The Leader News
BREAKING
Top Ad
පුවත්

මොරටුව දිසා විනිසුරු තිළිණ ගමගේගේ සේවය යළිත් අත්හිටුවයි

T

The Leader Desk

August 2, 2025 • 3:54 PM

මොරටුව දිසා විනිසුරු තිළිණ ගමගේගේ සේවය යළිත් අත්හිටුවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
  • ඔහුට අදාළව ඇති විෂමාචාර චෝදනා පිළිබඳ මේ වනවිට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරමින් පවතින විමර්ශනයක් හේතුවෙන් මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇති අතර දින 21තුළ කරුණු දක්වන ලෙස ඊයේ (01) මහේස්ත්‍රාත්වරයා වෙත අධිකරණ සේවා කොමිසම ලිඛිතව දැනුම් දී ඇත.
  • අලි ජාවාරම් සම්බන්ධව ඔහු කටයුතු කර ඇති ආකාරය පිළිබඳව මෙම විමර්ශන සිදු කරන අතර, පසුගිය ජුනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිලිණ ගමගේට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර තිබිණ.
  • තිලිණ ගමගේ කූඨ ලෙස සකස් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම තුළින් පොදුදේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අධිචෝදනා 25ක් යටතේ නීතිපතිවරයා විසින් නඩුකරයක් ගොනු කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඔහුට අදාළව ඇති විෂමාචාර චෝදනා පිළිබඳ මේ වනවිට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරමින් පවතින විමර්ශනයක් හේතුවෙන් මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇති අතර දින 21තුළ කරුණු දක්වන ලෙස ඊයේ (01) මහේස්ත්‍රාත්වරයා වෙත අධිකරණ සේවා කොමිසම ලිඛිතව දැනුම් දී ඇත.

අලි ජාවාරම් සම්බන්ධව ඔහු කටයුතු කර ඇති ආකාරය පිළිබඳව මෙම විමර්ශන සිදු කරන අතර, පසුගිය ජුනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිලිණ ගමගේට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර තිබිණ.

තිලිණ ගමගේ කූඨ ලෙස සකස් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම තුළින් පොදුදේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අධිචෝදනා 25ක් යටතේ නීතිපතිවරයා විසින් නඩුකරයක් ගොනු කර තිබිණ.

තිලිණ ගමගේට එරෙහිව අලි පැටවෙකු නීතිවිරෝධීව ළඟ තබාගැනීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබුණු අතර, 2015 මැයි මාසයේදී එම අලි පැටවා වනජීවී දෙපාර්තමේන්තුවට යළි බාරදෙනු ලැබිය.

එහිදී අධිකරණ සේවා කොමිෂන් සභාව 2016 මැයි මාසයේදී එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු ලෙස කටයුතු කළ තිලිණ ගමගේගේ වැඩ තහනම් කරනු ලැබිය.  

2019 නොවැම්බර් 07 වැනිදා තිලිණ ගමගේ සහ චන්ද්‍රරත්න බණ්ඩාර යටවර ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග ඉදිරියේ චෝදනා ගොනු කරනු ලැබු අතර, ඉන් අනතුරුව තිලිණ ගමගේට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කිරීමේදී ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් 2021 දෙසැම්බර් 16 වැනිදා තිලිණ ගමගේව චෝදනාවලින් නිදහස් කරනු ලැබිය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...