The Leader News
BREAKING
මහින්දගේ දේශපාලන චාරිකාව රිදී තිරයට●කස්සප හිමි සිද්ධිය සහ ඥානසාර හිමිගේ නෛතික අර්බුදය ගැන එජාපයෙන් ප්‍රශ්න වැලක්●අග්බෝ සොයන්න හමුදාව; වනඅලි ඝාතන ගැන CID පරීක්ෂණ●කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනාහිමියෝ අපවත් වෙති●අධිකරණ තීන්දුවලට රජය පූර්ණ ලෙස යටත්: ජනපති●30,000ක ගුරු පත්වීම් සහ 17,000ක සම්මුඛ පරීක්ෂණ: ආණ්ඩුව සහ වෘත්තීය සමිති දෙපැත්තක●ප්‍රංශය පුරා ප්‍රචණ්ඩ විරෝධතා: 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට!●මට වුවමනා වුණේ සමාජ ප්‍රශ්න පිළිබඳ මගේ අදහස කියන්න - ලයනල් වික්‍රමආරච්චි (වීඩියෝ)●සර්බියානු ටෙනිස් ක්‍රීඩකයාට වසර 24ක ක්‍රීඩා තහනමක්!●මීගමුවේ ‘අද දුටුවා’ මාළුවාගේ ඇත්ත නම මෙන්න!●
Top Ad
විශේෂාංග

මීගමුවේ ‘අද දුටුවා’ මාළුවාගේ ඇත්ත නම මෙන්න!

මීගමුව පිටිපන ලෙල්ලමට ආ අමුතු මාළුවා හඳුනාගන්න පළපුරුදු ධීවරයන්ටත් බැරිවෙයි; සමාජ මාධ්‍ය කැළඹූ ‘අද දුටුවා’ මාළුවාගේ නියම අනන්‍යතාව සහ විද්‍යාත්මක තොරතුරු මෙන්න.

Pasan

Pasan

October 18, 2026 • 7:27 PM

මීගමුවේ ‘අද දුටුවා’ මාළුවාගේ ඇත්ත නම මෙන්න!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීගමුවේ ධීවරයෝත් නම නොදන්නා මාළුවෙක්!
  • අනතුරුව දකුණු පළාතේ ධීවර කටයුතු පිළිබඳ අත්දැකීම් ඇති මිතුරියකට ද එම ඡායාරූපය යවා මේ මාළුවා හඳුනනවාදැයි විමසුවෙමි.
  • ඡායාරූපයේ දැක්වෙන මසුන් බෝලං සූරයන් හෙවත් විශාල ඇස් සහිත බෝලන් වර්ගයට අයත් මසුන් බව හඳුනාගත හැකිය.
  • මෙම මසුන් ඉංග්‍රීසි භාෂාවෙන් Round Scad හෝ Bigeye Scad යන නම්වලින් හඳුන්වනු ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මීගමුවේ ධීවරයෝත් නම නොදන්නා මාළුවෙක්! පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වූ මේ රසවත් පුවත බොහෝ දෙනකුගේ කුතුහලයට හේතු විය.
මෙරට සුප්‍රකටම ධීවර කලාපය වන මීගමුවේ පිටිපන ලෙල්ලමට ලැබුණු මේ අමුතු මාළුවා දුටු ධීවරයන්ට පවා ඌ හඳුනාගැනීමට නොහැකි වී තිබිණි. ඒ නිසාම ඔවුන් ඌට තාවකාලික සරදම් නමක් ද දී තිබුණි. ඒ ‘අද දුටුවා’ යන්නයි.

මීගමුව යනු මුහුදු මසුන් පිළිබඳ අත්දැකීම් බහුල ධීවර ප්‍රජාවක් වෙසෙන ප්‍රදේශයකි. එමෙන්ම එහි ධීවර තාක්ෂණය ද ඉතා දියුණු ය. එවැනි පළපුරුදු ධීවරයන්ට පවා හඳුනාගත නොහැකි වූ මේ අමුතු මාළුවා කවරෙක්දැයි සොයා බැලීමට මට ද සිත් විය.


දකුණේ මිතුරිය දුන් අපූරු උත්තරය

ඒ අනුව පළමුව මා කළේ එම මාළුවාගේ ඡායාරූපය මාරවිල අවට ධීවර සහෝදරවරුන් කිහිපදෙනකුට පෙන්වා ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසීමයි. එහෙත් එයින් නිශ්චිත පිළිතුරක් ලැබුණේ නැත.

අනතුරුව දකුණු පළාතේ ධීවර කටයුතු පිළිබඳ අත්දැකීම් ඇති මිතුරියකට ද එම ඡායාරූපය යවා මේ මාළුවා හඳුනනවාදැයි විමසුවෙමි.

ඡායාරූපය දුටු ඇයගේ ප්‍රතිචාරය නම් අපූරු ය.

“හත් වලාමේ! මේ ඇස් ගෙඩි බොල්ලෝ නේ! ඔහේලා ඒකවත් දන්නේ නැද්දැයි?” කියමින් ඇය මහ හඬින් සිනාසුණාය.

ඇගේ ඒ පිළිතුරෙන් පසු ‘අද දුටුවා’ යනුවෙන් නම් ලැබූ මාළුවාගේ අනන්‍යතාව පිළිබඳව යම් අදහසක් ලබාගත හැකි විය. ඡායාරූපයේ දැක්වෙන මසුන් බෝලං සූරයන් හෙවත් විශාල ඇස් සහිත බෝලන් වර්ගයට අයත් මසුන් බව හඳුනාගත හැකිය.

මීගමුවේ ධීවරයොත් නම නොදන්නා 'අද දුටුවා' මාළුවාගේ ඇත්ත නම මෙන්න! |  vinivida.lk

ඇස් ගෙඩි බොල්ලෝ


කවුද මේ ‘ඇස් ගෙඩි බොල්ලෝ’?

මෙම මසුන් ඉංග්‍රීසි භාෂාවෙන් Round Scad හෝ Bigeye Scad යන නම්වලින් හඳුන්වනු ලැබේ.

ඒවායේ විද්‍යාත්මක වර්ගීකරණය අනුව Decapterus ගණයට අයත් ඇතැම් විශේෂ මෙන්ම Selar crumenophthalmus විශේෂය ද විශාල ඇස් සහිත සමාන පෙනුමක් ඇති මසුන් අතරට අයත් වේ. කෙසේ වෙතත්, ඡායාරූපයක් පමණක් පදනම් කරගෙන නිශ්චිත විශේෂය තීරණය කිරීම අපහසු විය හැකි ය.

මේ මසුන් හඳුනාගැනීමේදී මුලින්ම ඇසට ලක්වන්නේ ඔවුන්ගේ විශාල ඇස්ය. ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂව විශාල ඇස් පිහිටා තිබීම නිසාම ඇතැම් ප්‍රදේශවල ධීවරයෝ ඔවුන්ට ‘ඇස් ගෙඩි බෝල්ලා’ හෝ ‘ඇස් ගෙඩි සූඩයා’ යන නම් භාවිත කරති.

ඔවුන්ගේ ශරීරය දිගටි, සිලින්ඩරාකාර හැඩයකින් යුක්තය. පිට පැත්ත අළු-නිල් පැහැයක් හෝ රිදී පැහැයක් ගන්නා අතර බඩ පැත්ත වඩාත් දීප්තිමත් රිදී පැහැයකින් යුක්ත වේ. වල්ගය දෙකට බෙදී ඇති අතර ශරීරය හුරුල්ලන්ගේ හෝ සාලයන්ගේ හැඩයට තරමක් සමාන වුවද, සමහර වර්ගවල ශරීරය වඩාත් මහතින් යුක්තව දැකිය හැකිය.


එකම මාළුවාට පළාතෙන් පළාතට නම් කිහිපයක්

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ධීවරයන් අතර මසුන් හඳුන්වන නම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වීම අරුමයක් නොවේ. එකම මාළුවාට එක් ප්‍රදේශයක භාවිත වන නම තවත් ප්‍රදේශයකදී වෙනස් විය හැකිය.

එසේම පෙනුමෙන් සමාන මසුන් වර්ග කිහිපයක් සඳහා ද එකම ජනවහරේ නම භාවිත වන අවස්ථා තිබේ. ‘බෝලං සූඩයා’, ‘බෝලන්’, ‘ඇස් බෝල්ලා’ සහ ‘ඇස් ගෙඩි බෝල්ලා’ වැනි නම් එවැනි ප්‍රාදේශීය ව්‍යවහාරයන්ට උදාහරණ ලෙස දැක්විය හැකිය.

එබැවින් මාළුවකුගේ ජනවහරේ නම දැනගැනීම පමණක් නොව, අවශ්‍ය විට එහි විද්‍යාත්මක අනන්‍යතාව ද තහවුරු කරගැනීම වැදගත්ය.

ඒ කෙසේ හෝ මෙය මීගමුවේ ධීවර ප්‍රජාවට අප කරන සරදමක් නොවේ. ඉන් අප වටහා ගත යුත්තේ මීගමුව අවට මුහුදු කලාපයේ මෙම ඇස් ගෙඩි බෝල්ලන් සුලබව දක්නට නොමැති බව පමණි.

(සටහන | රීටා ජෙනට් පෙරේරා)
නිදහස් මාධ්‍යවේදිනී
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida.lk

රීටා ජෙනට් පෙරේරා

නිදහස් මාධ්‍යවේදිනී

madampagereetajenet@gmail.com

View all stories by රීටා ජෙනට් පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...