BREAKING
Top Ad
පුවත්

නීතිපතිට නොදුන් පාස්කු වාර්තාවේ වෙළුම් 22 ආරක්ෂක මණ්ඩලයට

T

The Leader

March 4, 2021 • 10:25 PM

නීතිපතිට නොදුන් පාස්කු වාර්තාවේ වෙළුම් 22 ආරක්ෂක මණ්ඩලයට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිපතිවරයා වෙත ලබා දී නොමැති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ
  •   එම ප්‍රධානීන් සාකච්ඡා කිරීමෙන් පසු එම කොටස් ඉදිරියේ දී නීතිපතිවරයා වෙත ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔහු කීයා සිටියි.
  •   ඔහු එබව සඳහන් කර ඇත්තේ, පාස්කු කොමිසන් වාර්තාවේ වෙළුම් 22ක් නීතිපතිවරයා වෙත ලබාදුන් නොදීමට හේතුව පිළිබඳව සති අන්ත 'අනිද්දා' පුවත්පත කළ විමසීමකදී පිළිතුරු දෙමිනි.
  •   එම වෙළුම් 22 හි ජාතික ආරක්ෂාවට බලපාන කරුණු ඇතුළත් බව වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී ජනාධිපති කොමිසමේ සමාජිකයන් දැනුම්ද දුන් තිබූ බව නීතිඥ හරිගුප්තා රෝහණධීර පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
වෙළුම් 22 පිළිබඳව ඉදිරියේදී ආරක්ෂක මණ්ඩලය සහ ආරක්ෂාවට අදාළ රජයේ ප්‍රධානීන් තීන්දුවක් ගනු ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීර පවසයි.
 
එම ප්‍රධානීන් සාකච්ඡා කිරීමෙන් පසු එම කොටස් ඉදිරියේ දී නීතිපතිවරයා වෙත ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔහු කීයා සිටියි.
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ, පාස්කු කොමිසන් වාර්තාවේ වෙළුම් 22ක් නීතිපතිවරයා වෙත ලබාදුන් නොදීමට හේතුව පිළිබඳව සති අන්ත 'අනිද්දා' පුවත්පත කළ විමසීමකදී පිළිතුරු දෙමිනි.
 
එම වෙළුම් 22 හි ජාතික ආරක්ෂාවට බලපාන කරුණු ඇතුළත් බව වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී ජනාධිපති කොමිසමේ සමාජිකයන් දැනුම්ද දුන් තිබූ බව නීතිඥ හරිගුප්තා රෝහණධීර පවසයි.
 
එම නිසා ජාතික ආරක්ෂාවට බලපාන එම කොටස් හැර ඉතිරි කොටස් නීතිපතිවරයා වෙත ලබා දුන් බව ඔහු සඳහන් කරයි.
 
ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් වන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසකි.
 
ජාතික ආරක්ෂාවට සංවේදී වෙළුම් 22 ක් නීතිපතිවරයා වෙත භාර නොදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න පැවසුවාය.
 

 
 
සබැඳි පුවත් :
 

 

 


 

මව්බිම ඉඹපු බොරු දේශප්‍රේමය රටට කරන දේ... 

 

ජනාධිපති කොමිසන් සභා අමූලික බොරුවක්! නාමල් රාජපක්ෂ ඇත්ත හෙළිකරයි. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...