The Leader News
BREAKING
කොළඹ ආයෝජන සමුළුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?●මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●
Top Ad
පුවත්

පෙර පාසල් අධ්‍යාපනයේ නියමු තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුම

T

The Leader Desk

August 18, 2025 • 5:40 AM

පෙර පාසල් අධ්‍යාපනයේ නියමු තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරටට ජපන් පෙර පාසල් අධ්‍යාපනය හඳුන්වා දුන් තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුම ජපානයේ සහ ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකකදී මහත් අභිමානවත්ව පැවැත්විණි.
  • මෙරට ජපන් සම්ප්‍රදායේ පෙරපාසල් රැසක් ආරම්භ කිරීමට සහ දුෂ්කර ගම්මාන රැසක් සංවර්ධනය කිරීමට ජපාන දානපතියන් සමඟ එක්ව සහයෝගය ලබාදුන් තකිකෝ යෝෂිඩා මැතිනියට1991 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකා රංජන ජනාධිපති සම්මානය පිරිනමන ලදී.
  • එම සම්මානය ලද ප්‍රථම සහ එකම විදේශීය කාන්තාව යොෂීඩා මැතිනිය යි.1908 දී උපත ලද යොෂීඩා මැතිනිය වසර 2000 දී අභාවප්‍රාප්ත වූවා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙරටට ජපන් පෙර පාසල් අධ්‍යාපනය හඳුන්වා දුන් තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුම ජපානයේ සහ ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකකදී මහත් අභිමානවත්ව පැවැත්විණි.

ජපානයේ පවතින ඉතාමත් නිවැරදි සහ දියුණු පෙර පාසල් අධ්‍යාපන  ක්‍රමය  මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියා වන බානගල උපතිස්ස නා හිමියන්ට ඒ සඳහා ජපානයේ දී උසස් අධ්‍යාපනය ලබා දී, 1979 දී මෙරට ජපන් සම්ප්‍රදායේ ප්‍රථම පෙරපාසල වන සපුගස්කන්දේ යොෂීඩා ෂෝකන්ජි පෙර පාසල ආරම්භ කිරීමට මුල් වූ ජපානයේ තකිකෝ යෝෂිඩා මැතිනියගේ 117 ජන්ම දින සමරුව පසුගියදා (16) ජපානයේ සවරා ලංකා ජී විහාරයේ දී සහ සපුගස්කන්ද අබේසේකරාරාම විහාරයේ දී පැවැත්විණි.

ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී  ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ලංකා ජී විහාරයේ දී පැවති සමරු පුණ්‍ය මහෝත්සවය  සඳහා යොෂීඩා ජාත්‍යන්තර පාස‍ලේ සහ යොෂීඩා පෙර පාසලේ දරුවන්, එම දරු දැරියන්ගේ දෙමාපියන් සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගිත්වය ද ලැබුණි.

මෙරට ජපන් සම්ප්‍රදායේ පෙරපාසල් රැසක් ආරම්භ කිරීමට සහ දුෂ්කර ගම්මාන රැසක් සංවර්ධනය කිරීමට ජපාන දානපතියන් සමඟ එක්ව සහයෝගය ලබාදුන් තකිකෝ යෝෂිඩා මැතිනියට1991 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකා රංජන ජනාධිපති සම්මානය පිරිනමන ලදී. එම සම්මානය ලද ප්‍රථම සහ එකම විදේශීය කාන්තාව යොෂීඩා මැතිනිය යි.1908 දී  උපත ලද යොෂීඩා මැතිනිය වසර 2000 දී අභාවප්‍රාප්ත වූවා ය.

 

celebration

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...