BREAKING
Top Ad
පුවත්

හතරදෙනාගේ කල්ලියට එරෙහිව වරාය සේවකයෝ 29 සිට අකුරට වැඩ : මිලියන 15,000ක කොමිස් මුදලක් ගැනත් කතාවක්?

T

The Leader

January 28, 2021 • 1:37 AM

හතරදෙනාගේ කල්ලියට එරෙහිව වරාය සේවකයෝ 29 සිට අකුරට වැඩ : මිලියන 15,000ක කොමිස් මුදලක් ගැනත්  කතාවක්?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනවාරි 29 වන සිකුරාදා සිට වරාය අධිකාරියේ සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීන්දුකර ඇතැයි වාර්තාවේ.
  • ජයසුන්දර සහ ජෝන් කීල්ස් සමාගම බව ඇතැම් වරාය වෘත්තීය සමිති චෝදනා කරති.
  •   ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමේ (John Keells Holdings) වත්මන් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර (Krishan Balendra chairman, JKH)  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර ඇති මිලින්ද මොරගොඩ ගේ මස්සිනා කෙනෙකි.
  •   මේ අතර 'සිරස' රූපවාහිනියේ පැවැති “සටන” දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් වරාය වෘත්තීය සමිති ප්‍රධානියකු වන ශ්‍යාමල් සුවඳරත්න පවසා සිටියේ, මෙම අර්බුදයේ දී වරාය වෘත්තීය සංගම් 23ම එකාවන්ව කටයුතු කරමින් රජයේ තීන්දුවට එරෙහිව කටයුතු කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව පෙරේදා (26) රැස් වූ අවස්ථාවේ දී එම එකඟතාවයකට එළැඹ ඇතැයි පැවසේ.
 
 මේවනවිට නැගෙනහිර පර්යන්තය කොටස් ඉන්දියාවට ලබාදීමේ ජනාධිපතිගේ උත්සාහයට සහය දක්වන්නේ, බැසිල් රාජපක්ෂ, මිලින්ද මොරගොඩ, පී .බී. ජයසුන්දර සහ ජෝන් කීල්ස් සමාගම බව ඇතැම් වරාය වෘත්තීය සමිති චෝදනා කරති.
 
ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමේ (John Keells Holdings) වත්මන් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර (Krishan Balendra chairman, JKH)  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර ඇති මිලින්ද මොරගොඩ ගේ මස්සිනා කෙනෙකි.
 
මේ අතර 'සිරස' රූපවාහිනියේ පැවැති “සටන” දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් වරාය වෘත්තීය සමිති ප්‍රධානියකු වන ශ්‍යාමල් සුවඳරත්න පවසා සිටියේ, මෙම අර්බුදයේ දී වරාය වෘත්තීය සංගම් 23ම එකාවන්ව කටයුතු කරමින් රජයේ තීන්දුවට එරෙහිව කටයුතු කරන බවයි.
 
කොළඹ වරායේ කොටස් විකිනීමට රජය තීන්දු කර ඇති බව අවබෝධවු පළමු මොහොතේම ජනාධිපතිගෙන් සාකච්ජා කිරීම සඳහා අවස්ථාව ඉල්ලා සිටියද තමන්ට එම අවස්ථාව නොලැබුනු බව ඔහු එහිදී සඳහන් කළේය.
 
වරාය සටන ජාතික ප්‍රශ්නයක් බවට පරිවර්තනය කිරීමෙන් පසුව පමණක් ජනාධිපතිවරයා වරාය වෘත්තීය සමිති වලට අවස්ථාව ලබාදුන් බව ද ඔහු පැවසිය.
 
 
 
 
මිලියන 15,000ක කොමිස් මුදලක් ?
 
මේ අතර ආණ්ඩුවට පක්ෂපාති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසන්නේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමෙන් රුපියල් මිලියන 15,000 ක කොමිස් මුදලක් කිසියම් පිරිසක් අතර බෙදා ගැනීමේ සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු තොරතුරු ඇති බවයි.
 
විකිණීම බදුදීම ආයෝජනය කිරීමත් ආදී විවිධ වචන භාවිතා කළ ද මෙහි සිදුවන්නේ එකම ක්‍රියාදාමයක් ඇයි ද උන්වහන්සේ පවසති.
 
මේ සම්බන්ධ වන යෝජනාවලිය සහිත කැබිනට් පත්‍රිකාවට අදානි සමාගම යන නම ඇතුළත් වන කෙසේදැයි දැඩි ප්‍රශ්නයක් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.
 
උන්වහන්සේ එක කාරණා පැවසුයේ, මාධ්‍ය හමුවක් අමතමිනි.
 
 
 

 
සබැඳි පුවත් :
 

 

 

 


 

 

 
රන්ජන් හිරේ දැම්මේ අධිකරණ ක්ෂේත්‍රයේ නිසි කළමනාකරණයක් නැති නිසාද? 
 
 
 
මක්ක කරන්නෙයි, ප්‍රබල ඇමතිට නින්ද නොයන ලෙඩක් !
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...