The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

සුබසාධන රාජ්‍යයන්වල අවසානය - (සාගල රත්නායක)

T

The Leader Desk

July 21, 2024 • 9:29 AM

සුබසාධන රාජ්‍යයන්වල අවසානය - (සාගල රත්නායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයක කාර්යභාරය වෙන්නේ පුරවැසියන් සියළු දෙනාට සම අවස්ථා අත්පත් කරගැනීමට හැකි වතාවරණයන් හදලා දෙන එක.
  • ඕනෑම රජයක් මුහුණ දෙන අභියෝගයත් මේකයි. මානව අභිවෘද්ධිය සඳහා වන සෑම බුද්ධිමත් සටනකම ප්‍රධාන පරමාර්ථය වී ඇත්තේ පුළුල් වශයෙන් සැමට සම අවස්ථා ලබා දීමයි කියන අදහස අමරිකාවේ හිටපු ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් මහතා 1910 දී විතර අවධාරණය කළා.
  • මේ අදහස 20 වන සියවසේ ආරම්භයේ සිට 1970 පමණ කාලය වන තෙක්ම රාජ්‍ය පාලනයේදී ප්‍රධාන කාරණයක් විදිහට ලෝකය පිළිගත්තා.
  • වගේ කාලයක තමයි ජර්මනියේ චාන්සලර් බිස්මාක් විශ්‍රාම වැටුප් ක්‍රමය, විරැකියාවෙන් පෙලෙන්නන් වෙනුවෙන් අරමුදලක් ඇති කිරීම වැනි දේ සිදු කළේ.
අකුරු ප්‍රමාණය (Font Size):

රජයක කාර්යභාරය වෙන්නේ පුරවැසියන් සියළු දෙනාට සම අවස්ථා අත්පත් කරගැනීමට හැකි වතාවරණයන් හදලා දෙන එක. ඕනෑම රජයක් මුහුණ දෙන අභියෝගයත් මේකයි. 

 


මානව අභිවෘද්ධිය සඳහා වන සෑම බුද්ධිමත් සටනකම ප්‍රධාන පරමාර්ථය වී ඇත්තේ පුළුල් වශයෙන් සැමට සම අවස්ථා ලබා දීමයි කියන අදහස අමරිකාවේ හිටපු ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් මහතා 1910 දී විතර අවධාරණය කළා.

 

roosvelt තියඩෝර් රූස්වෙල්ට්

'' In every wise struggle for human betterment, ‘he argued, ‘one of the man objects" and often the only object, has been to achieve in large measure equality of opportunity'' -Theodore Roosevelt 1910  


ඔහු එදා මේ ප්‍රකාශය කළේ, ලෝකයෙහි පවතින දුප්පත්කම නිසා සෑම දෙනාටම අවස්ථා අහිමි වීමේ ප්‍රශ්නය විසඳාගැනීම වඩා වැදගත් වී තිබුණ නිසයි.

යම් පුද්ගලයෙක් මේ ලෝකයට උපදින්නේ සමාන අවස්ථා සහිතව නෙවෙයි. නමුත් ඒ සියළු දෙනාට තමන්ගේ කුසලතා අනුව සමාන අවස්ථා අත්පත් කරගැනීමේ හැකියාව තිබිය යුතුයි. මේ අදහස 20 වන සියවසේ ආරම්භයේ සිට 1970 පමණ කාලය වන තෙක්ම රාජ්‍ය පාලනයේදී ප්‍රධාන කාරණයක් විදිහට ලෝකය පිළිගත්තා. මේ වෙනුවෙන් රාජ්‍යයන් වැඩ කළා. 1880 වගේ කාලයක තමයි ජර්මනියේ චාන්සලර් බිස්මාක් විශ්‍රාම වැටුප් ක්‍රමය, විරැකියාවෙන් පෙලෙන්නන් වෙනුවෙන් අරමුදලක් ඇති කිරීම වැනි දේ සිදු කළේ. මේ සුබසාධන වැඩපිළිවෙලවල් ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපාර වලට බදු අය කිරීමත් විධිමත් කළා.

35675671909 දී බ්‍රිතාන්‍යය තුළල දේපොළ බදු වැනි දේ හඳුන්වා දුන්නා.

 

1930 දී ඇමරිකාව සමාජාරක්ෂණ වැඩපිළිවෙලක් දියත් කළා. රැකියා නැති අයට මුදල් ප්‍රදානයන් කළා. 1909 දී බ්‍රිතාන්‍යය තුළල දේපොළ බදු වැනි දේ හඳුන්වා දුන්නා. 1945 දී විතර සෞඛ්‍යය, අධ්‍යාපනයල නිවාස වැනි දේ රජය බලාගත යුතුය කියන ප්‍රතිපත්තියට මාරු වුණා. ඒ වෙද්දි ලෝක ආර්ථික අර්බුද, දෙවන ලෝක යුද්ධය ආදිය නිසා ලෝකයේ බොහෝ රටවල ජනතාව විශාල පීඩනයකට ලක්වෙලා රජයන්ගෙන් සහනයන් බලාපොරොත්තුව සිටීමත් මේ ප්‍රතිපත්ති වල සිටීමට එම රජයන්ට බල කරලා තිබුණා. මේ විදිහට 1970 විතර වෙනකම් මේ සුබසාධනවාදී ප්‍රතිපත්තිය තමයි ලෝකයේ බොහෝ රාජ්‍ය අනුගමනය කළේ.

ලංකාව තුළත් 1930 ගණන් ඉඳලම මේ ප්‍රතිපත්තිය ගෙන ගියා. 1942 දී සමාජ සේවා දෙපාර්තමේන්තුව ආරම්භ කළා. 1940 දි විතර නොමිලයේ අධ්‍යාපනය පටන් ගත්තා. නිදහසින් පසුව සමාජ සුබසාධනය වෙනුවෙන් තවත් වැඩපිළිවෙල ගණනාවක් දියත් කළා. නමුත් 1970 පමණ වෙන විට මේ පිළිවෙත අර්බුදයකට ලක් වුණා. ජනගහනයේ වර්ධනය එක්ක පැනනැඟුන විශාල අවශ්‍යතාවයන් ප්‍රමාණයක් සපුරා දෙන එක රජයන්ට අසීරු වුණා. මේ නිසා එතෙක් ලබා දී තිබු සහනයන් එකින් එක කප්පාදු කරන තැනට මේ රටවල් ආවා.  

003රජයේ රොහල් වලින් ප්‍රතිකාර ගන්න සියලු දෙනා ගාස්තු ගෙවිය යුතු බවත් යෝජනා වුණා. 

 

ලංකාවෙත් ඒක ඒ විදිහට සිදු වුණා. 1970 මෙරට තිබුණේ සමාජවාදී ආණ්ඩුවක්. නමුත් ඔවුන්ට සිදුවුණා එතෙක් පැවැති සුබසාධන වැඩපිළිවෙල ගණනාවක් ඉවත් කරන්න, නැතිනම් සීමා කරන්න. 1972 අයවැය යෝජනාවලියේදී මේ සීමාකිරීම විශාලව සිදු කළා. රජයේ රොහල් වලින් ප්‍රතිකාර ගන්න සියලු දෙනා ගාස්තු ගෙවිය යුතු බවත් යෝජනා වුණා. 

මේ කාලයේ ඇමරිකාව වැනි සංවර්ධිත රාජ්‍යයන් පවා මේ අර්බුදයට මුහුණ දුන්නා. සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය සඳහා සම අවස්ථා ලබාදීමෙන් පමණක් තිරසර සුබසාධන තත්වයක් පවත්වාගැනීමට නොහැකි වුණා. විශාල ප්‍රජාවක් වූ අඩු ආදායම්ලාභීන් රැකබලාගැනීමට නොහැකි වුණා. බ්‍රිතාන්‍යය තුළ ශිෂ්‍යාධාර, පාසල් දිවා ආහාර පවා නවතා දැමුනා. පවුලක දරුවන් දෙදෙනකුට වැඩි නම් ඒ බර රජය විසින් දරන ක්‍රමයක් තිබුණත් එයත් අතහැර දමන්නට බ්‍රිතාන්‍යයට සිදු වුණා. නොබෙල් ත්‍යාගලාභියකු වන ” Joseph Eugene Stiglitz ish “People, Power, and Profits” නැමැති කෘතිය මගින් මේ පිළිබඳ විශාල අනාවරණයක් කරලා තියෙනවා. 

මැක්රොන් ප්‍රංශයේ නව ජනාධිපති ලෙස නැවතත් පත්වේප්‍රංශයේ පැවැති මැතිවරණයෙන් එරට බලයේ හිටපු අගමැතිවරයා මුහුණදීමට සිදුවූ පසුබැස්මට ප්‍රධාන හේතුවක් වුණේ රාජ්‍ය ආදායම් ප්‍රශ්නය නිසා එරට සුබසාධන ක්‍රියාමාර්ග සීමාකිරීමට සහ විශ්‍රාම යන වයස් සීමාව ඉහළ දැමීමට රජය ගත් පියවර

 

පසුගියදා ප්‍රංශයේ පැවැති මැතිවරණයෙන් එරට බලයේ හිටපු අගමැතිවරයා මුහුණදීමට සිදුවූ පසුබැස්මට ප්‍රධාන හේතුවක් වුණේ රාජ්‍ය ආදායම් ප්‍රශ්නය නිසා එරට සුබසාධන ක්‍රියාමාර්ග සීමාකිරීමට සහ විශ්‍රාම යන වයස් සීමාව ඉහළ දැමීමට රජය ගත් පියවරයන්. මේ වගේ ගෝලීය තත්වයක් තුළ ලංකාව වැනි රාජ්‍යයකට මේ අභියෝගය ජය ගැනීම ලෙහෙසි දෙයක් නෙවෙයි.

අද ලෝකය පුරාම මේ ප්‍රශ්නය විසඳාගැනීම ගැන සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. ඒ ඔස්සේ රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීමටත්, සමාජයේ ආදායම් විෂමතාවයට පිළියම් සෙවීමටත් වෙලා තියෙනවා. කොහොම වුනත් ඊට සමගාමීව 1970 විතර වෙනකම් රටක් විදිහට අපි අඛණ්ඩව පවත්වගෙන ආපු සුබසාධනවාදී පිළිවෙත් වල වෙනස්වීම් වුණත් අපි ඒවා නවතා දැමුවේ නැහැ. මේ වන විට එදා පැවැතුණාටත් වඩා වැඩි ප්‍රමාණයකින් අපි මේ සුබසාධනයන් කරගෙන යනවා. නමුත් පසුගිය කාලයේ ඇතිවුණු ආර්ථික අර්බුදයන්ට පිළියම් සොයන විට අපිට වැරදුණ තැන් හඳුනාගැනීමක් වුණා. සමහර සුබසාධන පිළිවෙත්වල වරද හඳුනාගෙන තියෙනවා. ඒවා නිවැරදි කිරීම් දැන් කරගෙන යනවා. අස්වැසුම වගේ දැවැන්ත ව්‍යාපෘතිත් ආරම්භ කරලා තියෙනවා.

අස්වැසුම ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්අස්වැසුම වගේ දැවැන්ත ව්‍යාපෘතිත් ආරම්භ කරලා තියෙනවා

 

ඒ වගේම තවත් දශකයකින් දෙකකින් මුහුණ දීමට සිදුවිය හැකි ගැටලුවක් ගැනත් අවධානය යොමු වෙලා තියෙනවා. ඒ රටේ වැඩිහිටි ජනගහනයේ වර්ධනය වීම. විශේෂයෙන්ම මේ රටේ වැඩකරන ජනතාවගෙන් සියයට 60 ක් විතර නිරතව සිටින්නේ අවිධිමත් රැකියාවල. මේ අයට විශ්‍රාම සැලසුමක් නැහැ. මේ නිසා විශ්‍රාම වයසේ දී මේ අයව බලා ගැනීමේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මේ වෙනුවෙන් රජයට විශාල මැදිහත්වීමක් කරන්න වෙනවා. නමුත් දැනට ඒ සඳහා තිරසර වැඩපිළිවෙලකට යොමුව නැහැ.


ඒ වගේම මේ වනතෙක් පවත්වාගෙන ගිය සුබසාධන වැඩසටහන් බොහොමයක්ම නවත්වන්නත් බැහැ. මේ රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි දේට රජය වෙන් කරන මුදල් අඩු බවට චෝදනාවක් තියෙනවා. නමුත් ලෝකය සමඟ සසඳා බැලු විට අපි ඒ පහසුකම් අතින් ඉන්නේ දියුණු රටවල් සමඟ ආසන්න තත්වයක. අපි මේ වෙනුවෙන් දැනටමත් විශාල ප්‍රාග්ධන වියදමක් කරලා තියෙනවා. පුනරාවර්තන වියදම් තමයි අමුතුවෙන් දරන්න වෙන්නේ. ඒත් මේ තත්වයන් තිරසාරව ඉදිරියට කරගෙන යෑමට අභියෝගයක් තියෙනවා. මොකද මේ වෙනුවෙන් රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම අත්‍යාවශ්‍යයි. ඒක කරන්නේ කොහොමද කියන එක ගැන තමා දැන් සාකච්ඡාව තියෙන්නේ.

 

සුවිසල් පරිවර්තන දෙකක් සිදුවන දින කීපයක් -(අජිත් පැරකුම් ජයසිංහ)මේ රටේ ආර්ථිකය වර්ධනය කරගැනීම වෙනුවෙන් මේ වන විට ජනාධිපතිතුමා වැඩසටහන් රැසක් හඳුන්වලා දීලා, ආරම්භ කරලා තියෙනවා.

මේ රටේ ආර්ථිකය වර්ධනය කරගැනීම වෙනුවෙන් මේ වන විට ජනාධිපතිතුමා වැඩසටහන් රැසක් හඳුන්වලා දීලා, ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් වෙත අපි ඉක්මනින්ම වැඩි අවධානයක් දිය යුතුව තිබෙනවා. ජනාධිපතිතුමා ඉලක්කයන් සහිත කාලරාමු සහිත වැඩපිළිවෙල රාශියකට මුලපුරලත් තියෙනවා. මේවා සාර්ථකත්වයට පත්කර ගැනීමත් එක්ක රාජ්‍ය ආදායමෙහි වර්ධනය සිදු වෙනවා. දැනට අපි පවත්වාගෙන යන සුබසාධන ප්‍රතිපත්තිය ඉදිරියටත් තිරසාරව පවත්වාගෙන යෑමට අවශ්‍යම  ක්‍රියාමාර්ගය වන්නේ රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීම පමණයි. ඒ සිදු නොවුණොත් මේ සුබසාධනවාදී රාජ්‍යය පවත්වාගෙන යෑම සිදුකළ නොහැකියි. නමුත් අප රටේ ජනතාවට එවැනි තත්වයකට මුහුණ දීමට සිදුනොවීමට, රජයක් ලෙස ගතහැකි සියලුම පියවරයන්හි ශක්‍යතාවය අත්හදාබැලිමට අපි නොපැකිළෙන බව සඳහන් කළ යුතුයි.  

සාගල රත්නායක
එජාප ජාතික සංවිධායක
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි

[උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප ]
 
සබැඳි ලිපි

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...