The Leader News
BREAKING
Top Ad
පුවත්

OMP ලොක්කා කී 'කවුරුත් අතුරුදහන් නෑ' කතාවට උතුරෙන් බැට

T

The Leader Desk

October 30, 2022 • 12:40 PM

OMP ලොක්කා කී 'කවුරුත් අතුරුදහන් නෑ' කතාවට උතුරෙන් බැට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය චෝදනා කර තිබේ.
  • දින 2075 කට වැඩි කලක් සිය ආදරණියන්ට යුක්තිය පතා අඛණ්ඩ අරගලයක නිරත එම සංවිධානය වව්නියාව සටන් බිමේ සිට නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා, වන සංරක්ෂණ, වනජීවි දෙපාර්තමේන්තු සහ මහවැලි අධිකාරිය මෙන් මෙම කාර්යාලය ද දෙමළ ජනයා මර්දනය කරන තවත් සිංහල ආයතනයක් බවයි.
  • අතුරුදහන් කළ තැනැත්තන්ගේ කාර්යාලයේ ප්‍රධානි මහේෂ් කටුලන්ද විදෙස් පුවත් ඒජන්සියකට පවසා තිබුනේ මුල්ලිවයික්කාල් හි යුද්ධයේ අවසන් දින කිහිපයේ හමුදාවට බාර වුවන් කිසිවකු අතුරුදහන් වී නොමැති අතර, එසේ පැවසීමට අදාළ සාක්ෂි කිසිවක් නොමැති බවයි.
  • මෙම පිරිස් කොටි සංවිධානය හා ඔවුන්ට එරෙහි කණ්ඩායම් විසින් පැහැර ගෙන ගොස් අතුරුදහන් කර ඇතැයි OMP සභාපති කටුලන්ද පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය චෝදනා කර තිබේ.


දින 2075 කට වැඩි කලක් සිය ආදරණියන්ට යුක්තිය පතා අඛණ්ඩ අරගලයක නිරත එම සංවිධානය වව්නියාව සටන් බිමේ සිට නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා, වන සංරක්ෂණ, වනජීවි දෙපාර්තමේන්තු සහ මහවැලි අධිකාරිය මෙන් මෙම කාර්යාලය ද දෙමළ ජනයා මර්දනය කරන තවත් සිංහල ආයතනයක් බවයි.


අතුරුදහන් කළ තැනැත්තන්ගේ කාර්යාලයේ ප්‍රධානි මහේෂ් කටුලන්ද විදෙස් පුවත් ඒජන්සියකට පවසා තිබුනේ මුල්ලිවයික්කාල් හි යුද්ධයේ අවසන් දින කිහිපයේ හමුදාවට බාර වුවන් කිසිවකු අතුරුදහන් වී නොමැති අතර, එසේ පැවසීමට අදාළ සාක්ෂි කිසිවක් නොමැති බවයි.


මෙම පිරිස් කොටි සංවිධානය හා ඔවුන්ට එරෙහි කණ්ඩායම් විසින්  පැහැර ගෙන ගොස් අතුරුදහන් කර ඇතැයි OMP සභාපති කටුලන්ද පවසා තිබේ. ඔහු සඳහන් කරන්නේ රජයේ හමුදා විසින් පොදු ජනයා 60,000 ක් බේරා ගත් බවකි.


කරන ලද විමර්ශනවලදී හෙළිවූ තොරතුරු අනුව අතුරුදහන් කළ බවට සඳහන් 50 දෙනකු විදේශ රටවල ජිවත්වන බවද OMP සභාපති සඳහන් කර ඇත.


උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් ජී. රාජ්කුමාර් සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ ආණ්ඩුව විසින්  OMP කාර්යාලය පිහිටුවීමේදී තම සංවිධානය එය ප්‍රතික්ෂේප කළ බවයි.

 

නිමල්කා ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් දකුණේ රාජ්‍ය නොවන සංවිධාන ඊට සහාය දුන් අතරේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත විමර්ශන ගෙන යාමේ උද්ඝෝෂණ ව්‍යාපාරය අත්හල දෙමළ ජාතික සන්ධානයේ  මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ද OMP පිහිටුවීමට සහාය දුන් බව අතුරුදහන්කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් රාජ්කුමාර් සිහිපත් කරයි.

 

ශ්‍රී ලංකා රාජ්‍ය දෙමළ ජනයා සංහාරයක් නොකළ බවට OMP සභාපතිගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින්  2011 වසරේ නිකුත් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවෙන් තහවුරු කරන ලද වැරදි විමර්ශනය කළහොත් යුද අපරාධ, මනුෂත්වයට එරෙහි අපරාධ වලට ලංකා රජයේ හමුදා වගකිව යුතු බවට මානව ඔප්පු වන බව අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.


OMP කාර්යාලය මෙන්ම ඔවුන්ගේ ප්‍රකාශ ද ප්‍රතික්ෂේප කරන අතුරුදහන් කළවුන්ගේ ඥාතින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් හා අනෙකුත් බලවත් රටවල් වලට කියා සිටින්නේ ලංකා ආණ්ඩුවට මුල්‍ය ආධාර ලබා දීම දෙමළ ජන සංහාරයට ඔක්සිජන් ලබා දීමක් වැනි බවයි.  


ස්වර්ගස්ථ මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් උගත් පාඩම් හා සංහිඳියා (LLRC)කොමිසමට දුන් ලිඛිත ප්‍රකාශයට අනුව උතුරේ යුද මුක්ත කලාපයට ඇතුල් වු සහ යුද්ධයෙන් පසු ඉන් පිට වු පිරිස අතර වෙනස 147600 ට ආසන්නයි.


OMP ආරම්භක සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පිරිස් ප්‍රකාශ කළ පරිදි අතුරුදහන් වුවන්ගේ සංඛ්‍යාව විසි දහසක් පමණ වන අතර ඉන් බහුතරයක්ම රජයේ හමුදාවන්ට බාර වුවන් ය.



සබැඳි පුවත් :
හමුදාවට බාරවූ කවුරුත් අතුරුදහන් නැතැයි OMP සභාපති කී කතාව 'බයිලා'




 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...