BREAKING
Top Ad
පුවත්

කාදිනල් හිමිපාණෝ ජනමත විචාරණයක් ඉල්ලයි: ජනපති රකින්න ආණ්ඩුවේ පක්ෂ 10 ක් එක්වේ

T

The Leader

January 30, 2021 • 10:12 AM

කාදිනල් හිමිපාණෝ ජනමත විචාරණයක් ඉල්ලයි: ජනපති රකින්න ආණ්ඩුවේ පක්ෂ 10 ක් එක්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා හා ආණ්ඩුව අප්‍රසාදයට පත්කරන අභ්‍යන්තර හා බාහිර බලවේගයන්ට එරෙහිව
  •   ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල නිවසේදී අද (ජන 30) පැවති විශේෂ සාකච්ඡාවේදී එම තීරණයට එළඹ තිබේ.
  •   නැගෙනහිර වරාය ජැටිය විදෙස් රටකට විකිණීමේ ක්‍රියාමාර්ගය මුළුමනින්ම පරාජය කිරීමට මෙම පක්ෂනායක හමුවේදී ඒකමතිකව තීන්දුකර ඇත.
  •   ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් මාස ගණනාවකින් නොකැඳවීම සම්බන්ධයෙන් ද මෙහිදී විවේචනයට ලක්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
අත්වැල් බැඳ ගැනීමට ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10 ක් අද දිනයේදී එකඟතාවයට පැමිණ ඇත.
 
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල නිවසේදී අද (ජන 30) පැවති විශේෂ සාකච්ඡාවේදී එම තීරණයට එළඹ තිබේ.
 
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත්, ඊට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණ.
 
1-  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර,
2-  ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් විරවංශ 
3 - පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, 
4 - නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, 
5 - ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, 
6 - ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ, 
7 - ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, 
8 - යුතුකම කවයේ නායක ගෙවිඳු කුමාරණතුංග 
9 - අපේ ජන බල පක්ෂයේ අතුරලියේ රතන හිමි සහ 
10 ලංකා වතු කම්කරු සංගමයේ  නියෝජිතයින්ද
මෙම රැස්වීමට එක්ව සිටියේය.
 
එක්සත් මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්  කිසියම් අසනීප තත්වයක් නිසාත්, ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද යාපනයේ කලින් යොදාගත් අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් නිසාත් මෙම සාකච්ජාවට එක්ව නැතත්, එහිදී ගනු ලැබූ සියලු තීන්දු තීරණවලට එකඟතාවය පළකර තිබේ.
 
නැගෙනහිර වරාය ජැටිය විදෙස් රටකට විකිණීමේ ක්‍රියාමාර්ගය මුළුමනින්ම පරාජය කිරීමට මෙම පක්ෂනායක හමුවේදී ඒකමතිකව තීන්දුකර ඇත.
 
වරාය නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය සමාගමකට සියයට 49 ක කොටස් ලබාගෙන බව  ජනාධිපතිවරයා ලවා ප්‍රසිද්ධ මහජන රැස්වීමකදී ප්‍රකාශ කරවා, ඊට එරෙහිව ජනමතයක් ගොඩනැගෙන විට ජනාධිපතිවරයාව ලවාම එම යෝජනාව හකුලා ගැනීමට සලස්වා ජනාධිපතිවරයා හැල්ලුවට ලක්කිරීම 'හතර දෙනාගේ කල්ලියේ' කුමන්ත්‍රණයක් බව අමාත්‍ය විමල් විරවංශ මෙහිදී පෙන්වා දී ඇත. 
 
ඔහු විසින් 'හතර දෙනාගේ කල්ලිය' ලෙස හඟවා ඇත්තේ, 'බැසිල් -මොරගොඩ - පී.බී - ක්‍රිෂාන් බාලේන්ද්‍ර'  යන සිව්දෙනාවය.
 
ජනාධිපතිවරයා හෑල්ලුවට හා අප්‍රසාදයට ලක්කර, පටු දේශපාලන වාසි අත්කර ගැනීමට ආණ්ඩුවේ ඇතැමුන් දරන උත්සාහය මෙම සාකච්ජාවේදී බරපතල ලෙස විවේචනයට ලක්ව ඇති අතර මින් ඉදිරියේදී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ආරක්ෂාකර කර ගෙන 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරලීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට ද තීන්දු කර තිබේ.
 
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් මාස ගණනාවකින් නොකැඳවීම සම්බන්ධයෙන් ද මෙහිදී විවේචනයට ලක්ව ඇත.
 
එම තත්වය තුල ආණ්ඩුව නියෝජනය කරන ඉහත දේශපාලන පක්ෂ 12, මින් ඉදිරියට වෙනම සංවිධානයක් ලෙස මාසිකව රැස්වීමටත් තීන්දු කර තිබේ.
 
 
ජනමත විචාරණයක් !
 
මේ අතර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසන්නේ, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දිය යුතුම නම් ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි.  
 
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් වරාය වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි හමුවූ අවස්ථාවේ උන්වහන්සේ එබව සඳහන් කළේය.
 
එම සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති අනුරුද්ධ පාදෙනිය කියා සිටියේ උන්වහන්සේගේ ඒම යෝජනාව රජයට දැනුම් දෙන බව තම සංගමයට දැනුම් දුන් බවයි.
 

 

 


 

ක්‍රිකට් බිස්නස් එක ක්‍රිකට් ක්‍රීඩාවක් කරන්නේ මෙහෙමයි !
 
 
 
මැදගොඩ හිමි සර්ට දුන් අලුත්ම පොරොන්දුව! | The Leader TV
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...