The Leader News
BREAKING
හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●
Top Ad
පුවත්

ජනාධිපති ධුර අර්බුදය - නීතිපති මතය මෙන්න

T

The Leader Desk

July 11, 2022 • 6:53 PM

ජනාධිපති ධුර අර්බුදය - නීතිපති මතය මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිපති මතය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත දන්වා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
  • අදාළ කාරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා නීතිපතිවරයාගෙන් කළ විමසීමකට අනුව නීතිපතිවරයා සිය මතය දන්වා එවා ඇත.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1)ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මියගියහොත්, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත්, ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකු ව සිටීම නතර වුවහොත් ජනාධිපති ධුරය හිස් වේ.
  • ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපති ධූරය හිස් වුවහොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතරින් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කළ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිපති මතය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත දන්වා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

අදාළ කාරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා නීතිපතිවරයාගෙන් කළ විමසීමකට අනුව නීතිපතිවරයා සිය මතය දන්වා එවා ඇත.

ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් වරයාට දන්වන ලද නීතිපති මතය මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1)ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මියගියහොත්, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත්, ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකු ව සිටීම නතර වුවහොත් ජනාධිපති ධුරය හිස් වේ.

එසේම ජනාධිපති ධුරයේ හිස් වන තවත් අවස්ථා තුනක් ද එම අනු ව්‍යවස්ථාව  යටතේ දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාවේ හිස් වූ ජනාධිපති ධුරය අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගන්නා ආකාරය සඳහන් කර ඇත.



ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපති ධූරය හිස් වුවහොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතරින් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කළ යුතුය. එසේ පත්වන  ජනාධිපතිවරයා ධුර කාලයෙන් ඉතිරි කාලය සඳහා පමණක් ධුරය දැරිය යුතුය.



# එම තෝරා ගැනීම ජනාධිපති ධුරය හිස් වී මාසයකි ගතවීමට ප්‍රථම සිදුකළ යුතුය. ඒ සඳහා රහස් ඡන්දයක් පවත්වා වැඩි ඡන්දයෙන් තෝරා පත් කළ යුතුය.

# ජනාධිපති ධුරය පුරප්පාඩු වූ දා සිට නව ජනාධිපතිවරයකු පත් වන තාක් අතරතුර වූ කාලය තුළ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බලනු ඇත.

# පත්වූ නව ජනාධිපතිවරයා එවිට අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු වන කෙනෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුතුය.

මෙම කාරණයේදී 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනත ද අදාළ වන බව නීතිපතිවරයා විසින් පෙන්වා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1) අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය හිස් වූ වහාම ජනාධිපතිවරණ පනතේ තෙවන වන වගන්තිය ක්‍රියාත්මක වේ. ඒ අනුව ජනාධිපති ධූරය හිස් වූ පසු දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුව රැස් කළ යුතුය.

එසේ පාර්ලිමේන්තුව රැස්වූ විට දී ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතුය.

ඒ රැස්වීම් දිනයේ සිට පැය 48කට කලින් නොවන්නාවූ සහ දින හතකට පසු නොවන්නා වූ දිනයක තමා විසින් නාමයෝජනා බාර ගනු ලබන දිනයක් හා වේලාවක් නියම කළ යුතුය.

එසේම මෙම  කාරණයේ දී ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම යන අංක 7 දරණ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයටද නීතිපතිවරයා විසින් අවධානය යොමු කරන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.


සබැඳි පුවත් :
ජනපති ‌තෝරන දින නියම වෙයි


 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...