The Leader News
BREAKING
'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා' තුළින් සමාජය පිටුදකින මිනිසුන්ගේ මනුෂ්‍යත්වය සොයයි●වෙලිංටන් පිටියේදී ඉන්දියාවෙන් ලකුණු 720ක වාර්තාගත ප්‍රහාරයක්!●පිරිසිදු හුස්මත් අපට අහිමි වේද?: වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ කතාව●මරණාසන්න රෝගීන්ට නිහඬ සෙනෙහස පෑ බළල් මිතුරා●ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප●එමිරේට්ස් යන ඔබ දැනගත යුතු ඇඳුම් පැළඳුම් සීමාවන්●උද්වේගය සහ සන්ත්‍රාසය තුළින් ඉතිහාසය වර්තමානයට: 'Uprising'●Diginote - ඩොලර් බිලියනයක විනිමය වංචාවක් හෙළිවේ; SRR අනුපාතය 3% දක්වා ඉහළට●ද්විත්ව පුරවැසියන්ට ජපානයෙන් දැඩි තීරණයක්: එක් රටක් තෝරාගන්න●‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මානෝත්සවය 27වන දා●
Top Ad
ක්‍රීඩා

වෙලිංටන් පිටියේදී ඉන්දියාවෙන් ලකුණු 720ක වාර්තාගත ප්‍රහාරයක්!

Pasan

Pasan

November 22, 2026 • 8:00 PM

වෙලිංටන් පිටියේදී ඉන්දියාවෙන් ලකුණු 720ක වාර්තාගත ප්‍රහාරයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙලිංටන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු සංදර්ශනයක් බවට පත් කළ ඉන්දියා පිතිකරුවන් කඩුලු 9කට ලකුණු 720ක අතිදැවැන්ත මුළු ලකුණු ප්‍රමාණයක් සටහන් කරමින් ඉනිම නතර කළා.
  • ඒ, නවසිලන්තය ලබා ගත් ලකුණු 368ට පිළිතුරු වශයෙන්.
  • රාහුල්ගේ ලකුණු 136 ඔහුව සියලු *SENA රටවල් හතරේදීම (දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසිලන්තය හා ඔස්ට්‍රේලියාව) ටෙස්ට් ශතක වාර්තා කළ පළමු ඉන්දියා ආරම්භක පිතිකරුවා ලෙසින් ඉතිහාසගත කළා.
  • යශාස්වි ජයිස්වාල් ලකුණු 85ක් ද, දෙව්ඩට් පඩික්කල් ලකුණු 80ක් ද, ෂුබ්මන් ගිල් ලකුණු 98ක් ද ලබා ගනිමින් මේ ලකුණු දඩයමට එක්වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙලිංටන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු සංදර්ශනයක් බවට පත් කළ ඉන්දියා පිතිකරුවන් කඩුලු 9කට ලකුණු 720ක අතිදැවැන්ත මුළු ලකුණු ප්‍රමාණයක් සටහන් කරමින් ඉනිම නතර කළා. ඒ, නවසිලන්තය ලබා ගත් ලකුණු 368ට පිළිතුරු වශයෙන්.

රාහුල් සහ පාන්ට් SENA වාර්තා පොත් අලුත් කරති

මේ කාර්යය වැදගත් සන්ධිස්ථානවලින් ද පිරී තිබුණේ කේ.එල්. රාහුල් සහ රිශාබ් පාන්ට් ශතක ලබා ගනිමින් ලකුණු දඩයමේ පෙරමුණ ගෙන සිටියදී පිතිකරු පෙළේ අනෙක් අය ද ඊට දායක වූ බැවින්.

රාහුල්ගේ ලකුණු 136 ඔහුව සියලු *SENA රටවල් හතරේදීම (දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසිලන්තය හා ඔස්ට්‍රේලියාව) ටෙස්ට් ශතක වාර්තා කළ පළමු ඉන්දියා ආරම්භක පිතිකරුවා ලෙසින් ඉතිහාසගත කළා. යශාස්වි ජයිස්වාල් ලකුණු 85ක් ද, දෙව්ඩට් පඩික්කල් ලකුණු 80ක් ද, ෂුබ්මන් ගිල් ලකුණු 98ක් ද ලබා ගනිමින් මේ ලකුණු දඩයමට එක්වුණා.

මේ අතර, පාන්ට් ලකුණු 128ක් රැස් කරමින් SENA රටවල් හතරේදීම ටෙස්ට් ශතක ලබා ගත් පළමු ආසියානු කඩුලු රකින්නා බවට පත්වුණා.

ටෙස්ට් ඉතිහාසයේ පළමු වරට සබඳතා හතක හපන්කමක්

ඉන්දියා අග පෙළ පිතිකරුවන් ද මේ සාදයට එක් වූ අතර අන්ෂුල් කම්බෝජ් ලකුණු 38කින් දායක වුණා. ඉන්දියා පිතිකරුවන් කඩුලු සබඳතා ගොඩනැගීමේ මාර්ග ද සොයා ගත්තේ පළමු කඩුලු හත වෙනුවෙන් එක බැගින් වන පරිදි ලකුණු 50ට වැඩි සබඳතා හතක් වාර්තා කරමින්. මෙතෙක් කිසිම කණ්ඩායමක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මේ හපන්කම ප්‍රදර්ශනය කිරීමට සමත්ව නැහැ.

ඉන්දියාව ඔවුන්ගේ ඉනිම නතර කරන විට ලකුණු 352ක දැවැන්ත පෙරමුණක් ලබා සිටියා. ඔවුන්ගේ මේ ඉනිමේ තරම වඩාත් කැපී පෙනෙන්නේ ඔවුන් මීට පෙර 2020 වසරේදී නවසිලන්තයේ කළ සංචාරය දෙස ආපසු හැරී බලන විටයි. ටෙස්ට් තරග දෙකකින් සමන්විතව තිබූ එම තරගමාලාවේ ඉනිම හතරේදීම ඉන්දියාවට රැස්කර ගත හැකි වුණේ ලකුණු 722ක් පමණයි. මෙවර ඔවුන් එක් ඉනිමකදී පමණක් ඒ ආසන්නයට පැමිණියා.

ඉන්දියාව ඉනිම නතර කරන විට වාර්තා කර තිබූ 720/9 ඕනෑම කණ්ඩායමක් නවසිලන්තයේදී ඉනිමක් තුළ ලබා ගත් ඉහළම මුළු ලකුණු ප්‍රමාණය වනවා. මීට අමතරව එය ඉන්දියා ටෙස්ට් ඉතිහාසයේ තෙවැනියට වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව වනවා.

ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන්

ඉන්දියා කණ්ඩායම වෙලිංටන් හි පෑ දස්කම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඔවුන්ගේ ලකුණු 700ට වැඩි පස් වැනි මුළු ලකුණු සංඛ්‍යාව වනවා. ශ්‍රී ලංකාව එවැනි ඉනිම හතක් වාර්තා කරමින් ඒ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටිනවා. ඉන්දියාව දැන් සිටින්නේ දෙවැනි ස්ථානයේ.

* ශ්‍රී ලංකාව - 7
* ඉන්දියාව - 5
* එංගලන්තය - 4
* ඔස්ට්‍රේලියාව - 4
* බටහිර ඉන්දීය කොදෙව් - 4
* පාකිස්තානය - 2
* නවසිලන්තය - 1

මොනවාද මේ SENA රටවල්?

*SENA රටවලින් අපේක්ෂා කළ හැකි වන්නේ තණකොළින් පිරුණු තණතීරු, ශීත දේශගුණයක් සහ වේග පන්දු යවන්නන්ට හිතකර තත්ත්වයන්, වේගී බවුන්ස් වීම් හා පන්දුව දෝලනය වීමක්. මේ තණතීරු දකුණු ආසියාවේ තිබෙන වියළි, පන්දුව දඟ කැවෙන තණතීරුවලට වඩා වෙනස් බැවින් එම රටවල සංචාරය කර ජයග්‍රහණ ලැබීම ඉන්දියා උපමහාද්වීපික කණ්ඩායම් පරීක්ෂාවට ලක් කරන ප්‍රධාන කාරණාවක් වනවා. SENA යනු මේ රටවල් හතර එකම සමූහයකට ඇතුළත් කිරීම පිණිස උපමහාද්වීපයේ මාධ්‍ය හා ක්‍රීඩා ලෝලීන් නිර්මාණය කර ගත් නිල නොවන ලේබලයක්.

(සටහන - වර්නන් ගුණසේකර)

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...