The Leader News
BREAKING
IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●සාලයේ ටීවී එකෙන් පැතිරෙන අලුත්ම AI අවදානම●කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●
Top Ad
පුවත්

ගෝඨාභය සමාව දුන් යුද භටයකු විසින් මරා දමන ලද අටක් සැමරේ

T

The Leader Desk

December 20, 2022 • 3:36 PM

ගෝඨාභය සමාව දුන් යුද භටයකු විසින් මරා දමන ලද අටක් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමූහඝාතනය කරන ලද දෙමළ අට දෙනකු උතුරේදී අනුස්මරණය කර තිබේ.
  • පස් හැවිරිදි ළදරුවකු ඇතුළු ඝාතනයට ලක් වු දෙමළ අට දෙනා මිරුසුවිල් පල්ලිය ඉදිරිපිටදී දෙසැම්බර් 20 වැනි අගහරුවාදා අනුස්මරණය කර ඇත්තේ ඔවුන්ගේ පවුල් වල ඥතීන් විසිනි.
  • කේ සිවාජිලිංගම්, චාවකච්චේරිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බව පළාත් බද මාධ්‍යවේදීන් වැඩි දුරටත් සදහන් කරයි.
  • ඔහු රාජකාරි කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ආරක්ෂක ලේකම්ද අණදෙන නිලධාරීන් ලෙස සේවය කළ ගජබා රෙජිමේන්තුවේයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සමූහඝාතනය කරන ලද දෙමළ අට දෙනකු උතුරේදී අනුස්මරණය කර තිබේ.

පස් හැවිරිදි ළදරුවකු ඇතුළු ඝාතනයට ලක් වු දෙමළ අට දෙනා මිරුසුවිල් පල්ලිය ඉදිරිපිටදී දෙසැම්බර් 20 වැනි අගහරුවාදා අනුස්මරණය කර ඇත්තේ ඔවුන්ගේ පවුල් වල ඥතීන්  විසිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම්, චාවකච්චේරිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බව පළාත් බද මාධ්‍යවේදීන් වැඩි දුරටත් සදහන් කරයි.

xzzdf

vbxcvb


ඥානපාලන් රවිවීරන්, සෙල්ලමුත්තු දේවකුලසිංහම්, විල්වරාජා ප්‍රදීපන්, සින්නයියා විල්වරාජා, නඩේසු ජෙයචන්ද්‍රන්, කදීරන් ඥානචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් ශාන්තන් සහ පස් හැවිරිදි විල්වරාජා යාපනයේ මිරුසුවිල් හිදී 2000 දෙසැම්බර් 19 දා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබූ එකම හමුදා නිලධාරියා වුයේ  රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකයි.

ඔහු රාජකාරි කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ආරක්ෂක ලේකම්ද අණදෙන නිලධාරීන් ලෙස සේවය කළ ගජබා රෙජිමේන්තුවේයි.



එල්ලුම් ගසට නියම වී සිටි රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 වසරේ මාර්තු මාසයේදී නිදහස් කර ගෙදර යැව්වේ දෙමළ අට දෙනා යාපනයේ මිරුසුවිල් හිදී 2000 දෙසැම්බර් 19 දා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ලබා දුන් දඬුවම, 2019 වර්ෂයේ අප්‍රේල් මස, බුවනෙක අලුවිහාරේ, නලින් පෙරේරා, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන හා මුර්ධු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සනාථ කර තිබියදීය.



ඔහු නිදහස් කර යැවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ජාත්‍යන්තර බලවතුන්ගේ දැඩි හෙලා දැකීමට ලක්වු  අතර නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින ලාංකික සංවිධාන 22 ක් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දී තිබුනේ ඕනෑම අපරාධයක් කරන හමුදා නිලධාරීන්ට ගැලවී යා හැකි බවට බිය ජනක පනිවිඩයක් ජනාධිපති විසින් සමාජගත කරනු ලැබ ඇති බවයි.

 

         

 

සබැඳි ලිපියක් :

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ යුක්තියක් නැති බව අප විසින්ම ලෝකයාට කියා සිටීම -ගාමිණි වියන්ගොඩ

 

  

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...