The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

දියුණු රටවල සංවර්ධනයේ රහස - (සාගල රත්නායක)

T

The Leader Desk

July 14, 2024 • 11:01 AM

දියුණු රටවල සංවර්ධනයේ රහස - (සාගල රත්නායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ බුද්ධි ගලනය රටකට පාඩුවක් වුණත් බුද්ධි ජනනය දියුණු රටවලට වාසියක්.
  • ඔවුන් විදේශයන් වල පවත්වන ජනහමු වලදීත් ඒ දියුණු රටවල ඇති පහසුකම්, සංවර්ධනය ගැන දේශන පවත්වනවා.
  • අපේ රට හැදුනේ නැත්තේ පාලකයන්ගේ වැරදි නිසා බව කියනවා.
  • ඒ එක්කම මේ රට ජීවත් වෙන්න හොඳ නැති රටක්, ඒ නිසා රට හැර යාම හැර වෙන විකල්පයක් ජනතාවට නැති බවත් හඟවනවා. මේ නිසා රට ගැන නරක ආකල්පයන් සහ රට හැර යාම ගැන අදහස් ජනතාව තුළ ප්‍රවර්ධනය වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ බුද්ධි ගලනය රටකට පාඩුවක් වුණත් බුද්ධි ජනනය දියුණු රටවලට වාසියක්. ඒ රටවල් තමන්ගේ සංවර්ධනයේ ඉදිරි ගමනට ලෝකය පුරා තියෙන හොඳම මානව ප්‍රාග්ධනය ඇදලා ගන්නවා. මොකද ඒ සඳහා විශාල ඉඩ ප්‍රස්ථාවන් මේ රටවල තියෙන නිසා. 

 

බුද්ධි (ගේ) ගලනය - උදන් ප්‍රනාන්දුසාමාන්‍යයෙන් අද බොහෝ රටවල් මුහුණ දෙන ගැටළුවක් තමයි රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් රට හැර යෑම.

මේ එක්කම අපේ වගේ රටවලින් සංක්‍රමණය වෙන අය තුළ ගොඩනැගෙන ප්‍රශ්නයක් තමයි ඇයි තමන්ගේ රට මේ වගේ දියුණු කරන්න බැරි කියන ප්‍රශ්නය. මේ බොහෝ විදේශ සංක්‍රමණික ජනතාව ඒවගේ දියුණු රටවල සංවර්ධනයේ ප්‍රතිලාභයන් බුක්ති විදිමින් ඒ ගැන මහත් උත්කර්ෂයෙන් වර්ණනයන් වල යෙදීම සිදු වෙනවා. ඒකේ සාධාරණ පදනමක් තියෙනවා. මොකද මේ ගොඩක් අය රට හැර ගියේ ඔවුන් අපේක්ෂා කළ භෞතික දියුණුව, සංවර්ධන මට්ටම, සැප පහසු ජීවිතය, වැඩි ආදායම් සහිත හොඳ රැකියා, හොඳම නිවාස යාන වාහන, ආදිය නියමාකාරයෙන් සපුරාගන්න අපහසු වුණ නිසා. 

බුද්ධි ගලනය : වචනයෙන් වහන රාජ්‍ය සේවයේ කුණු ගොඩ - (කිර්ති තෙන්නකෝන්)මේ නිසා රට ගැන නරක ආකල්පයන් සහ රට හැර යාම ගැන අදහස් ජනතාව තුළ ප්‍රවර්ධනය වෙනවා.

 

කොහොමවුණත් බොහෝ අය කරන ලොකුම චෝදනාවක් තමයි මේ රටේ ක්‍රියාත්මක දේශපාලන ක්‍රමය සහ පාලකයන් මේ රට දියුණු කිරීමට බාධාවක් වුණා කියන එක. අපිට මේ විවේචන සමාජ මාධ්‍යයන් තුළ නිතර දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දේශපාලන පක්ෂ නායකයන් පවා නිතරම මේ විවේචනය මතු කරනවා. ඔවුන් විදේශයන් වල පවත්වන ජනහමු වලදීත් ඒ දියුණු රටවල ඇති පහසුකම්, සංවර්ධනය ගැන දේශන පවත්වනවා. අපේ රට හැදුනේ නැත්තේ පාලකයන්ගේ වැරදි නිසා බව කියනවා. ඒ එක්කම මේ රට ජීවත් වෙන්න හොඳ නැති රටක්, ඒ නිසා රට හැර යාම හැර වෙන විකල්පයක් ජනතාවට නැති බවත් හඟවනවා. 
 

මේ නිසා රට ගැන නරක ආකල්පයන් සහ රට හැර යාම ගැන අදහස් ජනතාව තුළ ප්‍රවර්ධනය වෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන ලෝකයේ දියුණුම රටවල් අත්පත් කරගෙන තිබෙන සංවර්ධනය තත්වයන් ඇතිවෙන්න බලපා තිබෙන සුවිශේෂී සාධක ගැන. ලංකාව වගේ රටක ඉහළ සංවර්ධනයක් ඇති නොවෙන්නත් කාලයකට පෙර ලංකාවටත් වඩා දුර්වල තැනක තිබුණු සමහර රටවල් අද දියුණු වෙන්නත් බලපාපු තීරණාත්මක සාධක තිබෙනවා.  

 

මේ අර්බුදයට ජා.මූ.අරමුදලේ කොන්දේසි හරි යනව ද? - (කුසල් පෙරේරා)අපි අපේ රට, සංවර්ධිත රටවල් එක්ක සංසන්දනය කිරීමක් කළේ නැහැ.

ලංකාව වගේ රටවල් අයත් වෙන්නේ මේ ධනය කේන්ද්‍රගත වුණු අධි සංවර්ධිත රටවල පරිධියේ තියෙන ඌන සංවර්ධිත රටවල් ගනයට. මේ ඇත්ත අපි කාලයක සිට තේරුම් ගෙන තිබුණා. වමේ දේශපාලනය තුළත් දකුණේ දේශපාලනය තුළත් මේක පිළිගත්තා. ඒ මත ඉඳලා තමයි එදා රටේ ආර්ථික දියුණුව අත්පත් කරගැනීමේ ගැන සැලසුම් ප්‍රතිපත්ති ආදිය ගොඩනැඟුනේ. අපි අපේ රට, සංවර්ධිත රටවල් එක්ක සංසන්දනය කිරීමක් කළේ නැහැ. ඒ බොහෝ තීරණ රටක් විදිහට අපිට දැරිය හැකි සීමාව දැනගෙන ගත්ත ඒවා. නමුත් දැන් එය තරමක් අපහසුයි.

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය - ඇසට නොපෙනෙන යෝධයා ( 2 කොටස)රටවල් සංවර්ධනය වීමේ ඓතිහාසික සාධක අපිට වෙනස් කරන්න බැහැ. ඒ සාධක නැවත ඇතිවෙන්නේ නැහැ. නමුත් අලුත් සාධක සහ ශක්‍යතාවයන් අපට තිබෙනවා.

 

ඇරිස්ටෝටල් නම් දාර්ශනිකයා එක් අවස්ථාවකදී කියනවා අතීතයේ කළ දේ දෙවියන්ට වෙනස් කළ නොහැකියි නමුත් ඉදිරියට දේවල් කළ හැකිය කියලා. ඒ වගේම රටවල් සංවර්ධනය වීමේ ඓතිහාසික සාධක අපිට වෙනස් කරන්න බැහැ. ඒ සාධක නැවත ඇතිවෙන්නේ නැහැ. නමුත් අලුත් සාධක සහ ශක්‍යතාවයන් අපට තිබෙනවා. 80 දශකයේ දී පමණ ඌණ සංවර්ධිත රාජ්‍යයයන් සංවර්ධනය කිරීම ගැන වෙනම සාකච්ඡාවක් ගොඩනැඟෙන්නේ ඒ නිසා. 

 

කම්කරු සංක්‍රමණිකයන් 'සංක්‍රමණයේ සංවර්ධන හවුල්කරුවන්' ලෙස හැඳින්වීම !සංවර්ධනයේ මාර්ගය දුෂ්කරයි, සීමාවන් සහිතයි

ලෝකයේ සංවර්ධිතම රටවල් ඒ තැනට පත් වුණේ කාර්මිකරණයේ සංවර්ධනය නිසා. නමුත් එතරම් සංවර්ධනයකට අලුතින් ළඟා වීම, සංවර්ධනය වෙමින් පවතින රටකට මේ වෙනකොට මදක් දුෂ්කර ඉලක්කයක්. මොකද නැවත කාර්මීකරණ විප්ලවයකට යන්න අවශ්‍ය සම්පත් ලෝකයේ හිඟයි. මේ සම්පත් හිඟයකට මේවනවිට මුළු ලෝකයම මුහුණ දෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාස වැනි දේවලින් ලෝකයේ ජීවයට වෙන හානිය වලක්වාගැනීම අරමුණු කරගෙන පනවා ඇති විවිධ අණපනත් හේතුවෙන් කාර්මිකරණය සීමා වෙනවා. ඒ වගේම සංවර්ධිත රාජ්‍යයන් දියුණු වුණේ ඔවුන්ගේ ආධිරාජ්‍යවාදී යුගයන් වල. ඒ යටත් විජිත රටවල ස්වභාවික සම්පත් වගේම ශ්‍රම සම්පතත් අනිසි ලෙස භාවිතා කරමින්. අද එතරම් පහසුවෙන් සංවර්ධන ඉලක්ක කරා ලං වෙන්න එවැනි නීතිවිරෝධී දෙයට දෙයට ලෝකයේ කිසිසේත් ඉඩක් නැහැ. ඉතින් කාටවුණත් සංවර්ධනයේ ඉලක්ක වෙත ළඟා වෙන්නේ බොහෝසේ නීතියට අනුකූලවයි, එනිසාම සංවර්ධනයේ මාර්ගය දුෂ්කරයි, සීමාවන් සහිතයි.

ඒ කේතුමතී පුරයේ වත් පොහොසත්කම් - අපායේ කතාව 6 වැනි පරිච්ඡේදයමෑත කාලයේ සැලකිය යුතු දියුණුවක් අත්පත් කරගෙන තිබෙන සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය වගේ රටවල් බැලුවොත් ඒවා සිදුවන්න බලපෑ භූ-දේශපාලනික කාරණා තිබුණා.

 

ඊට අමතරව මෑත කාලයේ සැලකිය යුතු දියුණුවක් අත්පත් කරගෙන තිබෙන සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය වගේ රටවල් බැලුවොත් ඒවා සිදුවන්න බලපෑ භූ-දේශපාලනික කාරණා තිබුණා. ගෝලීය භූ-දේශපාලන ගැටුම් තුළ මේ ඌණ සංවර්ධිතව තිබු රටවල් කිහිපයකට ලැබුණු අවස්ථාවන් ඒ රටවල් දියුණුව කරා ගෙන ගියා කිව්වොත් නිවැරදියි. උදාහරණයකට දකුණු කොරියාව ගත්තොත් කොරියාව දෙකඩ වීමෙන් පස්සේ දකුණු කොරියාවේ සංවර්ධනයට ඇමරිකාව විශාල ආයෝජනයක් කළා. ඒ සමාජවාදී චීනය සමඟ තිබුණු භූ-දේශපාලනික ගැටුම නිසා. ඒ වගේම මේ රටවල් විදේශ ආයෝජන වෙනුවෙන් වඩාත් විවෘත හා නිර්භාධී ප්‍රතිපත්ති අනුගමනය කළා. මේ නිසා පරිධියේ රටවල් අතරින් දියුණු විය යුත්තේ කුමන රාජ්‍යයද යන්න කේන්ද්‍රයේ රටවලට තීරණය කිරීමේ හැකියාවක් තියෙනවා. 


1948 අපි නිදහස ලබන විට මේ රටට සංවර්ධනය සඳහා අවස්ථාවන් සහ හැකියාවන් තිබුණා. ඒ වෙනකොට දෙවන ලෝක යුද්ධය නිසා ලෝකයේ බොහෝ රටවල් විනාශයන්ට ගොදුරු වෙලා යළි ගොඩනැඟීමේ අවස්ථාවන් දුර්වල වෙලා තිබුණත් ලංකාවට එහෙම හානියක් වෙලා නොතිබීමේ වාසියත් තිබුණා.  ඒත් ඊට බාධා කරන වෙනත් තත්වයන් තිබුණා. ලංකාවේ ඒ වෙන කොට ජනගහනය මිලියන 7 ක් වගේ. ඒත් එයින් සියයට 80 ක් වගේ දරිද්‍රතාවයට පත් වෙලා සිටියේ. ඉඩම් නිවාස අර්බුදයක් තිබුණා. අධ්‍යාපනය, සෞඛ්‍යය ඉතාම පහළ අඩියක තිබුණේ, සාක්ෂරතාව ගොඩක් අඩුයි. ආයු අපේක්ෂාව අවුරුදු පනස් ගනනක්. 

 

තවමත් ජාතිය, ආගම, පක්ෂය වගේ පටු බෙදීම් තුළ හිර වෙලයි අපි රට ගැන හිතන්නේ.

ඒත් දශක 2ක් ඇතුළත ඒ තත්වය සැළකිය යුතු ලෙස වෙනස් වුණා. අපි ඒ වෙනකොට මානව සංවර්ධන දර්ශකයේ ලෝකයේ දියුණුම රටවල තරමට ඉහළම තැනකට ඇවිත් තිබුණේ. සමහර දර්ශක වලින් අපි දෙවැනි වුණේ බ්‍රිතාන්‍යයට විතරයි. අපි සංවර්ධනයේ පියවර ගණනාවක් ඉදිරියට ඇවිත් තිබුණා. ඒත් අපට සංවර්ධනයේ දී මඟ හැරුණ දේ තිබුණා. ඒකට ප්‍රධානතම හේතුවක් වුණේ අපි පුරවැසි පදනම මත ජාතික රාජ්‍යය ගොඩ නඟාගැනීමට අසමත් වීමයි. තවමත් ජාතිය, ආගම, පක්ෂය වගේ පටු බෙදීම් තුළ හිර වෙලයි අපි රට ගැන හිතන්නේ. මේ රටේ ජනතාව තවම ශ්‍රී ලාංකේය පුරවැසියන් බවට පත් වෙලා නැහැ. ඒක ජනතාවගේ වැරැද්දක් නෙවෙයි. රටේ ක්‍රියාත්මක වෙන ජනප්‍රිය දේශපාලනයේ වැරැද්දක්. එකිනෙකා තරගකාරී මැතිවරණ පොරොන්දු දෙමින් ජන කොටස් දිනා ගැනීමට කරන ජනප්‍රිය දේශපාලනය ඇතුළේ සිදුවෙන බෙදීම රටේ අභිවෘද්ධිය පහළට ඇද දාලා තියෙනවා. 

මේ තත්වයන් වෙනස් නොවීම දියුණු රටක් විදිහට අපේ ගොඩනැග්මත් වළක්වලා තියෙනවා. ජනප්‍රියවාදය ඇතුළේ ආර්ථිකයට විසඳුම් දෙන්න යනවා. අනන්‍යතා පදනම් කරගෙන දේශපාලන තීරණ ගන්නවා.  මේවා මැතිවරණ ජයග්‍රහණයට පහසු උපාය මාර්ග වුණත් මේවායෙන් රටක් ගොඩනඟන්න බැහැ. අපේ රටේ පහුගිය යුග කිහිපයක් තියෙනවා මේ ජනප්‍රිය දේශපාලනය නිසා රට ආපස්සට ඇදල දාපු. 

 

ආර්ථික හැකියාව සහ මැතිවරණ පොරොන්දු - ( සාගල රත්නායක)අපිට තවමත් අවස්ථාවන් ඉතිරිව තියෙනවා අපේ රට දියුණු රාජ්‍යයක් විදිහට ගොඩනඟාගන්න

ඒත් අපිට තවමත් අවස්ථාවන් ඉතිරිව තියෙනවා අපේ රට දියුණු රාජ්‍යයක් විදිහට ගොඩනඟාගන්න. අඩුම තරමින් නිදහසෙන් අවුරුදු සියයක් පිරෙන 2048 දී වත් මේක කරගන්න පුළුවන් විය යුතුයි. නමුත් ඒ වෙනුවෙන් එක අරමුණක් පෙරදැරි කරගෙන සමාජය සංවිධානය කිරීමේ අභියෝගය ජයගත යුතුයි. සංවර්ධිත රාජ්‍යයන් බිහිවීම පිටුපස තියෙන තවත් එක රහසක් ඒක. 

සාගල රත්නායක

එජාප ජාතික සංවිධායක
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි 

[උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප ]

 

සබැඳි ලිපි
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දියුණු රටවල සංවර්ධනයේ රහස - (සාගල රත්නායක) | The Leader