදව් වන අතරේ ආත්ම අභිමානය පිළිබඳ හැඟීමක් ද ඇති කරන්න.

දරුවට පවුල තුළ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් තිබෙන අකමැත්ත සහ අප්‍රසාදය පැහැදිලි කර දී වරදක් සිදු වූ විට ලැබෙන දඬුවම සම්බන්ධයෙන්ද කල්තියා දැනුවත් කරන්න. සමහර විට තම දරුවාගෙන් මත් උවදුරට ගොදුරු වූ වෙනත් දරුවකු ගැන විස්තර දැනගැනීමට ලැබුණොත් ඒ පිළිබඳව අදාල පාසල් විදුහල්පති, ගුරුවරු නැතිනම් අනතුරට පත් වූ දරුවාගේ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන්න.

listen

දරුවාගේ මාධ්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම තුළින් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ පණිවිඩ විවේචනාත්මකව ඇගයීමට සහ ඊට ප්‍රතිරෝධය දැක්වීමට දරුවන්ට උදව් කළ හැක. ඔබගේ දරුවා මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වී ඇති බව නිරීක්ෂණය වුවහොත් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු නැතිනම් විශේෂ උපදේශකයෙකු ලවා උපදෙස් ලබා ගැනීමට පසුබට නොවන්න. එවැනි අවස්ථා වලදී ඔබේ දරුවාට නිවැරදි මඟපෙන්වීමේ සහ ඊට වුවමනා සහාය ලබාදීමේ වගකීම පැවරෙන්නේ ඔබටයි.

දරුවන් සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ වීමෙන් සහ වුවමනා මඟ පෙන්වීම් ලබා දීමෙන් මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට සහ සෞඛ්‍ය සම්පන්න ළමා පරපුරක් ගොඩනැංවීමට  දෙමාපියන්ට දායක විය හැක. ඊළඟ පරම්පරාවේ චරිතය, සාරධර්ම සහ කුසලතා හැඩගැස්වීම පමණක් නොව මානසික සහ ශාරීරික මට්ටම ඉහළ නැංවීමේ වගකීමද වැඩියෙන්ම පැවරෙන්නේ දෙමාපියන්ටය.

 


info@nadeed.org


Founder/Secretary - CUP
Senior Commissioner
Inland Revenue, Sri Lanka


සබැඳි ලිපි :

වැඩ කරද්දී වැඩ කරමු - සෙල්ලම් කරද්දී සෙල්ලම් කරමු : (ආචාර්ය නදී දිසානායක)

සෑම දරුවකුම සුවිශේෂයි - (ආචාර්ය නදී දිසානායක)

ළමා ගීතයෙහි නූතන ගමන් මග - (ආචාර්ය නදී දිසානායක)

පොතපත මිනිසා සම්පූර්ණ කරයි - (ආචාර්ය නදී දිසානායක)

නත්තලට පොඩ්ඩන්ට තෑග්ගක් !

දුවා දරුවන් 'වළාකුළු' අතරට ගෙන යන නදී...! - Kids Song (වීඩියෝ )

ආචාර්ය නදී දිසානායක සමඟ පිළිසඳරක්

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මත් රකුසාගෙන් දරුවන් බේරා ගනිමු - (ආචාර්ය නදී දිසානායක) | The Leader